X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


හදන්න බැරි පුතාට අම්මාගෙන් යස පාඩමක්

මව ලබාදුන් ඔත්තුවක් මත ගංජා අලෙවි කළ පුතෙකු ගංජා මිලිග‍්‍රෑම් දොළොස්දහසක් සමඟ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම පොලිසිය පවසයි. සැකකරු 29 හැවිරිදිය. ඔහු වැලිගම මදුරාගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු ගංජා ජාවාරම පමණක් නොව, ගංජා ඉරීමට ද තදින්ම ඇබ්බැහි වූවකු බව පොලිසිය කියයි. මේ කටයුතු නවතා දමන ලෙසට මව තදින්ම අවවාද කර ඇතත්, එයින් ඵලක් වී නොමැත.

මේ නිසා තම පුතුට නීතිමය දඬුවමක් ලබාදී හෝ යහමගට ගැනීමට තීරණය කර පොලිසියට දන්වා තිබිණි. සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ටී.එච්.ඞී.එම්. ලසන්ත බුද්ධික මහතාගේ උපදෙස් අනුව දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ.එම්.පී.පී.කේ. අබේසුන්දර, පොලිස් කොස්තාපල් ඞී.ඩබ්. සේපාල (59770) මහත්වරුන් විසිනි.

සැකකරු මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වැලිගම පොලිසිය කටයුතු කරගෙන යයි.



අදහස් (0)

හදන්න බැරි පුතාට අම්මාගෙන් යස පාඩමක්

දුල්මි Friday, 25 December 2015 08:35 AM

මේ අම්මාට සමාජයේ ආචාරය ලැබිය යුතුය. එක ස්ත්‍රී දුෂණයක් පුතා කලවිට බොරු සාක්කි දී ඔහු එයින් ගලවා ගෙන තව අපරාධ වලට මග සාදන අම්මලා ඉන්න අද සමාජයේ මේ අම්මා කාන්තා රත්නයකි. (අ)

:       0       0

පැරකුම් Friday, 25 December 2015 09:06 AM

මීළඟට අපට අහන්න වෙන ප්‍රවුර්තිය " පුතා අතින් මව ඝාතනය වේ " (අ)

:       0       0

රූපවති Friday, 25 December 2015 11:38 AM

මවගේ ක්‍රියාව ප්‍රසංසා කල යුතු වුවත්... අද සමාජයේ දරුවන් වල්මත්වී ඇති හැටි දැක්කාම ..ඒ අම්මගේ මාරයා ඒ ගංජා පුතා නොවේද? කියල හිතෙන විට ..ලංකාව සම්පුර්නම තවත් එක්තරා විශාල මහනුවරක් කියා සිතෙන්නේ ..බය සැක ජීවිතේ කොතෙක් නම් අවිනිශ්චිතද යන හැගීමෙන් ..? (අ)

:       0       0

ජයන්ත Friday, 25 December 2015 11:55 AM

මේ අම්ම මේ සත්කාර්යය කලේ උතුම් පැතුම් හිතේ රුවාගෙන නිසා පුතා උනත් නිවිහන්හිල්ලේ හිතයි මගේ අම්ම මාව යහමගට ගන්න නේද මේක කලේ කියල ! ඒ නිසා අම්මට වෛර කරන එකක් නැහැ , (කෞ)

:       0       0

ප්‍රසාද් Friday, 25 December 2015 03:42 PM

අම්මා ඔත්තුව දුන්න බව ප්‍රසිද්ද කිරීම මෝඩ වැඩක්. මේ කොල්ලට ඇප ලැබුනම ගෙදර ඇවිත් අම්මව මරන්නත් බැරි නැහැ. ගංජා ගහපු පුතෙකුගෙන් මිට වඩා හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද?අපරාදේ අම්මව තව තවත් කරදරේ වැටෙනවා. (කෞ)

:       0       0

මිතුන් Friday, 25 December 2015 04:44 PM

මේ පුතා හිරෙන් එලියට එනකොට හොද නරක තේරුම් අරන් තියේවි. (ර)

:       0       0

ජයරත්න Saturday, 26 December 2015 03:08 AM

ඒ මව කළ ක්‍රියාව අගය කළයුතුයි. නමුත් අපි එම සිද්ධිය අගින් පමණක් අල්ලාගෙන පූර්ණ නිගමන දීම වැරදියි. මේ පුතා උපන් දා සිට බහ තෝරන විය, පාසැල් විය යොවුන් විය ආදී සියල්ල ගතකර ඇත්තේ මේ මව සමඟ නොවේද? කුඩා කල සිටම ඔහුව යහමඟට ගැනීමට හැකියාවක් නොතිබුනිද? (නි)

:       0       0

අරුණ Saturday, 26 December 2015 03:57 AM

ජයන්ත විදිහට හිතන්න පුරුදු වෙන්න. (නි)

:       0       0

සලීත් Saturday, 26 December 2015 06:43 AM

අපේ මිනිස්සුන්ට මොනවා වෙලාද මන්ද. හිතන්නෙම මහා පටුවිදියට. ඒ අම්මාට සමාජයේ ආචාරය ලැබිය යුතුයි. (ස)

:       0       0

චන්න Saturday, 26 December 2015 07:37 AM

ප්‍රසාද් කියනදේ සහතික ඇත්තෙකි. (ස)

:       0       0

පුබුදු Wednesday, 30 December 2015 06:20 AM

මින්පසු අපිට මේ පුතා ගැන කුමක් අහන්න ලැබෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site