(බුලත්සිංහල විශේෂ - ලක්මි -කුඩලිගම)
ත්‍රිරෝද රථ රියැදුරකු තමාට එන කුලී ගමන් හදිසියකදී තම මිතුරාට දුන් විට කපටිකමින් එය සදහටම අයිති කරගත් පුවතක් පස්දුන් කෝරලයේ පිටිසර ගමකින් වාර්තා විය.
එකම ගමේ ත්‍රිරෝද රථ රැකියාවේ නියුතු ගජ මිතුරන් දෙදෙනෙකි. එක් මිතුරෙකු සාධාරණ ලෙස රැකියාව කළත් අනෙක් මිතුරාගේ හයර්වල ගණන් ටිකක් සැර වැඩිය. ඒ නිසා සාධාරණ මිතුරාට වැඩිපුර ගමන් ලැබුණත් අනෙකාට ලැබෙන්නේ ටිකක් අඩුවෙනි. සාධාරණ මිතුරා පිළිබඳව පොඩි තරහක් අනෙකා තුළ ඇතත් ඒ බවක් ඔහු සාධාරණ මිතුරාට ඇඟෙව්වේ ද නැත.
විශ්‍රාම ලත් ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ ටියුෂන් මහත්තයා මුදල් පිළිබඳව ටිකක් කෑදර කුකුල් කේන්තිකරුවෙකි. ඒ හේතුවෙන් අසල්වැසි ගමක ආරම්භ කළ ටියුෂන් පන්තියට යන්නේ සාධාරණ මිතුරාගේ ත්‍රීරෝද රථයෙනි. ඒ නිසාම ඔහුට ටියුෂන් මහතා පවසා ඇත්තේ නියමිත වෙලාවට තමා පන්තියට රැගෙන යන්නට දිනපතා පැමිණෙන ලෙසය.
දිනක් සාධාරණ මිතුරා රෝගියෙකු රැගෙන රෝහලට ගියත් නැවත පැමිණීම ප්‍රමාද විය. එදිනට නියමිත ටියුෂන් මහතාගේ හයර් එක සිහියට ආවේය. ඔහු තම මිතුරා වූ අනෙකාට දුරකතන ඇමතුමක් ගත්තේය.
“අනේ මචං අදට විතරක් ටියුෂන් මහත්තයත් එක්ක පන්තියට ගිහින් ඒක ඉවර වුණාම මහත්තයාව ගෙදරට ඇරලවපන් මන් වෙනුවෙන්” කීය. “හරි මචං” කියූ කපටි මිතුරා එදින ඒ කටයුත්ත තිතට කළේය.
ගමන අවසන් කළ ටියුෂන් මහත්තයා රියැදුරා නවකයකු නිසා ‘කීයද පුතා ගාන’
කියා විමසීය. මඳක් කල්පනා කළ රියැදුරා “ඉන්න සර්” කියා තම මිතුරාට දුරකතනයේ ස්පීකර් ක්‍රියාත්මක කර ටියුෂන් මහතා ඉදිරිපිටම දුරකතන ඇමතුමක් ගත්තේය. “මචන් හරි. වැඬේ කළා. ගාන අහනවා බං. උඹ නිසා වැඩිය කියන්නත් බැහැනේ. මේකට කීයද්ද ගන්නේ” යැයි විමසීය. “රුපියල් හත්සිය පනහක් ගනින් ඇතිනේ” යැයි සාධාරණ මිතුරා කිය. “උඹට පිස්සුද බං. මේ පොඩි වෙලාවට රුපියල් හත්සිය පනහක් ගන්නේ. ඔන්න ඔය රුපියල් හත්සිය විසිපහක් දෙන්න සර්” කියා දුරකතනය විසන්ධි කළේය.
පසුදින ද සාධාරණ මිතුරා ටියුෂන් ගුරුවරයා සොයා නියමිත වෙලාවට නිවසට ගියේ ඔහුගේ ගමන යාමටය. ගුරුවරයා නිවසේ පෙනෙන්නට නොසිටි නිසා ඔහුගේ බිරිඳගෙන් විමසූ විට කියා ඇත්තේ තම මිතුරා සමග දැනට සුළු වේලාවකට ප්‍රථම පන්තියට ගිය බවයි. සුසුමක් හෙලූ සාධාරණ මිතුරා සිදුවී ඇති දේ පිළිබඳව කල්පනා කරමින් නැවත ආවේ දැන් ඉතින් වෙන අතක් බලාගත යුතු යැයි සිතමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හදිසියට අත දීලා: මිතුරාගේ පොකට්ටුවට හැමදාටම තට්ටුවෙලා