X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


හදිසියට වෙලාව ඇහුවාම වෙන ඔරලෝසුවකින් බලාගන්න කියලා

ඔහු පෞද්ගලික අංශයේ කාර්යාලයක සේවය කරන ලිපිකරුවෙකි. ඔහු නිවසේ සිට ගල්ඔය හන්දියට පැමිණි බස්රථයේ නැගීම පුරුද්දක් කර ගෙන සිටියේය. හන්දියේ හෝටලයට ගොඩ වී කිරි තේ කෝප්පයක් බී හන්දියට වී බස්රථයක් එන තෙක් බලා සිටීමද ඔහුට  පුරුද්දක් වී තිබිණ.

උදේ වරුවේ නියමිත වේලාවට දිනපතාම පැමිණෙන බසයට නැග ඔහු යයි. එම බස්රථය තම හිතවතෙකුගේ නිසා ඔහු වෙනත් බස්රථයක යන්නේ කලාතුරකිනි.

පුරුදු වේලාවට හන්දියට පැමිණි ඔහු නිතර යන බස්රථය එදින පැමිණියේ නැත. ඔහු ටික වේලාවක් බලා සිටියේය. ඔහු අත ඔරලෝසුවක් හෝ ජංගම දුරකතනයක්ද නොවීය.

 කාර්යාලයට යා යුතු වේලාව ආසන්න වෙමින් පැවතිණි. ඔහු කඩියෙකු සේ හැසිරෙන්න විය. තවම බස් රථයක් එන ලකුණක් නොදුටු ඔහු අසල සිටි ගැටවර වයසේ පසුවෙන අයෙක් ළඟට කිට්ටු විය.

 ”මල්ලී වේලාව කීයද?”විමසුවේය.

”අනේ අයියේ, මේ ඔරලෝසුව මගේ අතේ බැඳ ගත්තේ මට වේලාව බලාගන්නයි. අර කඬේ පැත්තේ ගිහින් වේලාව බලාගන්න” තරුණයා  කීවේය.
 නොසිතූ පිළිතුරක් ඇසුව ඔහු පාරේ ඈත බසයක් එනතුරු බලා සිට විනාඩි කීපයකින් පැමිණි බසයට ගොඩවිය.
 



අදහස් (0)

හදිසියට වෙලාව ඇහුවාම වෙන ඔරලෝසුවකින් බලාගන්න කියලා

සුගුනවති Friday, 19 September 2014 04:14 PM

වර්ෂා අක්කේ, එයාට වෙලාව බලන්න දන්නේ නැතුව නෙමෙයි එයාගේ ඔරලෝසුවත් වැඩ නොකරන ගල් මෝලක් වෙන්න ඇති (නදී)

:       0       0

දනුෂ්ක Monday, 06 October 2014 09:58 AM

වර්ෂා නංගි කියබු කථාවට මම එකඟයි. (ස)

:       0       0

අසේල සඳරුවන් Sunday, 05 October 2014 03:30 PM

ඔහු සිටිය මානසික තත්වය මතයි උත්තර දෙන්න ඇත්තේ. (නදී)

:       0       0

ජස්මින් Thursday, 02 October 2014 05:57 PM

මේකේ අදහස් දාන සමහරු ඒ කොල්ලටත් හපන් (නි)

:       0       0

සරත් Sunday, 21 September 2014 10:58 AM

මගෙන් ඇහුවා නම් "මහා උජාරුවට උත්තර දෙන්නේ" ඒ කාලේ. දැන් කව්රුත් වෙලාව අහන්නේ නැහැනේ. (නදී)

:       0       0

කසුන් Saturday, 20 September 2014 05:40 PM

වෙලාව ඇහුවම වෙන මොනවා හරි අහනවා කියලා හිතුවද දන්නේ නැහැ. (නි)

:       0       0

ශාන්ති Saturday, 20 September 2014 01:52 PM

අර කිව්වත් වගේ කට ගෙවෙනවද ඔය වෙලාව ටිකක් කිව්වම. බැටරි බැහැලාම තමයි (නදී)

:       0       0

චමින්ද Saturday, 20 September 2014 11:41 AM

කිව්වත් වගේ මල්ලිගේ, බැටරිය බැහැලා ඇති. (අ)

:       0       0

අජිත් Saturday, 20 September 2014 11:30 AM

අන්න කිව්වා කතාවක් රොකියා. කෙසේ උවත් කිසිම මනුස්ස කමක් නැති මහා නැහැදිච්ච බක පණ්ඩිතයෙක්. ඇයි වෙලාව කිව්වම කට ගෙවෙනවද? (නදී)

:       0       0

රොකී Saturday, 20 September 2014 01:55 AM

ඔය හින්දා තමයි ප්‍රේමදාස මහත්තයා රට පුරාම ඔරලෝසු කණු හැදුවේ! (නි)

:       0       0

චමත්-ලංකාව Friday, 19 September 2014 09:11 PM

මල්ලිගේ බැටරිය බැහැලා, වෙලාව වැඩ කරන්නේ නැතුව ඇති. (නි)

:       0       0

ගයාන් Friday, 19 September 2014 04:50 AM

ඔය ගොඩක් පොඩි කොල්ලෝ බොරු ෂෝ එකට වැඩ කරන්නේ නැති ඔරෝලෝසු බදාගෙන කෙල්ලන්ට පෙන්න පෙන්න යනවා, වෙලාව ඇහැව්වහම කියන්න විදියක් නැහැ. මෝඩ කොලු ගැටව් (ස)

:       0       0

කමල් හසන් Friday, 19 September 2014 03:35 PM

මහා ජඩ මල්ලියෙක් (ස)

:       0       0

සෙලිනා Friday, 19 September 2014 11:25 AM

මමත් මහේෂ්ගේ අදහසට කැමතියි (නදී)

:       0       0

පිටිගල Friday, 19 September 2014 09:50 AM

වෙලාව කාටවත් කියන්න කවුරුවත් බැඳිලා නැහැ වගේම වෙලාව නොකියපු එක ඒ තරුණයාගේ වැඩක්. මනුස්සයෙක් වශයෙන් වෙලාව කිව්වා නම් හොඳයි. සමහරවිට කැඩිච්ච ඔරලෝසුවක්ද දන්නෙත් නැහැ. ඒ මනුස්සයාගේ පැත්තෙනුත් මොකක්හරි හේතුවක් ඇති.අනේ අයියේ, මේක කැඩිච්ච එකක් කියන්න බැරි නිසා එහෙම කිව්වද දන්නෙත් නැහැ. හැබැයි ඉතින් අර කිව්වා වගේ මමත් ඔරලෝසුවක් බඳින්නේ මට වෙලාව බලාගන්න තමයි. එහෙත් මනුස්සයෙක් විදිහට කව්රුහරි වෙලාව ඇහුවොත් කියනවා. දකින දකින මිනිහා අතේ.... බැඳලා ඔරලෝසු ඇතේ.... ටයිම් එකට කිසිම වැඩක් නෑ ඕයි! කිව්වලු. (නි)

:       0       0

අසෝකා Friday, 19 September 2014 08:05 AM

ඔරලෝසුව බැඳ ගත්තට වෙලාව බලන්න දන්නේ නැතිව ඇති. එහෙමත් නැත්නම් කැඩිච්ච ඔරලෝසුවක් වෙන්න ඇති. (ස)

:       0       0

චමත්-ලංකාව Friday, 19 September 2014 07:41 AM

ඔරලෝසුවේ බට්ටා, වැඩ කරන්නේ නැතුව ඇති. සමහර විට බැට්රිය බැහැලා ඇති. (නදී)

:       0       0

තේජාන්විත Friday, 19 September 2014 07:22 AM

වැඩකරන්නේ පුද්ගලික අංශයේ. හැමදාම කඩෙන් කිරිතේ බොන්න තරම් වත්කමක් ඇති නමුත් දුරකතනයක් හෝ ඔරලෝසුවක් නැති කෙනෙක් ? (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 19 September 2014 07:14 AM

අද රටේ උදව් තියා අදහාගන්න බැරි මිනිස්සු කොට්ඨාශයක් ඉන්නේ. (නි)

:       0       0

මහේෂ මුතුකුඩ Friday, 19 September 2014 05:36 AM

පුදුමයි අද කාලේ ඔරලෝසුවක් හෝ ජංගම දුරකතනයක් නැති කාර්යාල වල වැඩ කරන අය ඉන්න එක. (අ)

:       0       0

වර්ෂා Friday, 19 September 2014 05:30 AM

වෙලාව බලන්න දන්නැති බක පණ්ඩිතයෙක් වෙන්න ඇති.නැත්නම් අමු ම අමු පිස්සෙක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site