(වියලුව වාර්තාකරු)
ප්‍රධාන නගර කීපයක උපකාරක පන්ති පවත්වනු ලබන ප්‍රසිද්ධ ගුරුවරයකුට මුහුණ දීමට සිදුවූ ඇබැද්දියකි.
සිද්ධිය මෙසේය.
ඔහු අ.පො.ස. උසස් පෙළ දරුවන් සඳහා දිවයිනේ ප්‍රධාන නගර කීපයකම පන්ති පවත්වන ප්‍රසිද්ධ ගුරුවරයෙකි.
පසුගිය දිනෙක ඔහු තමන් අලුතින් ආරම්භ කරනු ලබන පන්ති කීපයක් සඳහා අවශ්‍ය පෝස්ටර් මිටියක් හා මිතුරන් කීප දෙනකු ද සිය වාහනේ නංවාගෙන නගරයක් වෙත පැමිණියේ එහි ස්ථාන කීපයක සිය පෝස්ටර් ඇලවීමේ අරමුණෙනි.
වාහනයේ යමින් සිටි ඔහුට එක්වරම දැකගන්නට ලැබුණේ තම පාසල් වියේ මිතුරෙකි. හරිහැටි ඉගෙන ගැනීමට නොලැබීම නිසා මේ වනවිට ගොවිතැන් හා කුලී වැඩ කරමින් සිටියද මිතුරා හඳුනාගත් ගුරුතුමා වාහනය නවතා ඔහු සමග ආ ගිය තොරතුරු කතා කළේ සිය වාහනයේ තිබූ ඇඟ රත්වන පානයකින් ද සුළු සංග්‍රහයක් කරමිනි.
සංග්‍රහයෙන් පසුව වාහනේ තිබූ පෝස්ටර් මිටියක් අතට ගත් ගුරුතුමා එය සිය පැරණි මිතුරාගේ අත තැබුවේ “අනේ මචං මේ ටික පුළුවන්නම් මේ නගරේ තැන් කීපයක ගහලා දියන්” යනුවෙන් පුංචි ඉල්ලීමක්ද කරමිනි.
පෝස්ටර් මිටිය අතට ගත් හෙතෙම සිය මිතුරාගෙන් සමුගත්තේ “වැඬේ හරියටම කරන්නම්” යයි පවසමිනි.
සිය මිතුරා වෙනුවෙන් උදව්වක් කළ යුතු නමුත් තමන්ට නොගැළපෙන මෙම කටයුත්ත කරන්නේ කෙසේදැයි කල්පනා කළ ඔහුට නගරය ආසන්නයෙන් ගලා යන ඇළ දකිද්දී හිතට ආවේ අපූරු අදහසකි. පෝස්ටර් මිටියේ ලණුව ලිහූ හෙතෙම අතේ වූ පෝස්ටර් එකින් එක ඇළ මාර්ගයට දැම්මේ “ඇළේ පල්ලැහෑ නාන උන්ට මේ පෝස්ටර් බලල පන්ති යන්න පුළුවන්” යනුවෙන් තමන්ටම කියා ගනිමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හදිසියේ මුණගැසුණු මිතුරා අපූරු උදව්වක් කරලා