(ප්‍රසන්න සංජීව තෙන්නකෝන්)
ඕනෑම වැඩක් නොකර සිටීමට හැකි තරම් හේතු සොයන පිරිස් සිටිති. මේ එබන්දකුට අයත් කතාවකි.
නිමල් විසි හැවිරිදිය. ඔහුට යුද හමුදාවට බැඳීමට ආශාවක් ඇතිවිය. ඒ කාලයේ උතුරේ යුද්ධය දරුණු ලෙස පැවතිණි. ‘රට වෙනුවෙන් යුතුකමක් ඉටුකළ යුතු’’ යයි ඔහු සිතුවේ රූපවාහිනී ප්‍රවෘත්තිවලින් හමුදා විරුවන්ගේ දස්කම් විස්කම් නරඹමින් සිටින අතරතුරදීය.
හමුදාවට බැඳීමට ආශාවක් ඇති වුවද ඔහුට එපමණට බයක්ද විය. එහෙයින් ඔහු බැලුවේ හමුදාවට නොබැඳි සිටින්නේ කෙසේද කියාය. ඒ අනුව ඔහු කල්පනා කරන්නට පටන් ගත්තේය. ඒ මෙසේය. ඔහුට හැම මොහොතේදීම ප්‍රශ්න දෙක බැගින් මතුවිය.
‘‘හමුදාවට බඳවා නොගත්තොත් ප්‍රශ්නයක් නෑ. නමුත් හමුදාවට බඳවා ගත්තොත් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ ‘ෆයිටින්’ යුනිට් එකකට බඳවා ගනීද’’ ‘සප්ලයි’ යුනිට් එකකට බඳවා ගනීද?
සප්ලයි යුනිට් එකකට බඳවා ගත්තොත් නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි ෆයිටින් යුනිට් එකකට බඳවා ගත්තොත් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ කොළඹ කෑම්ප් එකක තියයිද? යාපනයට යවයිද? කියලා.
කොළඹ තිබ්බොත් නම් ප්‍රශ්නයක් නෑ. යාපනයට යැව්වොත් ප්‍රශ්න දෙකක් එනවා. ඒ යාපනේ ඔෆීස් එකක තියයිද? යුද පෙරමුණට යවයිද? කියලා. ඔෆීස් එකක ඉන්නවා නම් ප්‍රශ්නයක් නෑ. යුද පෙරමුණට යැව්වොත් ප්‍රශ්න දෙකක් මතු වෙනවා. ඒ ඉදිරියෙන් යන්න වෙයිද? පිටිපස්සෙන් යන්න වෙයිද? කියලා.
පිටි පස්සෙන්නම් යන්න ප්‍රශ්නයක් නෑ හැබැයි ඉදිරියෙන් නම් යන්නේ ප්‍රශ්න දෙකක් මතු වෙනවා. ඒ වෙඩි වදීද? නොවදීද? කියලා. වෙඩි නොවැදුණොත් ප්‍රශ්නයක් නෑ. වෙඩි වැදුණොත් ප්‍රශ්න දෙකක් මතු වෙනවා. ඒ තුවාල වෙයිද? මැරෙයිද? කියලා
තුවාල වුණොත් නම් ප්‍රශ්නයක් නෑ හැබැයි මැරුණොත් ප්‍රශ්න දෙකක් මතු වෙනවා. ඒ ආදාහනය කරයිද? භූමදානය කරයිද? භූමදානය කළොත් ප්‍රශ්නයක් නෑ. හැබැයි ආදාහනය කළොත් ප්‍රශ්න දෙකක් මතු වෙනවා. ඒ මගේ අළු ටික ගඟක මුහුදක පා කරලා යවයිද?’’ උඩු ගුවනේ විසුරුවා හරිද කියලා.
ගඟක මුහුදක පා කරලා යැව්ව නම් ප්‍රශ්නයක් නෑ. උඩුගුවනේ විසුරුවා හැරියොත් ප්‍රශ්න දෙකක් මතු වෙනවා. ඒ අළු ටික කාටවත් යන්න බැරි තැනකට වැටෙයිද? පිදුරු ගොඩක් උඩට වැටෙයිද කියලා. කාටවත් යන්න බැරි තැකට වැටුනොත් ප්‍රශ්නයක් නෑ. පිදුරු ගොඩක් උඩට වැටුණොත් ප්‍රශ්න දෙකක් මතු වෙනවා.
ඒ පිදුරු හරකෙක් කයිද? කඩදාසි හදන්න ගනීද කියලා. හරකෙක් කෑවට ප්‍රශ්නයක් නෑ. කඩදාසි හදන්න ගත්තොත් ප්‍රශ්න දෙකක් මතුවෙනවා.’’
ඒ කඩදාසිවලින් පත්තර හදයිද? ටොයිලට් පේපර් හදයිද? කියලා. පත්තර හදන්නනම් ගන්නේ ප්‍රශ්නයක් නෑ. හැබැයි ටොයිලට් පේපර් හදන්න නම් ගන්නේ ඒ වගේ දෙයකට මම මොකටද හමුදාවට බැඳෙන්නේ කියලා හිතලා නිමල් හමුදාවට බැඳීමේ තීරණය අත් හැරියා.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හමුදා ආශාව නැති වූ ප්‍රශ්න දෙක