එම කාන්තාව එක්තරා පිළිගත් වෙළෙඳ ආයතනයකට ආවේ තමන්ට සහල් කිලෝ 15ක් මිලදී ගැනිමටය. එහෙත් එක් අයකුට සහල් කිලෝ 05 බැගින් නිකුත් කිරීමට කළමනාකාරිත්වය වෙළෙඳ සේවක තරුණයාට උපදෙස් දී තිබිණි.
මේ බව නොදත් කාන්තාව ‘මට හාල් කිලෝ පහළොවක් දෙන්නැයි’ කීවාය. ‘එක්කෙනාට පහයි දෙන්නේ’ තරුණයා කීය.
‘ආ ඒකත් එහෙමද? යැයි කී කාන්තාව වෙළෙද සලෙන් එළියට විත් ඒ අසල සිටි වෙනත් තරුණයන් දෙදෙනකුට කතා කොට තමන්ට සහල් කිලෝ පහ බැගින් මිලදීගැනීමට ඉදිරිපත් වන ලෙස කීවාය.
ඒ අනුව තරුණයන් දෙදෙනාද සමග යළිත් වෙළෙද සැලට ගිය කාන්තාව
‘මට පහයි! මෙයාට පහයි! මෙයාට පහයි!’ කියා මුදල් ගෙවීමට සූදානම් වුවත් වෙළෙඳ සේවකයා ඊට හරස්විය.
‘එහෙම බෑ ඇන්ටි මේ ඔක්කොම හාල් ඔයාටමනේ බෑ....බෑ...මට ඉහළින් උපදෙස් දීලා තියෙන්නේ එක්කෙනාට පහ බැගින් දෙන්න කියලා’යැයි කීවේය. ඇය තරුණයාට දෝෂාරෝපණය කොට නික්ම ගියාය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හාල් කිලෝ 15 ක් නොදුන්නාට කතගෙන් සේවකට දෝස් මුරයක්
චන්දි Wednesday, 12 February 2014 12:05 PM
ඒ මොකද ඒ ..,හාල් කිලෝ 15ක් ගන්න බැරි ...?අනේ දෙයියනේ ආයෙමත් කෙහෙල් අල වේලන්න වේවිද...? (නදී)
සුජිත් Friday, 14 February 2014 06:09 PM
මේවා විශේෂ අඩු මිලකට දෙන ඒවා. එම නිසයි මෙම සීමා කිරීම. කාටත් අවස්ථාවක් දෙන්න ඕනා.නැතිනම් එහා කඩේ මුදලාලිය මේ සහල් ටික ගෙන ගොස් වැඩි ගානට දේවි. (නදී)
චානක Friday, 14 February 2014 07:34 AM
මට ඒ වෙළෙන්දා ගැනයි ප්‍රශ්නේ තියෙන්නේ (දී)
බුද්ධික Thursday, 13 February 2014 09:42 PM
මරුවැඩේ නේද (අ)
විකී Thursday, 13 February 2014 03:26 PM
බන්දු ඔහෙට පිස්සු. කොහේ සතොසේද අඩුවට දෙන්නේ. මම මේ ලගදි තොග කඩේ හාල් නැතුව ගියා සතොසට. මම මාසෙට බඩු ගන්නේ එකපාර. සතොසේ දෙන්නේ කිලෝ 5 යි කියා මට කීවා. හාල් ගන්න ටිකක් වෙලා යනවා කියලා. මම හිටියා පැය බාගයක් පමණ. පසුව කිව්වා අද හාල් දෙන්නේ නැ කියලා. තව දෙයක් තියනවා සතොසේ තියෙන බඩු මිල වැඩියි. තොග කඩේ කඩේ සබන් කැටයක මිලෙන් රුපියල් 4 පමණ මිල අඩුවට දෙන්නේ. සෑම බඩුවක් එහෙමයි. සියලු දෙනා යන්න තොග කඩේට.(නදී)
මොහාන් Thursday, 13 February 2014 01:33 PM
ලංකාවේ හාල් ඕන තරම් තියෙනවානේ. (නදී)
නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 12 February 2014 04:40 PM
මාත් අහන්නේ එක් අයෙකුට හාල් කිලෝ 15 වක් නොදෙන හේතුවක් තියනවාද.? අහලා තියෙනවා ඉස්සර එහෙම නීතියක් තිබුණා කියලා.මේකත් ඊට සමාන දෙයක්ද.? නැතිනම් එම වෙළද ආයතනයට විතරක් සිමා උන දෙයක් වෙන්න පුලුවන් මන් හිතන්නේ. (දී)
කව්යා Wednesday, 12 February 2014 04:40 PM
සල්ලි දෙනවානම් මොකද දෙන්න බැරි (දී)
නිමල් Wednesday, 12 February 2014 04:40 PM
ඇත්තම කතාව මෙහෙම දේවල් ඉස්සරනම් තිබ්බා නමුත් දැන් නැහැ (දී)
ධර්මසේන Wednesday, 12 February 2014 04:38 PM
තව මනුස්සක් ඉල්ලුවොත් දෙන්න තියා ගත්තා වෙන්න ඇති(දී)
සෑම් Wednesday, 12 February 2014 01:40 PM
රන්ජිත් ශ්‍රී ලංකා, ලෝකයේ කිසිම රටක් ආහාර පාලනයකට ලක් කරලා දියුණු වෙලා නැහැ. ආනයනික සුඛෝපභෝගී ආහාර පාලනය කරන එක අනුමත කළහැකි උනත් අත්‍යාවශ්‍ය ආහාර දැඩි සීමාවකට යටත් කිරීමේ ප්‍රතිඵලය 1977 දී අපි කව්රුත් දැක්කනේ. සියලුම දේ කරන්නේ බඩ පුරවා ගන්නයි. (නදී)
වසන්ත රත්නායක Tuesday, 11 February 2014 11:30 AM
ආයෙත් 1970 - 1977 කාලය වගේ ඇවිල්ලද ? (දිල්)
සේනාරත්න Wednesday, 12 February 2014 11:13 AM
බන්දු, ඔබ නිවැරදි ලෙස පැහැදිලි කිරීම ඉදිරිපත් කිරීම ගැන සතුටු වෙමු.(නදී)
ලසන්ති ගවරගිරිය Wednesday, 12 February 2014 08:59 AM
මේවා පුන පුනා කථා කරන්න දේකුත් නොවේ.(නදී)
අසේල ජයරත්න Wednesday, 12 February 2014 02:15 AM
ඇයි ලංකාවේ එකවර හාල් කිලෝ 15ක් ගන්න බැරිද? (ත)
බන්දු Tuesday, 11 February 2014 07:18 PM
"ආයෙත් 1970 - 1977 කාලය වගේ ඇවිල්ලද ?" නැහැ මේවා විශේෂ අඩු මිලකට දෙන ඒවා එම නිසයි මෙම සීමා කිරීම. කාටත් අවස්ථාවක් දෙන්න නැතිනම් එහා කඩේ මුදලාලිය මේ සහල් ටික ගෙන ගොස් වැඩි ගානට දේවි. (අ)
ලියනගේ Tuesday, 11 February 2014 05:55 PM
මිනිසුන්ගේ ආකල්පත් වෙනස් විය යුතුයි (දිල්)
ද සිල්වා Tuesday, 11 February 2014 05:22 PM
ලංකාවේ වී අලෙවි මණ්ඩල ගබඩාවල හාල් පුස්කමින් තිබෙද්දී මේ මොකද කරන්නේ ? හාල් වලටත් දඹුල්ලේ එළවලු වලට හැදිච ලෙඩේ හැදිලද?(දිල්)
රන්ජිත් ශ්‍රීලංකා Tuesday, 11 February 2014 03:14 PM
සෑම් ඒක හරියට කලානම් අද ලංකාව ගොඩ. බඩ ගැන හිතපු නිසා අදත් අපි පාන් පිටි නැව් එනකම් බලන් ඉන්නවා (දී)
ප්‍රදීපා Tuesday, 11 February 2014 12:25 PM
ආයෙත් හාල් පොල්ල...මිරිස් පොල්ල කාලයට අපි ඇවිත්ද? (දිල්)
සෑම් Tuesday, 11 February 2014 11:53 AM
77 න් ඉස්සර නම් හාල් සේරු 2 කට වඩා පාරේ ගෙනයාමත් වරදක් බව අලුත් පරම්පරාව දන්නේ නැහැ. අඟහරුවාදා සහ සිකුරාදා කඩේක බත් උයලා අහු උනොත් උසාවි යන්න වෙනවා , උදේට පාන් ගන්න පාන් කාඩ් එක අරන් ගිහින් දිනයට අදාළ කොටුවේ කතිරයක් ගහලා වැඩිහිටියෙකුට පාන් බාගයකුත් ළමයෙකුට පාන් කාලකුත් ගත්ත බව බොහෝ අයට අමතකයි. (දී)
සෙනරත් Tuesday, 11 February 2014 11:52 AM
මේ සේවකයාට ස්ථානෝචිත නුවන නෑ මේ සිද්දිය (නෝනා තව දෙන්නෙක් අරගෙන හාල් කිලෝ 15ක් ගන්න ආ බව )තමන්ගේ පරිපාලකයාට දන්වන්නයි තිබුනේ (දී)