X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


හැඩවෙන්න රූපලාවන්‍යාගාරයට ගියාම කතක් විදිහට ආපහු එන්න වෙලා

කියවමින් සිටි පුවත්පත පසෙක තබා ඔහු පුටුවේ වාඩි විය. කළු පැහැයෙන් යුතු නිල ඇඳුමෙන් සැරසී සිටි සේවිකාවක් ඔහුගේ දෙවුර වටා ආවරණයක් එතුවාය.
ෆුල් ක්ලීනප් එකක් දාන්න. බටහිර මෝස්තර නිරූපිකාවන්ගේ අලංකාර වූ රූපවලින් සැරසූ රූපලාවන්‍යාගාරයේ බිත්තිවල ඇති රූප දෙස බලමින් ඔහු එසේ කීවේය.
ඒ අනුව කාන්තාවක් මෙන් ගෙල වැහෙනසේ වවා තිබූ ඔහුගේ කොණ්ඩයේ කනට ඉහළින් ඇති කෙස් රොද වෙනම තෝරා එයට කළු පැහැයක් ආලේප කළාය.
දෙවනුව සුදු පැහැති ක‍්‍රීම් වර්ගයක් දෙකම්මුල මත ආලේප කළාය. එය මඳ වේලාවකින් පිසදමා තවත් දියරයක් මුහුණේ ආලේපකොට පුටුවේ ඇන්ද තමාගේ පපු ප‍්‍රදේශය දක්වා පහත්වනසේ සකසා ගත්තේය. ඊළඟට ඇත්තේ ඇහි බැමි සැකසීමයි.
ඒ සඳහා අසල මේසයෙන් නූල් තුන් පොටක් ගෙන එකක් කටින් හපා ගත් ඇය අනෙක් දෙකෙළවර ඇහි බැමි මතින් ඇතිල්ලූවාය.
මෙසේ පැය භාගයකින් පමණ පසු දෙවුර වටා එතූ ආවරණය ඉවත් කළාය. හරි. ”වැඬේ ෆිනිෂ්”
එතෙක් වේලා පුටුවේ පහළට හැරවූ ඇන්ද මත හිස තබා සිටි ඔහු තමා ඉදිරියේ ඇති කණ්ණාඩිය දෙස බැලූවේය. ඈ මටවත් මා අඳුනගන්න බෑ නේ..... ඇයි මෙච්චර අයි බ්‍රෝ හීන් කළේ?
අනේ මිස්  ඕක තමයි දැන් ෆැෂන් එක රේන්බෝ හැඩය මිස්, කවුද මිස්? මම මිස්, කෙනෙක් නෙවේ. මිස්ට කෙනෙක් ඔහෙලගේ ඇස් පේන්නේ නැද්ද...
එසේ කියූ ඔහු ඉහළට ඔසවා සකසා තිබූ කෙස් රොද වලින් නළල වසාගෙන රූපලාවන්‍යාගාරයෙන් පිටව ගියේය.
ගෑනුන්ගේ මෝස්තර පිරිමිත් පිරිමින්ගේ මෝස්තර ගෑනුත් කරන්න ගියාම ඔහොම තමයි අයෙක් කීවේය.



අදහස් (0)

හැඩවෙන්න රූපලාවන්‍යාගාරයට ගියාම කතක් විදිහට ආපහු එන්න වෙලා

හනිෆා Thursday, 17 January 2013 01:42 AM

අනේ මන්දා මෙයාලට ගැහැණු පිරිමි අදුනාගන්න බැරිද?(නු)

:       0       0

රංජන Thursday, 07 February 2013 05:29 AM

කීයක් කෑවද?(නදී)

:       0       0

හර්ෂ Wednesday, 23 January 2013 04:34 PM

පැෂන් කියන්නේ මොකද්ද කියලා නොදන්නකමේ ඵල විපාක තමා. (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 22 January 2013 01:30 PM

ගැහැනියකගේ මනස සකස්වී ඇත්තේ බොහෝ කටයුතු එකවර කළහැකි අයුරිනි. ඇයට එකිනෙක සම්බන්ධතාවයෙන් තොර ක්‍රියාවන් කිහිපයක් එකම විට කළහැකිය. ඇගේ මොළය කිසි විට කාර්යයක නොයෙදී නොපවතියි. සෑම විටම එය ක්‍රියාශීලීය. අප පිරිමි ළමයින් හා ගැහැනු ළමයින් සර්ව සම දරුවන් ලෙස ඇතිදැඩි කරන නමුත් විද්‍යාව ඔප්පු කරන්නේ ඔවුන්ගේ සිතීම පැහැදිලිව පෙනෙන පරිදි වෙනස් බවය. ඒ එසේ වී ඇත්තේ මානව දේහය තුළ ක්‍රියාකාරීව පවතින හෝමෝන නිසාය. අප සම්පූර්ණයෙන් අපේ රසායනික සංයුතියේ ප්‍රතිඵලයයි. පිරිමි ළමයින් යනු හැමවිටම ගැහැණු ළමයින්ගේ පසු පසින් සිටින කොටසක් නොවන බව වටහා ගත යුතුය (නි)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 22 January 2013 11:08 AM

වර්තමාන යුගයේ පිරිමි දරුවන් සිදු කරන විලාසිතා අනුව මේ තත්වය සැබවින්ම වුවද ඇති විය හැකිය. මන්ද නූතයේ බොහෝ පිරිමි දරුවන් ඇදුමින් පැළදුමින් හිස කෙස් සකසන විලාසිතා වලින් ගැහැණු දරුවන් මෙන් වීමට පටන් ගෙන ඇති බව පෙනී යයි. මෙය පවතින සමාජ විලාසිතා වල ලක්ෂණයක් විය හැකිය. නමුත් තමන්ට වඩාත් ගැලපෙන හා තමන්ගේ ස්වභාවික ජීව විද්‍යාත්මක අනන්‍යතාව විකෘති වී පෙනෙන විලාසිතා නොකිරීමට පිරිමි හා ගැහැණූ දරුවන් සිතා ගත හොත් යහපත් බව මම සිතමි. මම මේ ටික කිව්වේ කාරුණික පියෙකු හා වැඩිහිටියෙකු ලෙස බවද කාරුණිකව සිහිපත් කරදෙමි.(ස)

:       0       0

ලියාරා Monday, 21 January 2013 07:31 AM

මාර විහිළුව! අනේ තව කතාවක් කියන්නකෝ...! (ස)

:       0       0

ජගත් බණ්ඩාර Sunday, 20 January 2013 09:59 AM

එයා කවුද? (ත)

:       0       0

ජෝයි ඩයස් Saturday, 19 January 2013 10:46 PM

මේ කතාව බොරුවක් වෙන්න බැහැ. අද පිරිමි කොන්ඩා වවලා කණට කරාබුත් දානවා. කලිසම ඉනෙන් පහළට ඇදලා අඩිය තියලා යන්න බැරුව පැද්දෙනකොට අම්මපා පෙන්නේ ගෑනූ වගේමයි. එයාට ඒ එවගෙ දෙයක් වුණ එක සාධාරණයි. මොකද ඔයවගෙ පිරිමි ළමයකුට මටත් වැරදිලා නංගි කියවුණා.ඒ තරමටම අපි රෑවටෙනවානේ...මේක පිරිමින්ගේ අභාග්‍යක්ද ගැහැණුන්ගේ අභාග්‍යක්ද දන්නේ උඩ ඉන්න දෙයියෝ තමා. (නි)

:       0       0

රංග Saturday, 19 January 2013 05:00 PM

මේකනම් විශ්වාස කරන්නත් අමාරු වැඩක්.. මේ වගේ දෙයක් ඇහුවමයි මගේ ජීවිත කාලයටම..!(නු)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 19 January 2013 12:30 AM

බොරුද කොහේද? (නි)

:       0       0

හේරත් Thursday, 17 January 2013 10:05 PM

අනේඅනිච්චං... කණේ කඩුක්කන්... (නි)

:       0       0

අහමඩ් Thursday, 17 January 2013 04:32 PM

ගැහැණු පිරිමි අදුනාගන්න බැරිවෙලා තියෙනවා පිලිපීනයේදී මේක ඇත්තයි..!(නු)

:       0       0

ජයතිස්ස Thursday, 17 January 2013 02:02 AM

ඔච්චර දෙයක් කරනතුරු මොන ලෝකෙද දන්නෙ නැහැ හිටියේ? (නි)

:       0       0

ජනක Wednesday, 16 January 2013 10:10 AM

බොරුවක් නෙමෙයිනම් ෂෝක් (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 16 January 2013 09:29 PM

මෙන්න කාන්තා පිරිමි කෙනෙක්..!(නු)

:       0       0

මැක්ස් Wednesday, 16 January 2013 07:34 PM

අනේ අම්මපා මෙහෙමත් කතා! (නි)

:       0       0

ද සිල්වා Wednesday, 16 January 2013 05:58 PM

මේ පුද්ගලයා ගැහැණු පිරිමියෙක්වද්ද? (නි)

:       0       0

සිල්වා Wednesday, 16 January 2013 05:56 PM

ආන්දෝලනාත්මක කතාවක්. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 16 January 2013 03:14 PM

අනේ මෙහෙමත් ලෝකයක් . ගෑනු පිරිමි අඳුරගන්න බැරිද මේ මිනිස්සුන්ට. නැත්නම් මෙයා දෙපක්ෂයටම අයිති නොවන කෙනෙක්ද ? (ස)

:       0       0

ගාල්ලෙ කසුන් Wednesday, 16 January 2013 02:18 PM

ගැහැණු පිරිමි අදුනාගන්න බැරි උනාද? හරිනෙ ඉතිං කොන්ඩෙත් වවාගෙන කාන්තාවන් වගේ වැඩ කරන්න ගියාම අපිත් හිතන්නේ ගැහැණු පිරිමියෙක් කියලා තමයි.. (නු)

:       0       0

බන්දුල කටාර් Wednesday, 16 January 2013 01:50 PM

පිරිමි කම තියාගෙන ඉන්නෙ නැතිව කාන්තාවන් වෙන්න ගියාම ඔහොම තමයි.,!(නු)

:       0       0

නිසා Wednesday, 16 January 2013 01:03 PM

ඕක ඇත්ත කතාවක් කියලා ෂුවර්නේද ... (ස)

:       0       0

සෙනෙරත් Wednesday, 16 January 2013 11:51 AM

හොඳ වැඩේ එයාට (ස)

:       0       0

වරුණ Wednesday, 16 January 2013 11:40 AM

මම හිතන්නේ මෙයා කොණ්ඩය වවාගෙන කාන්තාවක් වගේ ඉන්න ඇති.,!(නු)

:       0       0

සරත් Wednesday, 16 January 2013 10:24 AM

පිරිමි ගෑණු වෙස් ගත්තම ඔහොම තමයි ....(ස)

:       0       0

විජේ Wednesday, 16 January 2013 10:23 AM

ස්ත්‍රී පුර්ෂ දෙපක්ෂය හදුනා ගන්න බැරිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site