X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


හිටි අඩියේ ගැසූ බ්‍රේක් පහරට තැම්බූ බිත්තර තොගයක් විසිරිලා

මහනුවර ප‍්‍රදේශයේ හෝටලයක හිමිකරුවකු සහ එහි සේවකයකු එක්ව සේවය අවසන් කර බස් රථයකින් ගමන් කරමින් සිටියදී හදිසියේ තිරිංග පෑගීමෙන් සේවකයා බස් රියේ තබා තිබූ මල්ල වැටී තැම්බූ බිත්තර දහයකට වඩා විසිරීම නිසා හෝටලයේ මුදලාලිට තරු පෙනීමේ සිද්ධියක් පසුගියදා සිදු විය.
සිද්ධිය සැකෙවින් මෙසේය.


මහනුවරට නුදුරු ප‍්‍රදේශයක පිහිටි හෝටලයක සේවය කරන සේවකයෙක් සහ එහි හිමිකරු රාත‍්‍රියේ වැඩ අවසන් කර නිවෙසට යාම සඳහා ගියහ. දෙදෙනාම ගියේ එකම බස් රථයකය.


හෝටලයේ සේවකයා තමන්ගේ ඇඳුම් ඇතුළු දෑ දමා ගත් මල්ලක් ද රැගෙන පැමිණියේය. බස් රථයේ සෙනග පිරී සිටි බැවින් සේවකයා සිය මල්ල බස් රථයේ රියැදුරුට ආසන්න ස්ථානයක තැබුව ද තවත් ටික දුරක් යන විට මෙම දෙදෙනාටම අසුන් ලැබිණ. එහෙත් සේවකයාගේ මල්ල එසේම තිබිණ.


එක් වරම බස් රථයේ තිරිංග තද වූ අතර බස් රථය හෙල්ලී නැවතුනේය. එම සෙලවීමට හෝටල් සේවකයාගේ මල්ල විසිවුණු අතර එතුළ තිබූ තැම්බූ බිත්තර 10 ක් පමණ බස් රථය තුළ සීසීකඩ විසිරිණ.


එය දුටු හෝටලයේ හිමිකරුට යකා නැග්ගේය. එහෙත් කිසිවක් නොකිව් ඔහු බස් රථයෙන් බහින තුරු සිටියේ සේවකයාගේ සේවය අවසන් කිරීමටය.



අදහස් (0)

හිටි අඩියේ ගැසූ බ්‍රේක් පහරට තැම්බූ බිත්තර තොගයක් විසිරිලා

පිටබැද්දර ජයා Wednesday, 28 October 2015 10:40 PM

හොරකම නවතන්න ඕනෑ නම් පටන්ගන්න ඕනෑ ඉහළම තැන ඉඳලා. එහෙම නැතුව මේ බිත්තරයක් හොරකම් කළා කියලා, කොස් ගෙඩියක් පොල් ගෙඩියක් හොරකම් කළා කියලා නඩු දැම්මට වැඩක් නැහැ, ලොක්කෝ බරපතල විදියට හොරකම් කරනකොට. රූපවතී, ඔයාගේ කෑම වට්ටෝරුව නම් නියමයි (නි)

:       0       0

සුසන්ත - කටාර් Wednesday, 28 October 2015 11:49 AM

හොරකම්කර කන බිත්තරේට වැඩිය සම්බෝලයි බතුයි කන එක වටිනවා මොකද හොරකමින් පවක් පිරෙනවා වගේම අහුවුනාම රැකියාවත් නැති වෙනවා බැරිවෙලාවත් පොලිසි උසාවි යන්න වුනොත් දරුවන්ට සම්බෝලයි බතුයි වත් දෙන්න කෙනෙක් නැති වෙනවනේ තමන්ට හැකි විදියට උපයල උපයපු විදියට වියදම් කරන්න පුරුදු වුනානම් කාටවත් කරදරයක් නැහැ (බ)

:       0       0

චන්දි Wednesday, 28 October 2015 12:36 PM

මම නාවත් මගේ නමින් අදහස් තිබෙන නිසා නොලියන්නයි හිත තිබුනේ. ඒත් සිතුම්ගේ අදහස කියවද්දී ඇස් දෙකේ කදුළු පිරුනා. මට මගේ පුංචි කාලේ මතක්වුණා. අල්ලපු ගෙදර නැන්දා කුඹුරු වැඩවලට කෑම හදද්දී මම පොල් ටිකක් ගාලා ලූණු එහෙම සුද්ද කරලා දෙන්නේ වෙලේ ගිහින් කමතේ බත් කන්න ආසාවට. (නි)

:       0       0

චන්දි Wednesday, 28 October 2015 12:39 PM

හෝටලයේ ඉතිරිවුණ බිත්තර නම් අරගෙන ගියත් කමක් නැහැ. නමුත් කියලා ගෙනියන්න තිබුනා, රක්ෂාව රැකගන්නවත්. පව් කියලත් හිතෙනවා. දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි කියනවනේ. නේද? (නි)

:       0       0

අජිත් Wednesday, 28 October 2015 12:56 PM

ඉනෝකාත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි වගේ. හොඳයි, හොඳයි, ඔහොම යමුකෝ.... (නි)

:       0       0

රාධා Wednesday, 28 October 2015 01:31 PM

වේටර්ගේ රස්සාව නැතිවුණත් හෙට වෙන හෝටලයක රස්සාව ලැබෙනවා. හෝටල් වල සේවක ප්‍රතිලාභ දෙන්නේත් නැහැනේ. (නි)

:       0       0

සමන්ති Wednesday, 28 October 2015 01:35 PM

ඉනෝකාටත් පුදුම ආශාවක්නේ තියෙන්නේ? (නි)

:       0       0

ඉනෝකා Wednesday, 28 October 2015 01:45 PM

සමන්තී,දැන් නම් මට තියෙන්නේ එකම ආශාවයි.ළමයින්ගෙන් නිදහස් වෙලා කොණ්ඩෙත් බුගාගෙන කොහෙටහරි ගිහින් අතුරුදහන් වෙන්න. මේ යාන්ත්‍රික ජීවිතය මට එපාවෙලා තියෙන්නේ. බිත්තරයකින් පටන්ගෙන මදැයි ගිය දුරක්.....! (නි)

:       0       0

මෙලනි Wednesday, 28 October 2015 02:03 PM

නැතිබැරිකම කියන්නේ අනෙක් මිනිසුන් මහන්සියෙන් හම්බකරන දේ හොරෙන් අත්පත් කරගන්න දෙන ලයිසන් එකක් නෙමෙයි. (නි)

:       0       0

දර්ශන Wednesday, 28 October 2015 02:27 PM

මමත් වැඩ කරන්නේ ලංකාවේ ගොඩාක් ප්‍රසිද්ධ හෝටලයක. අපේ හෝටලේ ලොක්කාත් ඒ වගේ කෙනෙක්. විසිකරන දෙයක්වත් සේවකයෙක් කනවා දැක්කොත් බිලක් දාලා පඩියෙන් කපනවා. (නි)

:       0       0

සෞම්‍යා Wednesday, 28 October 2015 04:02 PM

ඉනෝකා, ඔබ අර වැඩකාර ළමයා ගැන අනුකම්පා කරපු එක මම ඉතාම අගය කරනවා.. අපරාධයකට අනුබල දෙන එක ඊට වෙනස්. ගෙදරවල් වල වැඩකරයින්ට කන්න දෙන්නේ නෝනලා මහත්තුරු කාල ඉවර වුණාම. නමුත් ඒ මිනිස්සු මහන්සිවෙලා වැඩ කරලා බොහෝවිට බඩගින්නේ ඉන්නේ. ඔබ විශාල පිනක් සිදු කරගත්ත...(බ)

:       0       0

රූපවතී Wednesday, 28 October 2015 08:37 PM

මම ලංකාවේ සිටියදී මගේ ව්‍යාපාරයට ඉල්ලගෙන කන මිනිස්සු එනවා. සමහරදාට මම දවල් කෑම කමින් සිටියදී ළමයින් වඩාගෙන සමහර දුගී කාන්තාවන් පැමිණෙන අවස්ථා තිබෙනවා. මම මගේ කෑම පිඟානේ කටවල් කීපයක් කා තිබු තැනින් අනපු බත් ටික ඉවත්කරලා වතුර එකකුත් එක්ක දෙනවා මේක දරුවත් එක්ක කන්න කියලා. ඉන් මා පුදුම සතුටක් වින්ඳා. අසරණයෙකුට කෑම ටිකක් දෙන එක ආත්ම ගානක් පින්ලැබෙන සද්ක්‍රියාවක් ..!! (නි)

:       0       0

චාරු Wednesday, 28 October 2015 09:10 PM

මට පෙනෙන්නේ බහුතරයක් රැකියාවට යන්නේ එතන දෙයක් හොරෙන් කඩාවඩා ගත්තට මක්වෙනවාද කියන ආකල්පයෙන්. ලංකාව දියුණු කරන්න බැරි හේතුවත් මේකමයි. ඊට පස්සේ කියනවා දේශපාලකයන් මහජන මුදල් අතපත ගාන එක වැරදිලු. එකම වැරැද්ද කොහොමද කට්ටියකට හා තව කට්ටියකට වැරදි වෙන්නේ. දැන් කියාවි ආ ඉතින් නැතිබැරි නිසා එහෙම කරනවා නම් කමක් නැහැ කියලා. (නි)

:       0       0

සිතුම් Wednesday, 28 October 2015 11:22 AM

අපි පුංචි කාලේ හිටිය පොල් අතු පැල්පතේ එක පැත්තකින් තිබුනේ උස තාප්ප වලින් වට වෙච්චි සංචාරක හෝටලයක්. ඒකෙන් වීසි කරන (කුණු) දේවල් අතරේ තිබුණු ලස්සන බෝතල් සෙල්ලම් බඩු කෑලි, සුවද විලවුන් වල ඉතිරිය එකතු කරන්න අපි පුරුදුවෙලා හිටියා. මේක දන්නා ඒ හෝටලේ කුණු දමන අය සමහර වෙලාවට අපිව දැකලා තම්බපු බිත්තර, චීස් කෑලි වගේ දේවල් විසි කළා. ඒ අය කලේ වැරද්දක් උනත් ඒ දේවල් වල මඩ අපේ ඇදුම් වලින්ම පිහදාගෙන කනකොට දැනුනු සතුට... අද මම කන රස බෝජුන්වලින් වත් ලබන්න බෑ. එදා අපි වගේම අදත් බොහෝ දෙනෙක් ඒ වගේම ඇති කියලා හිතෙනේකොට දැනෙන්නේ පුදුම කනගාටුවක්... (ර)

:       0       0

සරත් Wednesday, 28 October 2015 10:56 PM

කරන දේ හරියට කරන්නකෝ මල්ලි, හත්පොළේම ගාගෙන නාගන්නේ නැතුව. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 29 October 2015 12:56 AM

බිත්තර දුන්නා හෝ නොදුන්නා හෝ සේවකයාට තිබුනේ ස්වාමියාගෙන් අහන්න. කවුද දන්නේ මෙයා මීටපෙරත් මේ වාගේ දේවල් කළාද කියලා? (නි)

:       0       0

අජිත් Thursday, 29 October 2015 02:21 AM

රෝහලක සාත්තු ‍සේවකයෙකුටත් මේ සිදුවීමට සමාන දෙයක් වුණා දවසක් (නි)

:       0       0

සුමිතුරු Thursday, 29 October 2015 04:47 AM

සතපහක් හොරකම් කලත් කෝටියක් හොරකම් කලත් හොරකම හොරකමයි හොරා දුප්පතෙක් කියලා අනුකම්පාව වැරදියි(රේ)

:       0       0

රංජිත් Thursday, 29 October 2015 06:24 AM

යුනිපෝම් අඳින ආයතනක නිලධාරියකුටත් වුණා මෙහෙම අැබැද්දියක්. දවසක් එම නිලධාරියෙක් ඩියුටි ඔෆ්ෆ් වෙලා යනකොට ගේට්ටුවේදී ඉහළ නිලධාරියෙක් මුණට හමුවෙලා. රාජකාරි සිරිත් අනුව තොප්පිය ගලවා ආචාර කරන්න සිදුවෙලා. තොප්පිය ගලවනකොට එ්ක ඇතුලේ තිබුන බිත්තර සි සි කඩ විසිරිලා. (බ)

:       0       0

කිත්සිරි Thursday, 29 October 2015 07:30 AM

මහා පරිමාණ දූෂණ වංචා කොමිසමට මෙයාව යවන්නයි තියෙන්නේ (නි)

:       0       0

සමන්ත Thursday, 29 October 2015 07:45 AM

හොරකමට මොන ඉහළ පහළ තැන්ද පිටබැද්දර ජයා. ? හොරකමක් පටන් ගන්නේ පොඩි දෙයකින් තමයි. නඩු නොදැම්මත් ඒකට දැඩි අවවාදයක් තරම් දෙයක් වත් නොවුනොත් ඊළඟට පටන් ගන්නේ මහා පරිමාන හොරකම්. (බ)

:       0       0

ශේන්-මෙල්බන් Thursday, 29 October 2015 08:49 AM

අපි පත්තරේ බලන්න අන්තර්ජාලගත වෙන්නේ කාර්යාලයේ පහසුකම් පාවිච්චි කරලා නම් ඒකත් හොරකමක්. (ර)

:       0       0

මෙල්වින් Thursday, 29 October 2015 08:56 AM

එසැන පුවත් වල තිබෙනවා තමන්ගේ ගුරුතුමිගේ ගෙදර වටිනා දේවල් හොරකමේ ගිහින් තමන්ව අඳුනාගත්තම එයාව මරා දමලා. දැන් ඉතින් අනේ පව් නැති බැරිකම නිසානේ කියන්න. එහෙම නැතිනම් මේක පහළ මට්ටමේ හොරකමක් නිසා දඬුවම් අවශ්‍ය නැහැ කියන්න (බ)

:       0       0

සුනිල් Thursday, 29 October 2015 07:39 PM

මම පොඩි කාලේ ඒ කියන්නේ 1986 විතර, අපේ ගෙදර ආර්ථිකය සම්පුර්ණයෙන්ම තිබුනේ අනුන්ගේ රබර් දෙකෙන් පංගුවට කැපිම මත. වහින කාලෙට හාමතේ. මට මතකයි එක දවසක් අපේ තාත්තා ළඟ වත්තකින් මඤ්ඤොක්කා පඳුරක් හොරෙන් ගළවාගෙන ආවා. දරුවෝ අපි හය දෙනෙක් හිටියා. හැබැයි මම අල්ලපු වත්තේ කෙසෙල් කැනකින් ඉදුනු කෙසෙල් ගෙඩියක් හොරෙන් කෑවා කියලා තාත්තා මට හොඳටම ගැහුවා (නි)

:       0       0

අනුරාධා Thursday, 29 October 2015 08:21 PM

රූපවතී, දුගීමගී අයට කෑම ටිකක් දෙන එක හොඳ වැඩක්. හැබැයි මෙතන කතාව තියෙන්නේ හොරකමක් ගැන. රූපවතී කියා තිබෙන කෑම වට්ටෝරුව එයා ලියපු එකක් වෙන්න බැහැ. තේරෙනවානේ බලනකොට. ටිකක් අමුතුයි වාගෙයි. (නි)

:       0       0

රුවන් Friday, 30 October 2015 02:57 AM

මස් කන අයට වඩා, කටු කන අය සැරයි කියන කතාව තහවුරුවුණා මම කියපු දේ වැරදියට තේරුම්ගත් අය දැක්කහම. (නි)

:       0       0

ඉනෝකා Wednesday, 28 October 2015 07:55 AM

හොරකම සාදාරනීකරණය කරනවා කියලා කීවාට මෙය මගේ අත්දැකීමක්. වතාවක් මම ලංකාවට නිවාඩුවට ගිහින් සිටිද්දී, මගේ නෑදෑයෙක් ගෙදර මෙහෙකාරිය අතේ කෑම බඳුනක් එවා තිබුනා. රෝස්ට් කුකුලෙකුත් සමග.(ඒ අවස්ථාවේ මා ගැබිනියක්) ගෙදර එනවිට රෝස්ට් කුකුලාගේ බාගයක් එමින් ගමන් අර ළමයා කාලා. ඉතිරි ටිකත් කන්න කියලා මම ඒ ළමයාටම කෑම එක දුන්නා. ඇත්ත සිදුවීම තාමත් එයාලා දන්නේ නැහැ. මම මේ සිදුවීම ගෙදර කට්ටියට කියලා තිබුනානම් අර ළමයාට ගහලා රස්සාවෙනුත් අස් කරන්න තිබුනා. (ර)

:       0       0

ජයනාත් Wednesday, 28 October 2015 05:54 AM

ප්‍රසිද්ධ ආපන ශාලාවක, වේටර්වරයෙකුත් විකිණීමට තිබෙන තම්බපු බිත්තර හොරෙන් කාලා. කළමනාකාරතුමා ළඟට එනකොට ඒක දැකපු වේටර් බිත්තරය ගිලින්න හදනවලු. කළමනාකාරතුමා නොදැක්කා වගේ ආපහු ගිහින්. වේටර් බිත්තරය හිරකරගනී කියලා බයේ. පසුව කතාකරලා ඇතිතරම් බිත්තර කන්න දීලා, මීට පස්සෙ ඕනෑ නම් කියලා කන්න කියලා. ඒ උතුම් ගුණ ඇති කළමනාකාරතුමාට උපහාරයක් ලෙස මම මෙය පළකළෙමි. (නි)

:       0       0

එරංග Wednesday, 28 October 2015 06:19 AM

ඒකනේ කියන්නේ හොරකමට වැඩි ආයුෂ නැහැ කියලා (නි)

:       0       0

ජයරත්න Wednesday, 28 October 2015 06:31 AM

පව් අසරණයා කිව්වහම ඒ හෝටල් සේවකයද නෑත්නම් හෝටලයේ හිමිකරුද කියන එකයි ප්‍රශ්නේ. මොකද මේ හෝටලයේ හිමිකරුත් ගෙදර යන්නේ සේවකයත් සමඟ එකම බස් එකේ. ඒ කියන්නෙ එයත් ලොකු සල්ලි කාරයෙක් නෙවයි. උත්සහවන්ත මිනිස්සු ව්‍යාපාර පටන්ගන්නේ සල්ලි වැඩිපුර තියෙන නිසා නෙවෙයි. රටට බරක් නොවී රජයෙන් රැකියා ලැබෙනකන් බලා නොයිද තමන්ගෙ ශක්තියෙන් නෑගී සිටින්න. නමුත් ඒ තැන්වල ඉන්න සමහර සේවකයන්ට එහි කිසිම බරක් පතලක් නෑ හොරකම් කරනවා. ඒ විතරක් නෙවෙයි නාස්ති කරනවා. අවසානයේ එම ව්‍යාපාරත් කඩා වැටිලා සේවකයන්ට රැකියාත් අහිමි වෙනවා. මේ වගේ හොර බොරු කරන මිනිස්සු නිසා තමයි අපේ රටවල් දියුණු කරන්න බැරි (ම)

:       0       0

දුල්මි Wednesday, 28 October 2015 06:33 AM

අපි සේවය කරලා හරි හම්බ කරන තැනට අවංක වෙන්න ඕන. නැති බැරි කම් හින්දා කියා ඔක්කොම සේවකයන් මෙහෙම හොරකම් කලොත් හෝටලේ වහන්න වේවි. කාටද පාඩු ? කන්න බොන්න එන අයටද ? ඒ මිනිස්සු හෙට වෙන හෝටලයකට කන්න බොන්න යාවි. (ම)

:       0       0

ඉඳුනිල් Wednesday, 28 October 2015 06:35 AM

අයියෝ! ඉතින් බිත්තර කාලා ඉවරයි (ම)

:       0       0

ඉනෝකා Wednesday, 28 October 2015 06:53 AM

හෝටලේ සේවකයා ගෙදර ගෙනියන්නම කියලා හොරෙන් බිත්තර දහය තැම්බුවාද? එහෙම නැත්නම් ඉතිරිවුණ ටික මල්ලකට දාගෙන ගියාද? ඔය ගෙවල් වල වැඩට ඉන්න සමහර කාන්තාවෝ හැන්දෑවට ගෙවල් වලට යනකොට උම්බලකඩ වාගේ පොඩි පොඩි දේවල් හොරෙන් අරගෙන යනවා. හොරකම අනුමත නොකළත් දුප්පත්කමටනේ ඔය වාගේ දේවල් කරන්නේ. (නි)

:       0       0

සිරිමෙවන් Wednesday, 28 October 2015 06:54 AM

බිත්තර, මස්, මාලු හොරෙන් කෑම සහ ගෙවල් වලට ගෙන යෑම ගැන ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ රජයේ සමහර ගිලන්හල් වල සේවය කරන ඇතැම් පිරිස් (නි)

:       0       0

ඉශාර Wednesday, 28 October 2015 07:01 AM

අයියෝ පවු අසරණ සේවකයා (නි)

:       0       0

චන්දි Wednesday, 28 October 2015 06:59 AM

රියදුරාගේ බ්‍රේක් පහර වැදිලා තියෙන්නේ, සේවකයාගෙ රස්සාවට (නි)

:       0       0

සරසි Wednesday, 28 October 2015 07:06 AM

අපේ රටේ හරි හරිම විලාසිතාවක් තමයි මේ නැති බැරි උදවිය හොරකම් කළා ට කමක් නැහැ කියලා හොරකම් සාධාරණීකරණය කිරීම. (හේ)

:       0       0

ජෙහාන් Wednesday, 28 October 2015 07:16 AM

කවුරුහරි අසරණයෙක් ඉෂාරගේ කුස්සියට වැදිලා තම්බලා තියපු බිත්තර ටික ඉස්සුවා නම් බලන්න තිබුනා. (ර)

:       0       0

මලික් Wednesday, 28 October 2015 07:20 AM

ඔය පවු පවු කියන උදවිය බැරිවෙලාවත් මහන්සියෙන් ව්‍යාපාර කරනකොට සේවකයන් හොරකම් කළාම ඔහොම කියාවිද? (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 28 October 2015 05:51 AM

පවු අසරණයා! (නි)

:       0       0

ශලි Wednesday, 28 October 2015 08:28 AM

එක දවසක් මම හදිසියෙන් නිවාඩු දමලා ගෙදර එනකොට දරුවාගේ බිත්තරයත් එක්ක ආයා ලොකු බත් පිඟානක් බෙදා ගෙන හරි බරි ගැහිලා කනවා. කන වෙලාවේ සතකුට වත් හිරිහැරයක් නොකළ යුතු නිසා මම වචනයක් වත් කිව්වේ නැහැ. ඊට ටික කලකට පසුව ඔත්පලව උන් නැන්දම්මාගේ මෝල්ටඩ් මිල්ක් වේගයෙන් අඩු වෙන බව අහු වුනා. මාසෙක පඩි වැඩියෙන් දීලා අයින් කළා. හොරකමට අනුකම්පා කළාම තව වැඩියෙන් ඊට පෙලඹෙනවා. (බ)

:       0       0

රුකී Wednesday, 28 October 2015 08:36 AM

ඉනෝකා , සර්වන්ට් අතේ රෝස්ට් කුකුලාව එවලා තිබුනේ හිල්ටන් එකේ රෙස්ටෝරන්ට් එකෙන් වෙන්න ඇති නේද ? නැහැ ඉතින් සාමාන්‍යයෙන් ගැබිණි මවකට පොලොස් ඇඹුලක් අච්චාරුවක් කෙසෙල් කොලේ බත් වගේ දෙයක්නේ ලංකාවේ යැවෙන්නේ. ඒකයි ඇහුවේ. (ස)

:       0       0

එශාන් Wednesday, 28 October 2015 08:43 AM

අම්මෝ ඉනෝකාට එසේ මෙසේ බඩගින්නක් නෙමෙයිනේ ඒ කාලයේ තිබිලා තියෙන්නේ. එහෙම පිටින්ම රෝස්ට් කුකුලෙක් කන්න එවලා. ! (බ)

:       0       0

රුවන්ත Wednesday, 28 October 2015 08:55 AM

ඉනෝකා හරි පොෂ් කෑම නේද කන්නේ ? ලංකාවේදී මෙහෙම නම් පිටරටදී හැමදාම නාසි ගුරන් වෙන්න ඇති කනවා ඇත්තේ. (බ)

:       0       0

අනිල් Wednesday, 28 October 2015 08:56 AM

රෝස්ට් කුකුලා කන්න නොලැබුන එක හොදයි.නැත්නම් ළමයා කුකුලෙක් වෙන්න තිබ්බා ලොකු වෙලා (බ)

:       0       0

මේනක Wednesday, 28 October 2015 09:00 AM

සේවකයා බිත්තර දහයක්ම ගෙදර අරන් ගියා නම් ඉනෝකා වගේම බඩගිනි කාරියක් ගෙදර ඉන්න නිසා තමයි. ආයේ දෙකක් නැහැ (බ)

:       0       0

සමන්ත Wednesday, 28 October 2015 09:02 AM

ඒකෙන් මේකෙන් ඉනෝකාත් නයෙක් පාඨක සභාවට වැටෙන්න යැව්වා එහෙනම් (බ)

:       0       0

ශාන් Wednesday, 28 October 2015 09:24 AM

සේවකයාත් තාත්තා කෙනෙක් වෙන්න ඇතිනෙ.තමුන් හෝටලෙන් හොදට කද්දි, ළමයින්ට හොදට කන්න නැති එක ගැන පපුව පත්තු වෙන්න ඇති. තාත්තා කෙනෙකුගෙ දුක තේරුම් ගන්න. (බ)

:       0       0

රුවනි Wednesday, 28 October 2015 09:52 AM

අපොයි දරුවන් වෙනුවෙන් කියලා හොරකම් කරලා කවදා වෙනකන් ජිවත් වෙන්නද? දැන් ඉතින් ඉස්සර සම්බෝලයි බතුයි කාපු දරුවන්ට නේද මේ දැන් ඒ ටිකත් නැති වුනේ ? ආයෙත් රැකියාවකට යන්න කලින් වැඩ කළ තැනින් රෙකමදාරු ඉල්ලුවාම තමයි පපුවේ බිත්තර තම්බන්න වෙන්නේ. (බ)

:       0       0

ඉනෝකා Wednesday, 28 October 2015 10:31 AM

මම ලංකාවට එන්නේ මෙහෙදී නොලැබන කොස්, පොලොස් ඇඹුල වාගේ දේවල් කන්න. පිටරට කුකුලෝ කාලම එපාවෙලා. කරවල බැදලා සම්බෝල එහෙම කව්රුවත් දෙන්නේ නැහැ. කුකුලෝ දෙනකොට එපා කියන්නද.....? (ර)

:       0       0

රූපවති Wednesday, 28 October 2015 10:49 AM

කට්ට කරවල, පොලොස් ඇඹුල, කරවිල බැදුම, තිබ්බටු, පොල් සම්බොල ,කිරි හොදි හදලා, එවන්නම්කෝ බත් මුලක් ඉනෝකා නගාට. (ර)

:       0       0

ඉනෝක Wednesday, 28 October 2015 11:11 AM

රුපවතී, ඔයයි මගේ නගා. මට කසාද බඳින වයසේ (23) දුවෙකුත් ඉන්නවා. ඒදවස්වල නැති ඒවා දැන් කුමකටද?ගමේ කෑම ටිකට නම් බොහොම ස්තුතියි. මෙහෙ දිය කෑම කකා ඉන්නවාට ඉන්නවා මිසක් හිත තියෙන්නේ ලංකාවේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site