ඔහු වෘත්තියෙන් කෙකි බැඳ පොල් කැඩීම කරන වයස අවුරුදු 55ක පමණ පුද්ගලයෙකි. ළාබාල තරුණ වියේදීම සිය පියා සමග පොල් කැඩීමේ වෘත්තියට එක්වූ ඔහු ප්‍රදේශයේ කා අතරත් කිරි මල්ලී යන නමින් ප්‍රසිද්ධය.
පොල්පිතිගම, දොරවේරුව ප්‍රදේශයේ පදිංචි කිරි මල්ලී ප්‍රදේශවාසින් අතර තම වෘත්තිය ඉතාම ඉහළින් කරනු ලබන පුද්ගලයෙකු ලෙස නමක් දිනා සිටින අයෙකි. එම වෘත්තියේ යෙදෙන වෙනත් පුද්ගලයන් ප්‍රදේශය තූළ හිඟ බැවින් කිරි මල්ලී ප්‍රදේශයට අත්‍යාවශ්‍ය පුද්ගලයකු බවට ද පත්ව සිටින බව ද කිව යුතුය.
කිරි මල්ලී ගමන් ගියේ පාපැදියෙනි. ඔහු දිග උණ ලී දෙකක් ද කරේ තබා ගෙන සෑම දිනකම උදෑසන පිටත්ව යන අයුරු දැකගත හැකිය. ඒ අනුව රැකියාව හා බැඳුණු පාපැදිය ඔහුට නැතිවම බැරි මෙවළමකි.
පසුගිය දිනෙක සිය පාපැදිය කාර්මික දෝෂයකට ලක් වූ බැවින් එදින තම වැඩ නතර කළ කිරි මල්ලී එය අලුත්වැඩියා කරගැනීම සඳහා උදෑසනින්ම වින්කලය වෙත රැගෙන ගියේය. ප්‍රදේශයේ තරුණයකු විසින් එය පවත්වාගෙන යනු ලැබිණි. වින්කලය වෙත ගිය කිරි මල්ලී සිය පාපැදියේ දෝෂය එම තරුණයාට විස්තර කර දුන් විට එය පරික්ෂා කළ කාර්මිකයා ඊට අදාළව අමතර කොටසක් රැගෙන එන ලෙස කිරි මල්ලී දැනුම්වත් කරන ලදී. කිරි මල්ලී එම ප්‍රදේශයට ආසන්නවම පිහිටි කුඹුක්ගැටේ නගරය වෙත වහාම ගොස් ඔහු කී අමතර කොටස රැගෙන ඒමට කටයුතු කළේ තම පාපැදිය කෙසේ හෝ එදින ඇතුළත අලුත්වැඩියා කර ගැනීමේ අරමුණ ඇතිවය.
අමතර කොටස තරුණයා අත තැබූ කිරි මල්ලී බැහැර නොගොස් එහිම රැඳුණේ තම කාරිය ඉක්මනින්ම කර ගැනීම සඳහාය. කෙසේ වෙතත් වෙනත් කාරියකට අත නොගැසූ තරුණ වින්කල්කරු පැයක් පමණ ඇතුළත කිරි මල්ලීගේ පා පැදිය අලුත්වැඩියා කර අවසන් කරනු ලැබ “ඔන්න මාමේ වැඬේ ඉවරයි.” කියා කිරි මල්ලීට පාපැදිය බාර දුන්නේය.
ඉතා ඉක්මනින් කාරිය අවසන් කර දුන් බැවින් බෙහෙවින් සතුටට පත් කිරි මල්ලී ඔහුට ස්තූති කර ගාස්තුව කීයක් දැයි විමසා සිටියේය. කිසිදු පැකිළීමක් නොමැතිව තරුණයා රුපියල් එක්දහස් පන්සීයයි කියනු ඇසී කිරි මල්ලීගේ ඇහි බැම නළලේ ඉහළටම යනු පෙනිනි. විශ්මයට පත් කිරි මල්ලී එතරම් ගණනක් වූයේ කෙසේ දැයි වින්කල්කරුගෙන් විමසූ අතර මේක හදන්න පැයක්වත් ගියේ නැති බව ද ප්‍රකාශ කර සිටියේය.
කිරි මල්ලීගේ පැනය ඉතාම සාවධානව අසා සිටි වින්කල්කරු “මේකයි මාමේ කුඩු පැකට් එකට රුපියල් 1300 යි. සිගරට් තුනට රුපියල් 200 යි. යනුවෙන් සිය ගාස්තුව සැදුනු ආකාරය පැහැදිලි කළ අතර ඉන් කිරි මල්ලී තවත් විශ්මයට පත් වුව ද තවදුරටත් කිසිවක් නොකියා ගාස්තුව ගෙවා යන්නට ගියේය.
(සිසිර නන්දන කාලේගම)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හිත හොඳ කිරි මල්ලී ගොනාට අන්දවලා