එම ආයතනයේ සේවය කළේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකි. ආයතනයේ උසස් නිලධාරියෙක් දිවා ආහාරය සඳහා පිටතට යන සෑම විටම මොවුන් දෙදෙනාගෙන් කෑම කෑවාදැයි අසන්නට අමතක කළේ නැත. එසේ අසන අවස්ථාවේදී ආරක්ෂක නිලධාරීන් ආහාර නොගෙන සිටියත් පැවසුවේ ”කෑම කෑවා සර්” යනුවෙනි.
දිනක් සුපුරුදු පරිදි නිලධාරි මහතා දිවා ආහාරය සඳහා පිටතට යන විට ආරක්ෂක නිලධාරීන්ව දැක, ”ඔයාලා කෑම කෑවා දැයි” විමසීය. ඒ වන විට ආරක්ෂක නිලධාරීන්ට ආහාර සපයන සැපයුම්කරු පැමිණ නොතිබිණි. ඔවුන් සිටියේ ද දැඩි කුසගින්නෙනි. ”තවම කෑම කෑවේ නැහැ සර්”, ආරක්ෂක නිලධාරියෙක් පැවසීය. ”මොනාද කන්නේ” මහතා විමසූවිට ” ඕන දෙයක්” ආරක්ෂක නිලධාරීහු පැවසූහ. ආපසු පැමිණි නිලධාරියා බුරියානි පාර්සල් දෙකක් ආරක්ෂක නිලධාරීන්ට දීමට කටයුතු කළේය. මාසයකට පස් හය වතාවක්් ඔවුනට බුරියානි ලැබිණි. ආරක්ෂක නිලධාරීන්ට ද මෙය ආර්ථික වාසියක් විය. සමහර දිනවල ආහාර සපයන්නාගෙන් දිවා ආහාරය නොගත් ඔවුහූ මහතා දුන් ඉස්තරම් ආහාරයෙන් සංතර්පණය වූහ. කල්යෑමේදී පෙරකී මහතාගේ මුදල් පසුම්බිය සිඳෙන්නට විය. ඒ අනුව බුරියානි කෑම සාමාන්‍ය කෑම බවට පත් විණි. අවසානයේදී ඒ මහතා ”කෑම කෑවාදැයි” ඇසීම නවත්වා දැමීය.
(ක‍්‍රිස්ටෝපර් සීපියන්, අනුරාධපුරය)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හිතවත්කමට බුරියානි අරන් දී පොකැට්ටුවට තට්ටු කරලා
දිසානායක Friday, 30 January 2015 02:00 AM
අතින් අරන් තියා ගන්නවා කියන්නේ ඕවට තමයි .(හේ)
අජිත් හෙට්ටිආරච්චි Friday, 30 January 2015 04:27 AM
කිසිම තේරුමක් නැති දේවල් නේද (දිල්)
රුවන් Friday, 30 January 2015 10:31 AM
බුරියානි දෙකක් දුන්නයි කියල පුද්ගලයෙක් දුප්පත් වෙන්නෙත්,ලැබුණු කෙනා පොහොසතෙක් වෙන්නෙත් නැහැ(දිල්)
පිටබැද්දර ජයා Monday, 02 February 2015 08:41 AM
එ් මනුස්සයගේ මනුස්සකම මේ මිනිස්සු කපටි කමකට හරවාගෙන කැතයි හොඳේ (නදී)
ධම්මික Monday, 02 February 2015 11:19 PM
මිනිසුන්ගේ මනුස්සකම වැරදි විදියට තේරුම් අරගෙන වගේ. ඒකෙන් වැරදුනේ උසස් නිලධාරියාට නෙමෙයි ආරක්ෂක දෙන්නාට. (නි)