(ගම්පහ තිලකරත්න දිසානායක)
පියා සතු ගිනි අවිය තමන් නමට පවරා ගැනීම සඳහා ගම්පහ දිසාපති කාර්යාලයට පැමිණි පුද්ගලයකුට කාර්යාලයේ පැවැති ආගමික කටයුත්තක් නිසා සුළු වේලාවක් ප්‍රමාද වන බව දැන්වීමෙන් පසු කෝපයට පත්ව ආගමික කටයුතු සඳහා වැඩම කළ හිමියන්ගේ පාවහන් යුගල සොරාගෙන යාමේ පුවතක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තාවෙයි.
ගම්පහට නුදුරු ප්‍රදේශයක පදිංචි පුද්ගලයකු වන මොහු තම පියා සතුව පැවති නිත්‍යනුකූල ගිනි අවිය තමන්ට පවරා ගැනීම සඳහා අවශ්‍ය සියලු ලිපි ලේඛන සකස්කර අවසන් අනුමැතිය ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියේය.
කලින් යොදාගත් පරිදි එම ආයතනයේ එක් අංශයක ධර්ම දේශනාවක් පැවැත්වෙමින් තිබුණි. කාර්යාලයේ සියලු_ දෙනා ධර්ම දේශනයට සහභාගි වී සිටියහ.
ධර්ම දේශනය නිසා සුළු වේලාවක් කාර්යාලය අසල රැඳී සිටීමට සිදු වීම නිසා කෝපයට පත් මොහු ධර්ම දේශනයට වැඩම කළ හිමියන්ගේ පාවහන් යුවළ තමා හැඳසිටි කබායට දමාගෙන නිවස බලා පිටත් විය. ධර්ම දේශනය අවසන් වී ආපසු විහාරස්ථානයට වැඩම කිරීමට ආ භික්ෂූන් වහන්සේගේ පාවහන් යුගල අස්ථාන ගත වී තිබුණි. දිසාපති කාර්යාලයේ හැමෝම මෙම සිද්ධියෙන් අපහසුතාවට පත්ව සිටි අතර වහාම ක්‍රියාත්මක එහි ආරක්ෂක අංශය ආරක්ෂක කැමරා පරීක්ෂා කළේය. උන්වහන්සේගේ පාවහන් අතට ගත් කිසියම් පුද්ගලයකු එය තම කබායේ සඟවාගෙන යන අයුරු එහි පැහැදිලිව දිස්විය.
මේ කිසිවක් නොදන්න ආකාරයෙන් තමන්ගේ ගිනි අවියේ අවසන් අනුමැතිය ලබා ගැනීම සඳහා පසුදින ඔහු නැවතත් දිසාපති කාර්යාලයට පැමිණියේය.
පාවහන් පැහැරගෙනා යන පුද්ගලයාත් ගිනි අවියට අනුමැතිය ගැනීමට ආ පුද්ගලයාත් සමාන බව එහි ආරක්ෂක අංශයට ඒත්තු ගිය නිසා වහාම ඒ බව පොලිසිය දැන්වීය. පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුයේ තමාට සිදුවු පමාව නිසා තමා එහි තිබූ පාවහන් යුගල රැගෙන ගිය බවයි.
මේ ආකාරයට හදිසි කෝපයකට පත්වන්නෙකුට ගිනි අවියක් ලබාදීම සුදුසු නොවන බවට තීරණය කළ බලධාරීන් පියා සතුව තිබු ගිනි අවිය පුතාට පැවරීම වෙනුවට රජයට පවරා ගැනීමට තීරණය කර පොලිසියට දැනුම්දී ඇත්තේ අවිය පොලිස් බාරයට ගන්නා ලෙසයි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හිමිනමගේ පාවහන් උස්සලා අතේ තිබූදේත් නැතිකරගෙන
Asoka Jayasena Monday, 04 June 2018 10:02 AM
කාර්යාල තිබෙනුයේ ජනතාවට සේවය කිරීමට මිස කාර්යාල වේලාවන්හි බණ ඇසීමට නොවේ...