පෙම්වතිය හීනෙන් දැක පියවි ඇසින් දකින්න සිතක් පහළ වී යක්කු ගස් නගින මහ රෑ ජාමේ නින්දෙන් පිබිදී ඇය සොයා පැමිණි පෙම්වතකුට අලි අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවිය. එපුවත සැකෙවින් මෙසේය. මහ රෑ පෙම්වතිය සිහිනෙන් දුටු පෙම්වතා මධ්‍යම රාත්‍රියේ පෙම්වතියගේ ගමට ගියේ ඇය දැක ගැනීමටය. වැටෙන් පැන හෙමින් හෙමින් නිවසට කිට්ටු කර පෙම්වතිය නිදන කාමරයේ ජනෙල් පියනට තට්ටු කළා පමණි. අවදි වී සිටි ඇගේ පියා ”හොරෙක් හොරෙක් අල්ලපියෝ ගස් බැඳපියො......” කියා කෑ ගැසුවේය. හඬ ඇසී අසල්වැසියෝ ද අවදි වූහ. පිරිස අවට පීරමින් සොරා සෙවූහ. පැන යන්න හතර මායිම් නොදන්නා හොරා ගසක් කරා විත් අඳුරට මුවා වී සෑඟවී සිටිය දී ගැමියකුට හසුවිය. වටවූ ගැමියෝ ගුටි බැට පුජාවකින් ඔහුට සංග්‍රහ කළෝය. පැමිණි කරුණ වසන් කළත් ආගන්තුක සංග්‍රහය ඉවසා දරා ගත නොහැකි තැන ආදර කතාව හෙළි කළේය. සීනෙන් දුටු නිසා මෙසේ පැමිණි බව කීවේය. කෙසේ වුවද ගම්මු ඔහු අල්ලා පොලිසියට බාර දුන්හ. ”ආදරේ කරන්න වයස ප්‍රශ්නයක් නෑ. ඒත් අවේලාවේ ආදරය කරන්න ගියාම ජීවිතේ වුණත් නැති වෙන්න පුළුවන්,” පොලිස් නිලධාරියෙක් ඔහුට පැවසුවාලූ. වයඹ ගමකින් මේ පුවත වාර්තා විය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හීනෙන් දුටු පෙම්වතිය සොයා පෙම්වතා මහ රෑ ගෙදර ගිහින්
ප්‍රසන්න Sunday, 13 May 2012 07:05 PM
පිස්සුද? තව පොඩ්ඩෙන් කොටුව පනිනවා
ජහුල් Friday, 18 May 2012 11:45 AM
අනේ මන්ද මේව තමයි නර ලොව හොල්මන්....
නිශාන්ත Friday, 18 May 2012 10:29 AM
නියම ප්ලෑන් එකක් නේ.............
ගීත් ඉන්ද්‍රජිත් Friday, 18 May 2012 10:16 AM
ආටිකල්ස් නියමයි. වෙනස් දේවල් කරන්න....
නිහාල් Thursday, 17 May 2012 10:54 PM
වයසේ වැරැද්ද....
අරවින්ද Thursday, 17 May 2012 12:17 PM
හිහ්...........
චම්පා අයිරාගනී Thursday, 17 May 2012 09:19 AM
නියම වැඩක් වෙලා තියෙන්නේ
ජයා Thursday, 17 May 2012 09:14 AM
මරු කොල්ලෙක්නේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 16 May 2012 10:01 AM
යන්න කලින් ගර්ල්ට කොල් කරලා ගියා නම් හරිනේ
මාතර මල්ලී Wednesday, 16 May 2012 02:33 AM
හොද වෙලාවට විදුලි රැහැනෙන් බේරුනේ.
ලාල් Tuesday, 15 May 2012 11:02 AM
මෝඩ පෙම්වතෙක්
ජඩ්සන් Monday, 14 May 2012 10:43 PM
පොල් ගහට නැග්ග මනුස්සයටත් කියන්න දෙයක් තිබුණලුනේ
වජිර Monday, 14 May 2012 07:06 PM
බූරුවෙන්ද මන්දා
මංඡුල බ්රුට් Friday, 11 May 2012 11:28 AM
විවාහය අමු අඹයකි කැ එකාගේ දත් හිරිවැටි ශික් කාපු මොඩකම යයි ඌ පසුතැවිලි වෙද්දි බලන් ඉන්න එකාගේ කටට කෙල උනයි.
විමංගා Sunday, 13 May 2012 05:37 PM
ඕවට තමයි අතින් සල්ලි දීලා ...... කිරි ගා ගන්නවා කියන්නේ
ෆාරු Saturday, 12 May 2012 12:23 PM
මම ඇත්තම කිවුවා.ඒත් මට ගැහුවා
සම්පත් Saturday, 12 May 2012 10:12 AM
දෙයක් කරන්න කලින් කල්පනා කරන්න ඕන කියන්නේ ඕකට තමයි.....
ජනක Saturday, 12 May 2012 06:13 AM
මහ මෝඩයෙක්නේ
අලිබබා Friday, 11 May 2012 11:27 PM
අපි කොටිවලස්සුද? අපිත් මිනිස්සුනේද? අපිට ගෑනුමොකද මෙිතරමිබය.
දයා Friday, 11 May 2012 07:58 PM
අයියෝ සල්ලි
සමිත් Friday, 11 May 2012 04:09 PM
දැක්ක සිහිනයනම් ලස්සන ඇති...
සේනානායක Friday, 11 May 2012 03:16 PM
මොනවා කරන්නද මෙයාලගේ මෝඩකම් වලට....
අනුර Friday, 11 May 2012 01:20 PM
කොටුව පැන්නට පස්සේවත් අහු වුණානම්...
ෂෙරීෆ් Friday, 11 May 2012 01:17 PM
මේ ළගදිත් එක්කෙනෙක්ට පාඩමක් කියා දුන්නනේ එබිකම් කරන්න ගිහින් විදුලි සැර වැදිලා මැරිලා.අඩු ගාණේ ඒකවත් මතක් වුණේ නැද්ද
අමිල Friday, 11 May 2012 12:39 PM
හිත ගිය තැනනේ මාළිගාව
අසන්ක Friday, 11 May 2012 11:56 AM
ආලය අන්ධයි. කළුවර නොහදුනයි.ගුටිය ඇග රිදවයි.බූරු කමට මේක උරුමයි