එම නිවස ළඳුන්ගේ තැනකි. තරුණියෝ දහයකට වැඩිදෙනෙක් එහි ලැගුම්ගෙන සිටිති.
එහි එක් කාමරයක එදින සිටියේ තරුණියන් දෙදෙනකු පමණි. විදුලිය නිවාදමා දොරගුළු දාගත් දෙදෙනා නින්දට ගියහ.
දැන් මැදියම් රැය පසුවෙමින් පවතී. දෙදෙනා සිටි කාමරයේ එක් තරුණියක් කෑ ගැසුවාය. කිසියම් පුද්ගලයකු කාමරයේ සිටින බව පවසමින් ඇය කෑගැසුවාය. ඇගේ හඬින් අවදිවූ යාබද ඇඳේ නිදාසිටි තරුණිය වඩාත් බියට පත්වූවාය. ඇයද බෙරිහන් දුන්නාය. තම කාමරයේ කවුරුන්දෝ සිටින බව කියමින් දෙදෙනාම බෙරිහන් දුන්හ. ඒ හඬට නේවාසිකාගාරයේ සිටි අනෙක් තරුණියෝද බියට පත්වී කෑගසන්නට වූහ. තරුණියන්ගේ හඬට යාබද නිවෙස්වල උදවියද අවදිවී එහි දිව ආහ.
විනාඩි ගණනකට පසු මහත් උත්සාහයක් දරා පිරිසට කාමරයේ දොර විවෘත කර ගත හැකිවිය. එක් තරුණියක් බියට පත්වී දහදියෙන් තෙමී සිටි අතර අනෙක් තරුණිය තද නින්දේ පසුවිය. ඇය අවදිකරවා කෑගැසීමට හේතු විමසූ අතර තමා කිසිවක් නොදන්නා බව ඇය පැවසුවාය.
පසුව කාටත් කාරණාව වැටහුණි. තද නින්දේ පසුවූ එම තරුණිය හීනයක් දැක තම කාමරයේ කවුදෝ සිටිනා බව පවසා කෑගසා ඇත. ඇගේ හඬින් බියට පත්වූ කාමරයේ සිටි අනෙක් තරුණියද අඳුරේම බියටපත්ව කෑ ගසා ඇත. ඔවුන් දෙදෙනාගේ හඬට නේවාසිකාගාරයේ සිටි අනෙක් පිරිසද බෙරිහන් දෙන්නට වූහ. මෙම පිරිසේ හඬට අසල්වාසීන්ද එහි දිව ඇවිත් ඇත.
සිද්ධිය සැකහැර දැනගත් පිරිස ආපසු නිවෙස්වලට ගියහ. අලූයම් වනතුරුත් එම නේවාසිකාගාර නිවස දෙසින් හිනාහඬ පැතිරෙන්නට විය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හීනෙන් බයවී කාන්තා නිවෙස දෙවනත් කරලා
දමිත් Tuesday, 26 March 2013 10:01 AM
ඇයි කාන්තාවෝ පිරිමින්ට මෙතරම් බය? (නි)
ලලිත් Tuesday, 26 March 2013 10:48 AM
පෝළිමට කෑගහලා නේද? (නි)
පාලිත Tuesday, 26 March 2013 02:34 PM
මේක සාමාන්‍ය දෙයක් (ස)
නිල්මිණි Tuesday, 26 March 2013 02:54 PM
මීට පස්සේවත් ආරක්ෂාවට පිරිමි කෙනෙක් තියාගන්න (ස)
නන්දන Tuesday, 26 March 2013 06:28 PM
පිරිත් කියලා නිදා ගන්න හීන පෙන්නේ නැහැ (දී)
හේරත් Wednesday, 27 March 2013 12:14 AM
කැපිච්ච ඇගිල්ලවත් කාමරේ වැටිලා තිබුනද? යක්කු හිතන තරමි කලු නැහැ නංගියේ.(නදී)
දීප්ති Wednesday, 27 March 2013 12:43 AM
ඔයාලා ගොඩක් හොද හින්දා අසල්වාසීන් උදවු කරන්න එන්න ඇති. (නි)
සෙනෙත් Wednesday, 27 March 2013 02:47 AM
මොනවා දැකලද බයවුණේ ?? (ස)
මහේෂ් Wednesday, 27 March 2013 09:30 AM
ඔයාලා ඔච්චරටම බය වුණේ කොල්ලා අපු නැති නිසා නේද ? (ස)
සරත් Wednesday, 27 March 2013 09:51 AM
බයවෙලා කෑගැහුවා කියලා හැමෝම නරකයි කියලා කියන්න බැහැ. (නි)
වරුණ Wednesday, 27 March 2013 09:55 AM
අර හාවා කරපු වැඩේනේ මේ නගාත් කරලා තියෙන්නේ. (නි)
කමල් Wednesday, 27 March 2013 03:39 PM
හොඳ කෙල්ලෝ ටිකක් ... කොල්ලන්ට තියෙන බය ඔහොම්මම තියාගන්න. (ස)
අජිත් කරුණාරත්න Thursday, 28 March 2013 01:04 PM
සමහරවිට ඒ ගෑණු ළමයා එන්න කියපු හින්දා කවුරුහරි ඇත්තටම ආවද දන්නෙ නැහැ. (නි)
මනෝජ් Monday, 08 April 2013 09:38 AM
හොදය කියල හිතන දේවල් හීනෙන් දැකල බය වෙලා .(නදී)