උණවටුන ඩී.ජී. සුගතපාල
ඔහු රජයේ ප්‍රධාන පරිපාලන කාර්යාලයක අංශ ප්‍රධානියෙකි. නිතරම සිහින දැකීමට කැමති ඔහු ඉඳහිට දවල් සිහිනද දකින්නේය. මේ අතර ඉකුත් දිනෙක ඔහු කාර්යාලයට පැමිණියේ බෙල්ල සාක්කුවේ දමාගෙනය. ඒ තරමටම බෙල්ල කෙලින් තබා ගන්නට බැරිවිය. බෙල්ල කොර වෙලාය.
ඔහු වටකරගත් මිතුරෝ බෙල්ල කොරවීමට හේතු විමසන්නට වූහ. වැටුණාද කියා සමහරුන් ඇසූ අතර මිතුරියන් ඇසුවේ ඇයි මොකද ඊයේ රෑ නෝනා ගැහුවද? නැත්නම් හීන ලෝකෙදි කවුරුවත් ගැහුවාද? යනුවෙනි. එසේ ඇසුවේ ඔහු නිතරම සිහින දකින අයෙකු බව දන්නා නිසාය.
සැබැවින්ම බෙල්ල කොරවීමට හේතුව ඔහු මිතුරන්ට හෙළි කළේය.” මම ඊයේ රෑ අපූරු හීනයක් දැක්කා. ඒකෙ ප්‍රතිපලය තමයි මේ. මම උදේ වැඩට එන්න බස් හෝල්ට් එකේ ඉන්න කොට පාරෙන් එහා පැත්තේ තරුණ ගෑනු ළමයෙක් හිටියා. ටික වෙලාවක් බලා ඉන්න කොට මට ඔළුවෙන් අඬ ගැහුවා. හෝල්ට් එකෙත් කව්රුවත් හිටියේ නැති නිසා මම පාර මාරුවෙලා ඒ පැත්තට ගියා.
එහෙම යනකොට හරියට පාර මැදදී මාව කාර් එකක හැප්පුණා. ඒ එක්කම මම ගිහිල්ල ළඟ තිබුණ තාප්පෙක වැදුණා. එතකොට මට ඇහැරුණා. මගේ ඔළුව වැදිල තියෙන්නේ තාප්පෙක නෙවෙයි බිත්තියේ. පස්සේ මම නැගිටිනකොට තමයි දැනුනෙ බෙල්ල කොරවෙලා.”
“කාර් එකක හැපිලා බෙල්ල කොරවෙල බේරුණා ඇති. එතකොට අර ගෑනු ළමය ළඟට ආවද බලන්න. මොකක්ද හැපුන කාර් එක.” මිතුරන්ගෙන් ප්‍රශ්න වැලකි.
සියලු ප්‍රශ්නවලට ඔහු දුන්නේ එක පිළිතුරකි.“ මට මතක විදියට හැපුණේ පරණ මොරිස් මයිනර් එකක. ඒත් බෙල්ල කොර වුණත් මට ඒ වගේ කෑල්ලක් තවම හමුවෙලා නැහැ.”
“එහෙනම් අද රෑට එයා ඒවි උඹට මොකද වුණේ කියල බලන්න” මිතුරෝ කීහ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හීනෙන් ‘කෑල්ලක්’ දැකලා බෙල්ලත් කොරවෙලා