හෙළ සිරිතට විරිතට මුල් තැන දෙමින් බටහිර සිරිත් විරිත් මෙන්ම පුරුදු හෙළා දැකීමේ යෙදුණු වියතකු තම ගෝලබාලයන් ඉදිරිපිටදීම හැඳි ගෑරුප්පුවලින් ආහාර ගැනීමේ පුවතක් දිවයිනේ මුහුදුබඩ උත්සවශාලාවක දී දැකගත හැකිවිය.
ගම්බද වෙසෙන මේ වියතා හෙළ දෙස බස පෝෂණය කිරීමේ යෙදුණෙකි. ලෙඩකට දුකකට බෙහෙත් පෙත්තක්වත් නොබිව් ඔහු ඒ සඳහා භාවිත කළේ ද හෙළ ඔසු පමණය. නිතරම ගමේ වැසියන් මෙන්ම තම ගෝල බාලයන්ට ද හෙළ සිරිත් විරිත් ආදියේ වටිනාකම කියා දුන්නේය. ගෝල බාලයන් ඇතුළු පිරිසක් සමග ඔහු පසුගියදා, රට වටා සංචාරයක නිරත වූයේය. මේ යන ගමනේ දී ඔහුගේ පැරණි ගෝලයකු හමුවට මුහුදුබඩ නගරයකට ද ගියේය. මේ ගෝලයා ඒ නගරයේ ඉහළ තනතුරක් දරන්නකු විය.
කලින් කළ දැනුම් දීම මත, මේ පැරැුණි හෙළයා ගුරුතුමන් ඇතුළු පිරිසට දිවා ආහාරය සංවිධානය කරන්නට පියවර ගෙන තිබිණි.
සමාජයේ ඉහළ පෙළේ පිරිස් නිතර ගැවසෙන ස්ථානයක් මේ සඳහා තෝරා ගෙන තිබිණ. මුහුදු සුළං වදිමින් පිරිස දිවා ආහාරයට ගියහ. එහි සිරිත් අනුගමනය කරමින් කෑම සූදානම්කර තිබිණි. මේසය මත පිඟන් කෝප්ප හැඳි ගෑරුප්පු පිළිවෙලට තබා තිබිණි. පිරිස වාඩි වූහ. කෑම බෙදාගත්හ. හැමදා හෙළ සිරිතට මුල්තැන දෙන කතානායකයාට සියල්ල අමතක විය. හැඳි ගෑරුප්පු දෑතට ගෙන තම කාර්යයේ නිරත වූයේ තමන් සමග ආ සෙසු පිරිස වික්ෂිප්තව බලා සිටියදීය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හෙළ සිරිත් ගැන කයිවාරු ගසා හැඳි ගෑරුප්පුවලින් කෑමකාලා
මෝහමෙඩ් Wednesday, 01 May 2013 01:12 AM
එය තැනට ඔබින විදියට වැඩ කරලා(නු)
සම්පත් Tuesday, 30 April 2013 10:49 AM
මම නම් හිතන්නේ මේ කයිවාරුකාරයන්ගේ කයිවාරුවාදය තමයි ලංකාව මේ තරම් ආගාදෙට අරන් ගියේ. මේ මෝඩ කතා වලට අහිංසක මිනිස්සු ගොදුරුවෙන එක නතර කළ යුතුයි. (නි)
ධම්ම Tuesday, 30 April 2013 11:16 AM
"හෙළ සිරිතට විරිතට මුල් තැන දෙමින් බටහිර සිරිත් විරිත් මෙන්ම පුරුදු හෙළා දැකීමේ යෙදුණු.." මෙහි අගට කියන 'හෙළා දැකීමයි' වැරදි වැඩේ. (නදී)
වනිතා Tuesday, 30 April 2013 12:43 PM
එහෙනම් ඉතින් ලංකාවේ හෙමෝම ඇයි කලිසම අදින්නේ? ගැහැනු අය ඔසරිය අදින්නේ නැතුව එක එක විලාසිතා කරන්නේ? ඒවත් එහෙනම් අපේ සංස්කෘතියට ඔබින්නේ නැහැනේ. කොහොමත් අද කාලේ තැනට ඔබින සුදුසු විදියට වැඩ කළ යුතුයි (නි)
ආනන්ද ආර් Tuesday, 30 April 2013 01:14 PM
මොකක්ද වරද ? එතුමා හැඳි ගෑරුප්පු වලින් කෑම කන එක හෙලා දැකලා නැහැනේ (නි)
පද්මිණි Tuesday, 30 April 2013 01:41 PM
සබන් දාලා අත හොදන්න ස්ථානයක් නොතිබෙන්න ඇති. අනික ඒ ක්‍රමය ප්‍රායෝගිකයි. බලන්න ටෙලිෆොනේ කෝල් එකකට උත්තර දෙන්න වුනාමත් අතින් කනකොට අමාරුයිනේ. (නි)
ක්‍රිස් Tuesday, 30 April 2013 03:40 PM
කිසි වරදක් නැහැ. හැන්දෙන් කනකොට විෂ බීජ ශරීරයට ඇතුළු වෙන එක වළකිනවා (නි)
අරුණ Tuesday, 30 April 2013 10:13 PM
අපේ සමහර මහත්තුරු නම් මගුල් ගෙවල් වල යන්නේ ජාතික ඇඳුමෙන්. සමහරවිට කන්නෙත් අතින් විය හැකියි. (නි)
දීප්ති Tuesday, 30 April 2013 10:24 PM
උපුල් මීගමුව මහත්තයා, මේ පුද්ගලයා පිටරට අයගේ ක්‍රමය ගැන හෙළා දකිනවා කියලා ඔබ නිගමනය කලේ කොහොමද? මේ පුවත අනුව ඔහු හෙළ බස සහ සිරිත් විරිත් ගැන සැලකිලිමත් වූ අයෙක්. (නි)
ගාමිණී සිරි Tuesday, 30 April 2013 11:24 PM
කුස්සියේ මාලු පිනි උයද්දී, ආහාර බෙදද්දී, හැන්ද පාවිච්චි නොකර ඒවත් හෙළ සිරිතට අනුව අතින්ම කර ගන්න. ඒවා එහෙම කරගන්න හොදයි. හැදි ගෑරුප්පු වලින් කන එක වැරදියි? (නි)
upul meegamuwa Tuesday, 30 April 2013 09:59 AM
අපිත් කියනවා අසේල වරදක් නෑ කියල . එහෙනම් මොකටද පිටරට අයගේ ඒ ක්‍රමය ගැන හෙළා දකින්නේ , විවේචනය කරන්නේ , ගරහන්නේ . අන්න එතැනයි වැරැද්ද .(ස)
මෝහමෙඩ් සියද Wednesday, 01 May 2013 01:12 AM
එය තැනට ඔබින විදියට වැඩ කලා(නු)
සංක Wednesday, 01 May 2013 03:25 AM
කටින් බතල හිටවනවා (දී)
ගිමාල් Wednesday, 01 May 2013 05:54 AM
අයියෝ සල්ලි! (නි)
අමිල Wednesday, 01 May 2013 07:06 AM
හෝටල් වල හරියට සබන් දාලා අත හෝදගන්න වතුරවත් නැහැ. ඉතින් එහෙව් එකේ ඕක මොකක්ද? (නි)
දිසානායක Wednesday, 01 May 2013 01:21 PM
පණ්ඩිතයෝ කවදාවත් ඒ දඩුවල ගියේ නැහැනේ (නි)
ලීල් Wednesday, 01 May 2013 02:39 PM
ඉතින් මොකද වෙන්නේ හැඳි ගෑරුප්පු වලින් කෑවහම? ජලය නාස්ති කරන එකට හොඳ පිලියමක් නේද? (නි)
සුසිල් Wednesday, 01 May 2013 06:08 PM
හැන්දෙන් ගෑරුප්පුවෙන් කෑවා කියලා තමන්ගේ ජාතියට අඩුවක් වෙනවද? (නි)
උපුල් Thursday, 02 May 2013 04:58 PM
දීප්ති නෝනා, ඔය ප්‍රවෘත්තියේ හෙඩිම විතරක්ද කියෙව්වේ? බලන්නකෝ. පලවෙනි ඡේදයේම කියලා තියෙන්නේ මොකක්ද කියලා. ඒකේ පැහැදිලිවම කියලා තියෙනවා නේද මම කියපු දේ ? (නි)
හේරත් Thursday, 02 May 2013 07:41 PM
කියන කොට එහෙමයි....කොරන කොට මෙහෙමයි......කියලා තියෙනවා නෙවැ. (නි)
ප්‍රදීප් Monday, 29 April 2013 11:49 AM
අයියෝ දැන් ඒවා නැහැනේ.. (ස)
උපුල් Monday, 29 April 2013 09:55 AM
ඒ විතරක් ද, සුද්දට බැන බැන සුද්දව හෙළාදකින මේ රටේ ප්‍රසිද්දම මහාචාර්යවරයෙක් ඉංග්‍රීසි උගන්නල ජීවත් වෙන්නේ. කියද්දී එහෙමියි කරද්දී මෙහෙමියි.(නදී)
සරත් Monday, 29 April 2013 10:16 AM
බඩගිනි වැඩි උනාම, රස කමක් දුටුවම මටනම් ටිකක් විතර සිරිත් විරිත් අමතක වෙන ගතියක් තියනවා. ඕව ඔහොම තමා..(ස)
දයා අලහකොන් Monday, 29 April 2013 10:59 AM
වරදක් නැත. මිනිහා උගතෙකි. තැනට ඔබින විදියට හැසිරෙන්න ඇති.(නදී)
වරුණ Monday, 29 April 2013 11:04 AM
ලංකාව දැන් ඉදි ආප්ප, පොල් සම්බෝල, අල කිරි හොද්ද එක්ක හෙදි ගෑරුප්පු වලින් කන යුගයක් බවට පත්වෙලා. ලංකාව 3 වෙනි ලෝකයේ රටක් වුනාට සංස්කෘතිය සදාචාරය හොලිවුඩ් වලටත් එහා.(නදී)
පැතුම් Monday, 29 April 2013 11:17 AM
නොහොම වුනත් හැමදේම කරන්න පුළුවන් තැනක් නොතැනක් තියෙනවා. ඔහු කලේ තැනට සුදුසු දේ.(නදී)
ඩී. උපුල් Monday, 29 April 2013 11:25 AM
අමුඩේ ගහගෙන 21වැනි ශත වර්ෂයට යන්න බැහැ. ඇයි අපි ජාත්‍යන්තර ලේබර් මාකට් එකේ තවම පිටුපසින්ම ඉන්නේ? ඇයි විශ්ව විද්‍යාලෙ ගිහින් මුල් අවුරුද්දේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කාලය නාස්ති කරන්න වෙලා තියෙන්නේ? අපේ සිරිත් විරිත් අපි ළඟ තියාගෙන මීට වඩා නැණවත්ව ලෝකය දකිමු. (නි)
ස්ටීව් Monday, 29 April 2013 11:33 AM
ඔව් මාත් දැක්කා. අපේ කට්ටියකුත් රට ගිහින් සුද්දට බැන බැන කැවෙත් ඔය වගේම තමයි (නි)
අමිත් Monday, 29 April 2013 11:43 AM
ඒකේ වරදක් නෑ. වවුලගේ මගුල් ගෙදර ගියාම එල්ලිලා තමයි ඉන්න ඕන.. (ස)
උපුල් Monday, 29 April 2013 11:44 AM
සමහර අය කියන විදියට තැනට සුදුසු නුවණ පාවිච්චි කළා වෙන්න පුළුවන්. තැන අනුව ක්‍රියාව වෙනස් වෙනවා නම් ඔහු එය හෙළා දකින්න ඕනෑ නැහැනේ නේද ? එයා තැනට සුදුසු දේ කළා නම් ඒ රටට හරියන්නේ හැදී ගෑරුප්පු වලින් කන එක වෙන්න ඇති. එහෙම නම් ප්‍රශ්නයක් නැහැනේ. (නි)
චන්දා Monday, 29 April 2013 09:44 AM
මට නම් එහි කිසි වරදක් නොපෙනේ.. එතුමා තැනට සුදුසු අයුරින් කටයුතුකලා පමණි. (ස)
රත්නසිරි Monday, 29 April 2013 12:01 PM
ඉතින් මොකක්ද වැරැද්ද? දෙයියෝ ආවත් එහෙමම කයි, මේකට දෙයියෝ සාක්කි කියන්න ඕනෑද?(නදී)
සහිම් Monday, 29 April 2013 04:54 PM
ඕව දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට... (නි)
සීලා Monday, 29 April 2013 07:03 PM
එහෙනං කලිසම අදින්නේ. සරමයි,කමීසයි හොදටම ඇති නේ. පිස්සු විකාර. මෝඩ උත්තර දැක්කම මේ ලියපු ය මැට්ටෝ බව තේරෙනවා.එයාල අමුඩේ ඇදගෙනද ඉන්නේ?. (අ)
සනත් Monday, 29 April 2013 07:39 PM
දේසේ හැටියට බාසේ කියල පැරණි පන්ඩිතයො කිව්වෙ ඕකට තමයි.(නදී)
ලලිත්-SL Monday, 29 April 2013 08:22 PM
ඉතින් මොකක්ද වැරද්ද ?? ලංකාවේ ඉන්න වැඩි දෙනෙක් ඔහොම තම විශේෂයෙන් ජාතික ඇඳුම ඇදගත් දෙශපලකයන් හා ගෝල බාලයන් (අ)
හේවාවිතාරණ Tuesday, 30 April 2013 01:20 AM
ඔන්න ඕවට තමා කියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා (නි)
අසේල Tuesday, 30 April 2013 01:28 AM
ඉතින් මොකද්ද ඒකේ වරද? මට නම් කිසි වැරුද්දක් පේන්නේ නැහැ ඒකේ.. (ස)
සෙන්තිල් Tuesday, 30 April 2013 03:19 AM
හැදි ගෑරුප්පු පාවිච්චි කරන්නේ,කෑම ඇගිලි වලින් කනකොට විෂ බීජ කටට යයි කියලයි. අනිත් අතට ඒක හරි. පිරිසිදුකම,සෞඛ්‍යය ගැන හිතනකොට ඕකතමයි ආහාර ගැනීමට නියම ක්‍රමය. (නි)
ජෝසප් පෙරේරා Tuesday, 30 April 2013 06:47 AM
මෝටර් සයිකල් පදින විට සිංහල විදිහට ඇදීම භයානකයි. (නි)