(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දෙවැනි ගමනට මනාලයා යොදාගත් හෝටලය හොඳ නැතැයි යෝජිත මනාලිය ආඩපාලි කීමෙන් උරණවූ මනාලයා මංගල්‍යය සම්පූර්ණයෙන්ම අතහැර දමා වෙනත් මනාලියක සොයන්නට වූ පුවතක් ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා විය.
යෝජනාවකින් මංගල්ලය තීරණය කෙරිණි. යහපත් ගතිගූණවලින් හෙබි මනාලයා ඉඩම් හිමි වැවිලිකරුවෙකි. මනාලිය ඉහළ මට්ටමේ රැකියාවක නිරතය. මනාලයා පොළවේ පය ගසා ජීවත් වුවත් මේ මනාලිය අඩි කිහිපයක් උඩීන් ජීවත් වෙන්නට උත්සාහ දැරූ බව කවුරුත් දන්නා රහසකි.
මනාලිය සිය මංගල දිනයට ප්‍රදේශයේ ඉහළම පෙළේ හෝටලයක් වෙන් කර ගත්තේ මනාලයාටත් නොදන්වා තනිවම ගිය ගමනේදීය. දෙවැනි ගමනට එම හෝටලය හෝ ඊටත් වඩා ඉහළ එකක් වෙන් කරගන්නා ලෙස ඇය මනාලයාගෙන් ඉල්ලා සිටියේ සතියකට පමණ පසුවය.
යහමින් මුදල් හදල් ඇති මසුරුකමින් මිදුණු මනාලයා ඒ අනුව පළමු දිනට වෙන් කළ හෝටලය දෙවැනි දිනටත් වෙන් කරගන්නට ගියේ සිය පියා සමගය. ඒ වනවිට වෙනත් පිරිසක් ඇණවුම් කර තිබීම නිසා මනාලයා පත්වූයේ උභතෝකෝටික ප්රශ්නයකටය. සතියකටත් එහා දිනක් මිස ඉන් මෙහා දිනයක් ලබාගත නොහැකි බව පැහැදිලිවීමෙන් පසුව මනාලයා කළේ ඊට ආසන්නයේම පිහිටි මධ්‍යම පන්තියේ හෝටලකට ඇණවුම බාරදීමය. අනතුරුව ඔහු ගියේ මනාලිය හමුවන්නටය.
සිදුවූ සියල්ල ඔහු නොවලහා මනාලියගේ පියාට කීය. “ඔව් පුතේ අපි එහෙමවත් කරමු“ අනාගත මාමණ්ඩිය කියද්දී මනාලිය දිව ආවේ යක්ෂාවේෂයෙනි. “මගේ යාළුවෝ ඔය තුට්ටු දෙකේ ඒව්වාට ගෙන්නන්න මට බැහැ. වෙන එකක් බලන්න“ ඇය අනාගත සැමියාට ගෝරනාඩු කළේ ඇගේ පියා අසීරුතාවට ද පත් කරමිනි.
මුවින් නොබැන නිවසට ගිය මනාලයා මඟුල් කපුවාට එන්න කියා පණිවිඩයක් යැවීය. ඔහු ආවේ “ඇයි මහත්තයා මට හදිසියේම එන්න කිව්වේ” කියා අසාගෙනය. සියල්ල පැහැදිලි කරදුන් මනාලයා දැන්ම මෙහෙම නම් ඉස්සරහට කොහොම වෙයි ද කියා හිතාගන්නත් බැරි හෙයින් යමක් කමක් රස්සාවක් නැතත් කමක් නැහැ, ගෙදර දොර බලාගෙන ඉන්න යහපත් කෙල්ලක් ඉන්නවා නම් බලන්නැයි ඉල්ලා සිටියේය. හෝටලයට කළ ඇණවුම ද අවලංගු කෙරිණි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හොඳ හෝටලයකින් කන්න ගිය මනාලියගේ මඟුලත් කැඩිලා
දිමුත් Monday, 15 July 2019 08:42 AM
බුද්ධිමත් තිරණයක්
sam Tuesday, 16 July 2019 05:11 AM
එලදෙනකුට ඔබින දඩුවම.
lal Thursday, 18 July 2019 03:40 AM
ඉතාමත්ම බුද්ධිමත්ව කටයුතු කරන ආදර්ශමත් තරුණයෙක් බව කිව යුතුයි. අද අපේ අහිංසක තරුණයෝ කී දෙනෙක් මේ වගේ අවස්ථාවාදී කපටි කෛරාටික තරුණියන් නිසා අමාරුවේ වැටී සිටිත්ද? මා දන්නා අහිංසක තරුණයන් කීප දෙනෙක්ම මෙවැනි කපටි අම්මණ්ඩිලාට වසන් වී රැවටී ඇත. හරි හමන් ඉන්න හිටින්න තැනක් නැතිව, අනුන්ගේ කුලී ගෙවල්වල සිට ඇවිත් සැමියාගේ දෙමාපියන් ගෙදරින් පන්නා ගැනීමට හදන ගැහැණුන් එමට ඇත...