(වියලුව වාර්තාකරු)
හොර ගමනක් ගොස් ගම්මුන්ට මාට්ටු වී මහ රෑ මැදියමේ කුඹුරු යායකට දියවර සපයන ඇළකට බැස දිය නෑ බව කියන පුද්ගලයකු පිළිබඳ පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔහු ගමේ කාන්තාවක සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයකි.
පසුගිය දිනක ඇගේ සැමියා නැති වෙලාවක් බලා ඔහු මැදියම් රැයේ ඇගේ නිවසට ඇතුළු වූයේ තහනම් ගෙඩි කඩන්නට ය.
ඔහු එහි සිටින බව දැනගත් ගමේ පිරිසක් නිවෙස දෙසට පැමිණෙන්නට වූයේ ඔහු අල්ලාගෙන කාන්තාවටත් ඔහුටත් අපූරු පාඩමක් උගන්වන්නටය.
එහෙත් ලද සුළු ඉඩකඩකින් පස්සා දොරෙන් පැන ගත් ඔහු මහ කරුවලේම කැලෑ බඩවැටි ඔස්සේ දිව යන්නට වූයේ විදුලි පන්දම් දල්වාගෙන පසුපසින් පැමිණි පිරිසට හසු නොවන පරිද්දෙනි.
පණ බයේ දිවගිය ඔහු මද දුරක් යද්දී ගමේ කෙත් යායට ජලය සපයන ඇළ මාර්ගයට ඇද වැටුණේ ඔහුටත් නොදැනීමය.
විදුලි පන්දම් රැගෙන පසුපසින් පැමිණි පිරිසගෙන් ගැලවිල්ලක් අත් නොවන බව දුටු හෙතෙම කිසිවක් සිදු නොවූ පරිද්දෙන් තමුන් වැටුනු ඇළ මාර්ගයේ ද දිය බුං ගසමින් මහ රෑ මැදියමේ දිය නාන්නට වූයේ කිසිවක් සිදු නොවූ පරිද්දෙනි.
ඔහු අසලටම පැමිණි ගමේ පිරිස ‘මොකද මේ මහ රෑ නාන්නේ‘‘ යැයි පවසද්දී’ පොඩි වැඩක් තිබ්බා දැන් තමයි ඉවර වුණේ වතුර ටිකක් නාගන්නවා, යැයි ඔහු ඇඟට පතට නොදැනී කියා සිටියේ පසුපසින් තමුන් එළවාගෙන ආ පිරිස නිරුත්තර කරමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හොර ගමනක් මාට්ටුවී ඇති වෙන්නම නාගෙන