(හක්මණ විශේෂ -දෙනගම යසන්ත ආරියසේන)
රජයේ රැකියාවට අමතරව උපකාරක පන්ති පවත්වාගෙන යන අයෙකු පන්තියට දරුවා රැගෙන පැමිණි රූමත් කාන්තාවක සමග ක්‍රීඩා තරගයක් නැරඹීමට ගොස් සිදුවූ අපූරු අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතේ සුන්දර නමක් ඇති ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
රජයේ සේවකයා පියකරු පෙනුමක් හා කෙළිලොල් ජීවිතයක් ගත කළ ප්‍රසන්න කටහඬක් හා පෙනුමකින් යුත් ළමයින් සහ මව්පියන් අතර ප්‍රසිද්ධියට පත්ව සිටි අයෙකි. සිය සේවා ස්ථානයේ මෙන්ම කා අතරත් ඔහු අතිශයින් ජනප්‍රිය පුද්ගලයෙක් ද විය.
රාජකාරිය අකුරට ඉටුකරන පුද්ගලයකු ලෙසින් ජනතාව අතර ප්‍රසාදයක් ලැබී තිබූ ප්‍රියමනාප පුද්ගලයෙකු වන මොහු විශේෂයෙන්ම නිලධාරිනියන් අතර විශේෂ ප්‍රසිද්ධියක් උසුලන චරිතයක් විය.
උපකාරක පන්තිය සඳහා ළමයාද සමග පැමිණි තරුණ කාන්තාවක හඳුනාගත් මොහු ඇය සමග හිතවත් වීය.
පන්තිය අවසන්වන තෙක් රැඳී සිටින කාන්තාව සමග මුහුණු පොත ඔස්සේද ඔහු ගනුදෙනු කළේය. දරුවාගේ පාඩම් වැඩ පිළිබඳව නිතර නිතර සාකච්ඡා කිරීම නිසා ඔවුහු තවත් සමීප වූහ. දෙදෙනා අනියම් පෙම්වතුන්වීමට වැඩි කාලයක් ගත නොවූ අතර දෙදෙනා උපකාරක පන්තියේ දී බොහෝ අවස්ථාවල හමුවිය.
කාන්තාවට ජාත්‍යන්තර භාෂාව ඉගෙන ගැනීමට අවශ්‍ය බව සැමියාට පවසා ඇයද ඇතැම් දිනවල සවස් වරුවේ එම ගුරුවරයාගේ උපකාරක පන්තියට තනිවම සහභාගි වූවාය.
දෙදෙනා සාකච්ඡා කරගත් පරිදි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක පැවැත්වෙන ක්‍රීඩා තරගයක් නැරඹීමට නිවෙස්වලට නොදන්වා ගියහ. කාන්තාවගේ සැමියා විදෙස්ගත රැකියාවක් සිදුකරන අතර ඔහු බිරියගේ කාර්යයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළේ නැත.
පෙම්ලෝකයේ කිමිදෙමින් දෙදෙනා ක්‍රීඩා තරගය නැරඹූ අතර බාහිර ලෝකය පිළිබඳව සැලකිල්ලක් දෙදෙනාම නොදැක්වූහ.
පන්තියට පැමිණෙන දරුවන් හා මව්පියන් රූපවාහිනිය ඔස්සේ තරගය නරඹමින් සිටි අතර හිටි හැටියේම මෙම යුවළගේ සමිප දසුනක් රූපවාහිනී තිරයේ දිස්විය.
ළමයින් හා මව්පියන් දෙදෙනා පැහැදිලිව හඳුනාගත් අතර උපකාරක පන්ති ගුරුවරයාගේ කාර්යාලයේ අයද එම දසුන දැක ඔහුට ඇමතුම් ලබාගත්තද දුරකතන ක්‍රියාවිරහිත කර තිබුණි.
කිසිවක් නොදත් ඔහු පසුදා කාර්යාලයට ගියවිට මිතුරන් විසින් රූපවාහිනි දසුන් පෙන්වීම නිසා දෙලොවම රත්විය.
සර් ඊයේ මැච් එක බැලුවා නේද යනුවෙන් සවස උපකාරක පන්තියේ ළමයින්ද ප්‍රශ්න කිරීම නිසා ඔහුට උන්හිටිතැන් අමතක විය.
සුළු වේලාවකින් පන්තිය නිමාවට පත්කර පන්තියෙන් පිටව ගිය අතර පන්තිවල ළමයින්ට සති දෙකක් නිවාඩු ලබාදී බිරිඳ හා දරු දෙදෙනා සමග බිරියගේ මහගෙදර ගොස් කාලය ගත කළේ බිරියට මෙම සිද්ධිය ආරංචි වේ යැයි යන බියටය.
උපකාරක පන්තියේ ළමයින් අතර සහ කාර්යාලයේ මිතුරන් අතර කතාව පැතිර යාමට වැඩි කාලයක් නොවීය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හොර ගමනේ රඟේ රටම දැකලා