(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
පහසුකම් සැපයූ සේවකයාට කොරෝනා යයි නිවාඩු නිකේතනයකින් දුන් ඇමතුම අහම්බෙන් බිරියට ලැබීමෙන් වෙනත් කාන්තාවක සමග තමා නිවාඩු නිකේතනයකට ගිය හොරය බිරියට හසුවී අලි ජංජාලයකට මුහුණ දෙන්න සිදුවූ අයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
නිවාඩු දිනයක් වුවද ඔහු සිය නිවෙසෙන් පිටවූයේ කොරෝනා නිසා කාර්යාලයේ ගොඩගැසී ඇති වැඩ කිරීමට යයි කියමිනි. සුපුරුදු පරිදිම එදත් ඔහු ගියේ සිය මෝටර් රථයෙනි. සිය බිරියට මුසාවක් කියූ ඔහු එදින ගියේ වෙනත් කාන්තාවක සමග නගරයෙන් බැහැර නිවාඩු නිකේතනයකටය.
එම නිවාඩු නිකේතනයට ගිය ඔහු තමා සමග පැමිණියේ බිරිය බව එහි කළමනාකාරීත්වයට දැන්වූයේය. ඔවුනට එය ප්‍රශ්නයක් නොවූවේ මේ නිවාඩු නිකේතනයට වැඩිමනත්ම එනුයේ කෙටි නිවාඩුවක් ගත කිරීමට සැමියා සහ බිරියන් වීමය. කොරෝනා ව්‍යසනයට පෙර සිය ආයතනයට පැමිණෙන යුවළවල ජාතික හැඳුනුම්පත්වල අංක පමණක් සටහන් කරගත් නමුත් කොරෝනා ව්‍යසනය නිසා එන අයගේ දුරකතන අංක ද සටහන් කරගැනීමට එම ආයතනය කටයුතු කළේය. ඒ කොරෝනා මර්දන නීතියට අවනත වෙමිනි.
මෙහි එන සැමියා සහ භාර්යාව නොවන දෙදෙනාගේම දුරකතන අංක සටහන් කරගත්තද සැමියා සහ බිරිය යයි තමන්ට හැඟෙන යුවළවලින් එසේ දුරකතන අංකය සටහන් කරගනුයේ සැමියාගේ පමණි. නැතහොත් බිරියගේ පමණි. ඒ දෙදෙනාම එකම නිවෙසක වෙසෙන බැවින් කොරෝනා පිළිබඳව යම් දැනුම්වත් කිරීමේ පණිවිඩය එක අයකුට දීමෙන් අනෙක් කෙනාටද එය ලැබෙන නිසාය.
කතානායකයා මේ කියන දවසේ සිටියේ සිය නිවෙසේ නාන කාමරයේ දිය නාමින්ය. එසේ ඔහු සිටිනාවිට ඔහුගේ ජංගම දුරකතනය නාදවූයේ වරක් දෙවරක් නොව කිහිප වරක්මය. එය ඉවසා සිටීමට බැරිවූ තැන ඔහු සිය බිරියට කීවේ තමාගේ ජංගම දුරකතනයට එන ඇමතුමට සම්බන්ධවී කතා කරන අයට තමා නාන කාමරයේ සිටින බව කියන්න යැයි පැවසූවේ මේ ඇමතුම එන්නේ සිය කාර්යාලයෙන් බව සිතාය.
සිය සැමියාගේ දැනුම්දීමට අනුව ඔහුගේ ජංගම දුරකතනයට සම්බන්ධ වූ ඇයට ඇමතුම දුන් කෙනා කීවේ තමන් අසවල් නිවාඩු නිකේතනයේ කළමනාකරු බවත් සිය සැමියාගේ නම කියා ඔහුගේ බිරියදැයි ඇසුවේය. හා ඔව් ඔව් මම තමයි එයාගේ බිරිය බව ඇය පවසද්දී කළමනාකරු තවදුරටත් කීවේ එදා අපේ නිවාඩු නිකේතනයට පැමිණි ‘මිස්ටයි සර්ටයි’ පහසුකම් සැපයූ සේවකයාට කොරෝනා හැදිලා, ඔහුගෙන් සේවය ලබාගත්තු අයට ඒ පිළිබඳව අදාළ සෞඛ්‍ය ආයතන මගින් දැනුම් දෙන ලෙසත් පරිස්සමෙන් සිටින ලෙසට දැනුම් දුන් බවත් ඔහු කී විට භාර්යාවට සිදුව ඇතිදේ තේරුම් ගියාය.
ඒ සමගම ඔහුගේ ජංගම දුරකතනයද ඇය පොළොවේ ගැසුවාය. එයින් නොනැවතුණු ඇය නාන කාමරයේ දොර කැඩෙන සේ තඩි බෑවේ තමන්ට පැමිණි ආවේගයත් සමගමය. තමුසේ කාත් එක්කද මිනිහෝ අසවල් නිවාඩු නිකේතනයට ගියේ, මෙන්න තමුසෙයි තමුසෙත් එක්ක ගිය අනෙක් ගෑනිටයි පහසුකම් සැපයූ සේවකයකුට කොරෝනා හැදිලා කියලා කෝල් කළා කියමින් ඇය කෑගැසුවේ මුළු නිවසම දෙවනත් වන ආකාරයටය.
නාන කාමරයේ සබන් ගගා සිටිය ඔහු සිය බිරියගේ මේ අඬහැරයත් සමගම දිය නෑමද පසෙක දමා තුවාය පිටින්ම නාන කාමරයෙන් එළියට පැන ගත්තේ බිරියගේ ගුටි පූජාව මැද්දේ දැන් ඉතින් ඉඳලා හමාර යයි කියමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හොර ගමනේ රඟේ කෝල් එකෙන් පනී