සිය නිවස සොරුන් බිඳ දේපොළ පැහැරගෙන ගිය බවට පැමිණිල්ලක් කිරීමට පොලීසියට ගිය පුද්ගලයකුගේ කුඩය පොලීසිය ළඟදී සොරකම් කිරීමේ සිද්ධියක් වාර්තා විය.
වාර්තාවූ අන්දමට සිද්ධිය මෙසේය.
නිවසේ කිසිවකුත් නොසිටි ගිලන් රථ රියැදුරකුගේ නිවෙසට ඇතුළු වී ඇති සොරුන් නිවසේ තිබූ වටිනා භාණ්ඩ කිහිපයක් සොරාගෙන ගොස් ඇත.
එය දැනගත් නිවෙස් හිමියා මේ බැව් පැමිණිලි කිරීමට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ නගරයක පිහිටි පොලිස් ස්ථානයක් වෙත ගොස් ඇත.
එදින උදෑසන සිට ඇදහැළුණු වර්ෂාව නිසා කුඩයක් ද ඉහළාගෙන ගොස් ඇති මොහු කුඩය පැත්තකින් තබා සිය පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. එය අදාළ පොලිස් නිලධාරීන් සටහන් කර ගැනීමෙන් පසු ආපසු යෑමට කුඩය තැබූ තැනට ගොස් බලන විට ඔහුට තරු පෙනුනේ කුඩය ද තැබූ තැනින් අතුරුදන් වී තිබූ නිසාය.
සෑම තැනම බැලූවත් කුඩය නැත. බැරිම තැන පොලිස් නිලධාරීන්ට මේ බව දැන්වූ විට එක පොලිස් නිලධාරියකු පවසා ඇත්තේ ඔහොම තමයි ඕයි, දැං නගරයේ, ගමේ විතරක් නෙවෙයි පොලීසිය ඇතුළෙත් හොරු ඉන්නවා කියායි.
ඒ කියමනින් තවත් කුඩය හොයන එක බොරු වැඩක් බව තේරුම්ගත් ඔහු වැස්සේ තෙමීගෙන පොලීසියේ සිට යන විට මගදී හමුවී ඇති මිතුරු පොලිස් නිලධාරියකු මොකද වැස්සේ තෙමීගෙන යැයි විමසා ඇත.
අනේ සර්, ගේ හොරු බිඳලා. ඒක පැමිණිලි කරන්න කුඩයකුත් ඉල්ලාගෙන පොලීසියට ආවේ. කුඬේ පොලීසිය ඇතුළෙදී හොරු අරගෙන. මට සිද්ධ වුණේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ දෙයක් යැයි කියමින් වැස්සෙ තෙමි තෙමී ඔහු ආපසු ගොස් ඇත.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හොරකම ගැන පැමිණිලි කරන්න ඇවිත් පොලිසියේදී කුඩයත් හොරකුට දීලා
හැකර් Thursday, 12 December 2013 03:06 PM
කොරේ පිටට මරේ. (ස)
කේ.එච්.ආර්.කේ දිසානායක Friday, 13 December 2013 02:02 PM
චන්දි අක්කේ අනිත් චන්දිට ලියන්නේ වෙන්නේ කකුනදුරේ චන්දි කියල තමයි වෙන නමක් නැහැ.(නදී)
චන්දි Friday, 13 December 2013 02:40 AM
මං කැමතියි මේ අනෙක් චන්දිව හදුනා ගන්න.ඔබත් මෙතනට ලියන්න. ඒත් කුමක් හෝ ලකුණක් යොදා ගන්නේ නම් අපි දෙදෙනා අපි දෙදෙනාටම කරන ගෞරවයක් නේද? (නි)
චන්දි Friday, 13 December 2013 02:12 AM
නිල්මිණි, අනුන්ගේ නම් වලින් ලියන එක නැවැත්වීමට දෙයක් ඔබට කළ හැකි නම් කරන්න. පින් සිද්ධ වෙනවා. පිටරට තනි වී සිටින අපි මින් බොහෝ සතුටක් ලැබුවා. (නි)
නිලන්ති Thursday, 12 December 2013 10:07 PM
ඉස්සර මේකට ෂෙරිෆ් කියලා මහත්මයෙක් ලස්සන කතා ලිවුවා. දැන් නැහැ ඔහු. (නි)
අජිත් Thursday, 12 December 2013 07:21 PM
ෂාහ් පහන්, සහන්, පීටර් අයියා නියම අදහස් ටික, බොහොම සතුතියි. මට නම් කවි ලියන්න බැහැ නමුත් මම ඔයාලගේ අදහස් බලා සතුටු වෙනවා.(නදී)
පෙමිල් Thursday, 12 December 2013 06:44 PM
අනේ මෙහෙමත් දේවල්? (නි)
චන්දි Thursday, 12 December 2013 05:57 PM
සමදරා අක්කේ එන්න. දැන් සති දෙකකට වැඩිනේ අපිත් එක්ක තරහ වෙලා ගිහිල්ලා. සමදරා ආරියදාස නැති මේ තීරය හරියට මනාලිය නැති මඟුල් ගෙදර වගේ.(නදී)
සුජීව Thursday, 12 December 2013 04:32 PM
මේ මනුස්සයට ගහෙන් වැටුන මිනිහට ගොනා විතරක් නෙවෙයි අනින්න තිබුනේ. මිනිහට නයා මුගටිත් ගහන්න තිබුනේ.කුඩය රැක ගන්න බැරී මිනිහ කොහොමද ගෙයක් රකින්නේ. අනේ මගේ කට. (ස)
කේ.එච්.ආර්.කේ. දිසානායක Friday, 13 December 2013 03:50 PM
නිලන්ති නංගි දැනුත් අපිට පුළුවන් අපේ පරණ යාලුවන්ව එකතුකර ගෙන ලස්සන කතා ලියන්න.ඒත් හිත දෙන්නේ නැහැ. ඔයා දන්නවා ඇති ඒ සුන්දර පිටුව අවලස්සන කලේ කවුද කියලා. (ස)
ශාන්ති Thursday, 12 December 2013 12:18 PM
සොර දෙටුවෙක් කස තැලුම් කකා // දන්ගෙඩියට ගෙනියන මොහොතේ ... වදක බෙරේ දැක, සොරාගන්න එය, කදිමයි ලොබ සිතුවාලු... අනේ මෙහෙම තණ්හාවක්.... (නි)
හසරැල් Thursday, 12 December 2013 10:41 AM
පියල්, කිව්ව දේ මමත් අනුමත කරනවා. හැම පොලිස් නිලධාරියාම කතා කරන්න දන්නේ නැත්තේ නැති වුනාට ගොඩක් පොලිස් නිලධාරීන් කතා කරන්නේ කිසිම වැදගම්මක් නැති විදිහට. ඒගොල්ල දන්නේ නෑ ඒ ගොල්ලෝ ජනතාවගේ සේවකයෝ කියලා. (ස)
නිල්මිණි Thursday, 12 December 2013 09:52 AM
මම හිතුවේ දැන්වත් මෙතන නිවිලා ඇති කියලනේ...ඒත් තවම නෑ වගේ. (ස)
සේරම් Thursday, 12 December 2013 09:23 AM
සහන් මල්ලි, දිසානායකව හම්බ වෙන්නේ පරිස්සමින් ආරාධනාව සැක සහිතයි. (ස)
කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 12 December 2013 08:44 AM
ඔබ වේවා වේවා! පහන මගේ..... (නි)
චන්දි Thursday, 12 December 2013 08:23 AM
ඉහත චන්දි 2013-12-11 21:13:20 අදහස මගේ නොවේ (නි)
සුනිල් Thursday, 12 December 2013 06:16 AM
බලනකොට අද හැමතැනම වගේ ඉන්නේ හොරු (නි)
ශාන්ති Thursday, 12 December 2013 02:12 AM
හොරකම දැන් හැම තැනම තියෙනවනේ. මොනම දෙයක් හරි කමක් නැහැ හොරෙකුට ගන්න පුලුවන් නම් ගන්නවා (නි)
කේ.එච්.ආර්.කේ දිසානායක Saturday, 14 December 2013 06:28 PM
මගේ නමින් අදහස් දමා තිබෙනවා.(නදී)
දිසානායක Tuesday, 17 December 2013 11:27 AM
ඉන්දු ලන්ඩන් රූපවතිගේ කැරොල් අහන්න මැන්චස්ටර් යන බව මට ස්කයිප් මගින් දැන්නුවා.(නදී)
රූපවතී රණසිංහ Tuesday, 17 December 2013 07:45 AM
මාත් එක්ක ක්ලීනින් කොම්පැනියේ වැඩ කරන සියලුම සුළු සේවක සේවිකාවෝ තමා නත්තල් ගී ගයන්නේ. එන්න බලන්න, උණු කේක් බෙදනවා කොමපැනියෙන්.(නදී)
ශාන්ති Tuesday, 17 December 2013 01:29 AM
අන්න නියම වැඩක් (අ)
රූපවතී රණසිංහ Monday, 16 December 2013 06:41 AM
මැන්චස්ටර් හංදියේ නත්තල් ගහ යට මේ බදාදා රැ අපි කැරොල් ගායනා කරනවා. ඔබ සැමට ඇරයුම්!(නදී)
දිසානායක Sunday, 15 December 2013 09:16 AM
අද කාලේ කොහේ බැලුවත් ඉන්නෙ හොරු තමයි (නි)
ශාන්ති Sunday, 15 December 2013 09:13 AM
අනේ ඇත්තට, මෙහෙමත් දේවල්? (නි)
රූපවතී Sunday, 15 December 2013 05:46 AM
චන්දි, ඉන්දු, දිසා මල්ලි ඕගොල්ලෝ ස්කයිප් එකෙන් කතා කරනවානම් ඒවා ස්කයිප් එකේම තියාගන්න. මෙතන අපිට ඕවා වැඩක් නැහැ.(නදී)
චන්දි Saturday, 14 December 2013 09:23 PM
දැන් මේ අය ලියන්නේ ඉරිසියාවට ඇයි අනේ ඔයාලමනේ අපිට කිවේ චැට් කරන්න වෙන ක්‍රමයක් සොයා ගන්න පත්තරේ ඒකට තැනක් නෙවේ කියල, ඉතින් දැන් මම චන්දි, ඉන්දු, දිසා මල්ලි ,ස්කයිප් එකෙන් කතා කරනවා(දිල්)
කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 12 December 2013 12:28 AM
පහන් මල්ලි ඔයාව හම්බ වෙලා කතා කරන්න මට හරි ආසයි. (ස)
දිසානායක Saturday, 14 December 2013 06:08 PM
ඉන්දු ලංඩන් එක්ක පැය ගණන් ස්කයිප් එකෙන් කතා කරලා උයන්නවත් වෙලාවක් නැහැ. නිලූ සෞදි නංගි ඔයාට ස්කයිප් තියෙනවද? (නදී)
සමදරා Saturday, 14 December 2013 09:00 AM
ඒ කියන්නේ මේ පාරත් මට අවස්ථාවක් නැහැ. (නදී)
කේ.එච්.ආර්.කේ දිසානායක Saturday, 14 December 2013 08:33 AM
කැකුනදුරේ රිලා නාටක බලන්න යන්න තරන් මනාපයක් මගේ නම් නැහැ.(නදී)
පොරමොලා -බින්තැන්න Saturday, 14 December 2013 06:57 AM
ගිලී මලේ තරුව එයානේ. අනේ ඔහේ යන්න ගියාවේ.(නදී)
සිරී Saturday, 14 December 2013 12:25 AM
කැකනැදුරේ ....යලි අඳුරේ ...මගේ මිතුරේ...මොකද හොරේ...(නදී)
චන්දි Saturday, 14 December 2013 12:04 AM
ලගදී මවු බිම වෙත යන දිසා මල්ලිට සම්මා සම්බුදු සරණ වේවා කියා මුළු හදවතින්ම පතමි.(නදී)
ශාන්ති Friday, 13 December 2013 11:36 PM
හත්වලාමේ වෙච්ච දේට මක් කරන්ඩද?(නදි)
කේ.එච්.ආර්.කේ දිසානායක Friday, 13 December 2013 04:01 PM
අනිත් කාරණය චන්දි අක්කේ ,මමත් දැන් පදිංචියට කකුනදුරේටම ගියා. (නදී)
පහන් මඩුගල්ලේ Wednesday, 11 December 2013 02:12 PM
අද පකිස්ථානෙත් එක්ක පලවෙනි මැච් එක .මම මේ කියන්න යන්නේ අපේ වයිෆ් එක්ක මැච් එක බලන කොට වෙච්ච දෙයක්. වයිෆ් -මේ මහේල නේද ?හොඳට බෝල් කරනවා නේද ?මම - නැහැ මේ කුලසේකර මහේල කියන්නේ බැට්ස්මන් කෙනෙක්. වයිෆ් - අන්න අන්න තව විකෙට් එකක් ගියා. මම - නැහැ ඒ කලින් එකක පුනරූපණය. වයිෆ් - ඉන්දියාව දිනයි වගේ නේ? .මම - නැහැ මේ මැච් එක බංගලාදේශ් එක්ක ගහන්නේ .වයිෆ් - තව ලකුණු කීයක් ඕනෙද දිනන්න. මම -ලකුණු 72 බෝල් 36 කින් .වයිෆ් -අපෝ හරි ලේසියි නේ එක බෝලෙට දෙක ගානේ නේ ගහන්න තියෙන්නේ .කරදරය ඉවසනු බැරිව මම රුපවාහිනිය ඕෆ් කලා.ඒ පාර වයිෆ් ඇවිල්ල ආයි ඕන් කරගෙන ටෙලි නාට්‍යක් බලන්න ගත්තා ,මම - කවුද අනේ ඔය ඉන්න නිළිය ? වයිෆ් - කරුණාකරලා මට බාධාකරන්න එපා. ඉතින් මම මොකද කරන්නේ ? (ස)
පීටර් Wednesday, 11 December 2013 05:05 PM
ලන්ඩන් ඉන්දුලට,බලන්න හොඳ ළමයි දෙන්නා වගේ කියන්න ඔයාලගේ ලන්ඩන්වල පෝස්ට් කෝඩ් මොනවද කියලා. එතකොට මම තත්පර ගාණකින් කියන්නම් ඇත්ත ඉන්දු කව්ද කියලා. (නි)
හචිකෝ Wednesday, 11 December 2013 05:02 PM
පහන් මහතාණනි, ඔබගේ රසවත් කතාවලින් මේ තීරුව ගොඩක් රසවත් වෙනවා. හරිම ආඩම්බරයි. ඔබගේ භාෂාව හැසිරවීම ගැන ඉඩක් ලදවිට ලියන්න. ඔබට තවත් ශක්තිය ලැබේවා! (නි)
සහන් බණ්ඩාර Wednesday, 11 December 2013 04:42 PM
නොකියපු රහස දැනගත්තේ මේ ලන්දු......සැමියගේ කුඩ රහස හින්දද හද බින්දු ...තවමත් ගත රිදෙයි නෙතගෙහි පැන් බිංදු....පෙර වුන් ලියමදැයි නොදනිමි මේ ඉන්දු..... (ස)
කේ.එච්.ආර්.කේ. දිසානායක Wednesday, 11 December 2013 04:00 PM
මලේ මටත් හිතයි කරන්න ආදරේ. තනි කමේ පාලුවේ හිටියා ඇතිලු පාඩුවේ. නෙලා ගන්නේ මම පහන් මලේ. (ස)
ඉන්දු-ලන්ඩන් Wednesday, 11 December 2013 03:57 PM
පහන්, ඔයාගේ කතාවට මට ගොඩක් හිනා ගියා. තව තව අලුත් කතා ලියන්න. (ස)
ඉන්දු - ලන්ඩන් Wednesday, 11 December 2013 02:47 PM
සහන්,,, යන යන තැනක දුටු දුටු දේ ගෙට ගෙනෙන.... හරි යන පුරුද්දකි ඇඹණිත් සතුටු වුණ.... මෙකියන දිනේ නොසිතූ ලෙස පත්තු වුණ.... නොකියන රහස සැමදා සිහි කරනු මැන.... (ස)
ඉන්දු-ලන්ඩන් Wednesday, 11 December 2013 02:44 PM
සහන්, යන යන තැනක දුටු දේවල් ගෙට ගෙනෙන.... හරි යන පුරුද්දකි බිරියත් සතුටු වුණ.... මෙකියන දිනේ නොසිතූ ලෙස පත්තු වුණ.... නොකියන රහස සැමදා සිහි කරනු මැන.... (නි)
ඉන්දු - ලන්ඩන් Wednesday, 11 December 2013 02:31 PM
පහන් අයියේ, අනේ පව් ඔයාට. ඔයා වෙන ප්‍රශ්ණයක් අහන්නේ නැතිව නිළියක් ගැන අහන්න ගියේ නැත්තන් එයා උත්තර දේවි එපා වෙනකම්ම. (ස)
පවන් Wednesday, 11 December 2013 05:16 PM
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
පහන් මඩුගල්ලේ Wednesday, 11 December 2013 01:57 PM
හොරා ගෙට ඇතුළු විය. ගන්නවා තමුසෙගෙ සේරම සල්ලි අණ ලැබුණි. මම දේශපාලකයෙක් ගෙහිමියා පිළිතුරු දුනි. එහෙනම් ගන්නවා මගේ සේරම සල්ලි හොරගෙන්, නැවත අණ ලැබුණි. (ස)
කේ.එච්.ආර්.කේ. දිසානායක Wednesday, 11 December 2013 01:48 PM
පහන් බණ්ඩාර, මගේ සුදු මල්ලි උඹ තවම ලංකාවෙද? මට කියපන් හනිකට මගේ නම ගහල බලපන් ස්කිප් එකේ. ලංකාවේදී මුණගැහෙන්න කැමති මගේ මල්ලිව. (ස)
චන්දි Wednesday, 11 December 2013 12:32 PM
සමදරා අක්කේ දැන් හිටියා ඇති, ඇවිල්ලා අදහස් දාන්න. (ස)
සහන් බණ්ඩාර Wednesday, 11 December 2013 12:14 PM
පොලිසියේ වැඩ මුරය අවසන් කල අස්සේ...දෙගොඩ තලා යන මහ වැස්සකි වැස්සේ...අයිනෙ තිබුණු 'ගැහැණු' කුඩය ගෙන බැස්සේ....කුස්සියෙ පිඟන් එලවයි දැන් මා පස්සේ... (ස)
සහන් බණ්ඩාර Wednesday, 11 December 2013 11:52 AM
යාලුවනේ, අද දවස ලියවෙන්නේ 11.12.13 කියල. මෙහෙම දවසක් ආයේ එන්නේ 03.02.01 (2101)හරි 01.02.03 (2103) හරි. මම වැරදි නම් නිවැරදි කරන්න. (නදී)
නුගේගොඩ Wednesday, 11 December 2013 11:33 AM
පොලිසියේ ගොඩක් හොද මහත්වරුත් ඉන්නවා. මට හමුවෙලත් තියනවා. (නදී)
හේමන්ත Wednesday, 11 December 2013 11:03 AM
පියල් මහත්තයත් පොලිසියේද? (ස)
පියල් Wednesday, 11 December 2013 10:56 AM
ඔහොම තමයි ඕයි? මේ පොලිස් කාරයින්ට ඔක්කෝටම කලින් කතා කරන්න උගන්නන්න ඕනේ. නිල ඇඳුම දාගත්තාම හිතන් ඉන්නෙ ලෝඩ් පකීර්ලා කියලා. (ස)
සමදරා Wednesday, 11 December 2013 06:35 PM
පීටර් අයියේ ,පෝස්ට් කෝඩ් එක කියන්නේ මොකක්ද? (නි)
සහන් බණ්ඩාර Wednesday, 11 December 2013 09:18 PM
අපි අපේ සහෝදරයෙක්ගේ සහෝදරියකගේ කෑම පිගානෙන් අපි ආො කරන මාළු කෑල්ලක් පපඩම් කෑල්ලක් අරන් කෑවයි කියලා ඒක හොරකමක් විදියට සළකන්නේ නැහැ නේද 'ගුණේ'? (නි)
චන්දි Wednesday, 11 December 2013 09:13 PM
සහන්, ඔයාගේ අදහස අනුමත කරනවා (නි)
ගුණේ Wednesday, 11 December 2013 08:49 PM
ඒකනේ අපි කියන්නේ නියම හොරු ඉන්නේ කොහෙද කියලා. (නි)
සරත් Wednesday, 11 December 2013 07:59 PM
සහන් බණ්ඩාරගේ අදහසේ තියෙන වචන කියවද්දී මාත් මොහොතකට මගේ සුන්දර අතීතයට අරගෙන ගියා! ගොඩක් ස්තුතියි පහන්. පහන්ගේ වචනවලින් මම හිතනවා පහන් කටු බැද්දේ කියලා.(නදී)
පීටර් Wednesday, 11 December 2013 07:41 PM
සමදරා, ලෝකයේ තියෙන විශිෂ්ටතම තැපැල් සේවය තියෙන්නේ එක්සත් රාජධානියේ .ඒ වගේම ඒ රටේ පුරවැසියන්ට එම සේවාව මගින් ඇති විශිෂ්ට සේවාවක් ඉටුවෙනවා .ඉතාම වටිනා භාණ්ඩ පවා තැපෑලෙන් හුවමාරු වෙනවා.අපිට චීනය වගේ රටවලින් ඊ-බේ හරහා ඕනෑ භාණ්ඩයක් ඉතාම අඩු මුදලකට දින 3ක් වැනි සුළු කාල සීමාවකදී නිවසටම ගෙන්වා ගන්න පුළුවන්.පෝස්ට් කෝඩ් එක ඉලක්කම් 6කින් සමන්විත සංඛ්‍යාවක්. එයට ඉංග්‍රීසි අක්ෂර කීපයකුත් අැතුළත්. මේ 6න් ඕනෑම කෙනෙක් ඉන්න තැන පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් (නි)
සහන් බණ්ඩාර Wednesday, 11 December 2013 07:11 PM
සරත් ඔහොම කියද්දී මට මතක් වුනේ, කැම්පස් එකේදි වුන සිද්ධියක්. මම පළමු වසරේ ඉන්න කාලේ මගේ හිත ගිය ලස්සනම ටී ෂර්ට් එකක් ඇදගෙන ගිහින් හොස්ටල් එකේ එල්ලුවා විතරයි මතක, ඊට පස්සේ මට ඒක කවුරුහරි ඇදගෙන ඉන්නවා දකින පින විතරයි තිබුනේ. ඉතින් ආයේ කවදාවත් මම අලුත් ඇදුම් ඇදන් කැම්පස් ගියේ නෑ. පරණ ටී ෂර්ට් එකකට රබර් සෙරෙප්පු දෙකක් දාගෙන යන්න පුරුදුවුනේ එකෙන්. (ඒත් අදටත්, ගජේ ගහගෙන එක අම්මගේ දරුවෝ වගේ දුක සැප බෙදාගෙන හිටපු ඒ කාලේ ජීවිතේ හරිම සුන්දරයි.) (නදී)
කේ.එච්.ආර්.කේ.දිසානායක Wednesday, 11 December 2013 07:07 PM
ඉන්දු නංගි,චන්දි අක්කා මගේ ආලින්දයේ මගේ යහළුවන්. මට සතුටුයි. (නි)
අසෝකා Wednesday, 11 December 2013 06:48 PM
දා ගත් වෙස්මුහුණු ගැලවී එකින් එක.. සැබෑ මුහුණු එළියට එයි ටිකෙන් ටික... කොහොමත් එසැණ රස ගැන්වූ විටින් විට... ආසයි දිනයකදී නුඹලා හමුවෙන්ට.! (නි)
ආරියසේන Wednesday, 11 December 2013 10:46 AM
දවසේ හොඳම කියමන තමා 'පොලිසියේ ඇතුලෙත් හොරු ඉන්නවා' කියන එක. (ස)
සරත් Wednesday, 11 December 2013 06:28 PM
සහන් බණ්ඩාර , ඔයාගේ අදහස කියවන විට මට මතකයට අාවේ ඉස්සර මගේම නොවන මගේ ඇදුමක් තිබුනු බවයි! (නි)
සහන් බණ්ඩාර Wednesday, 11 December 2013 06:09 PM
ඔරිජිනල් සමදරා, ඉන්දු, දිසාලගේ නවතම ගීතය... 'ඉකිගසා හඩන අතීතයක...... 'එසැණ' එක්ක ගනුදෙනු කරනා........ මට මගේ නොවන...... මගේම නම් ගොන්නක් තිබුනා.....' (නි)
කේ.එච්.ආර්.කේ.දිසානායක Wednesday, 11 December 2013 05:56 PM
ඉන්දු නංගිත් අද මගේ ආලින්දයට ආවා. අනිත් යාලුවෝ ඔයාලගේ ඊ මේල් මා ළග තිබෙනවා. රූපා, ඔයාට රන්දි කෑල්ලක් එනවා නේද? මම ඔයාට පසුව ඊ මේල් එකක් එවන්නම්. ඒ වගේම පහන්, තිලක් අයියා ඔයාලව මම අදුනා ගත්තා. මට සතුටුයි (නි)
සහන් බණ්ඩාර Wednesday, 11 December 2013 05:45 PM
පෙර උන් ඉන්දුගේ කවියට හිත වැටිලා....... මම 'කුහුඹුවෙක් ' ගැන පොඩි කවියක් ලිවුවා.... එසැණෙහි තිබුණු එහි එක පදයක් එවලා..... හරි ඉන්දුට හැකිය දමනට අදුර ඉරා..... (නි)
ඉන්දු-ලන්ඩන් Wednesday, 11 December 2013 05:32 PM
ඔබ හා ටික දිනක් කවියෙන් සුහද වුණ.. ඉන්දු තමයි මම තෙමසක සිට එසැණ.... තව ඉන්දුලා දහසක් සිටියත් මෙතැන... අහිතක් නැහැ සහන් අපි මිතුරන් එසැණ.... (නි)
ඉන්දු ලංඩන් Wednesday, 11 December 2013 05:24 PM
මම පළ කරපු පෝස්ට් කෝඩ් එක පීටර් අයියා දුටුවද? (නදී)
ඉන්දුල ලංඩන් Wednesday, 11 December 2013 05:20 PM
පීටර් අයියේ ඇහුව නිසා කියන්නේ මට කාගෙන් වත් සහතික ඕන නෑ.(නදී)