X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 04 වන සිකුරාදා


හොරකම මාට්ටු වෙලා දහම් පාසල් දරුවකුට වැඳ වැටිලා

(ගලහ - ඩබ්ලිව්.ඒ. අසේල)
මහ දවල් නිවසකට පැන සොරකමක් සිදුකොට එළියට එද්දී මෙම නිවසේ පදිංචි කුඩා දරුවෙකු දහම් පාසල් ගොස් පැමිණ ඇති අතර දරුවා දුටු සොරා දරුවාට වැඳ සමාවගෙන සොරකම් කළ මුදල් කැටයක් ද දරුවා අත තබා සිද්ධිය කාටවත් නොකියන ලෙස ආයාචනාකොට එම ස්ථානයෙන් පිටවී ගිය පුවතක් තලාතුඔය හේවාවිස්ස ප්‍රදේශයෙන් වාර්තා විය.


හේවාවිස්ස ප්‍රදේශයේ නිවසක දොර කඩා ඇතුළු වී නිවසේ තිබූ පිහියක් ආධාරයෙන් අල්මාරියක් කඩා එහි තිබූ රුපියල් එකොළොස් දහසක මුදල්, කැටයක් හා මාලයක් සමග මුද්දක් ද සොරකම්කොට ඇත. මෙම මාලය සහ මුද්ද රත්‍රං බවට ඔහු සිතා සිටිය ද පසුව එය ඉමිටේෂන් එකක් බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත. කැටය තුළ මුදල් රුපියල් එක්දහස් එකසිය විස්සක් ද තිබූ බව පොලිසියේදී හෙළි වී ඇත.


මෙම සොරකම කොට ඔහු නිවසින් එළියට එනවාත් සමග මෙම නිවසේ පදිංචි දරුවෙකු දහම් පාසල් ගොස් පැමිණ ඇත. එය දුටු සොරා මෙම දරුවාට වැඳ සමාව ගෙන මුදල් කැටය ඔහු අත තබා විගස එම ස්ථානයෙන් පිටවී ගොස් ඇත. මව පැමිණි පසු දරුවා විසින් සිද්ධිය මවට පවසා ඇති අතර මව තලාතුඔය පොලිසියට මේ බව දන්වා ඇත. 


තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේකෝන්, උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත, උප පොලිස් පරීක්ෂක සමරකෝන්, උප පොලිස් පරීක්ෂක විතාරණ, පොලිස් කොස්තාපල් 38575 බණ්ඩාර යන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇත. සැකකරු පෙරේදා (2) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.



අදහස් (1)

හොරකම මාට්ටු වෙලා දහම් පාසල් දරුවකුට වැඳ වැටිලා

berty Thursday, 05 March 2020 11:57 AM

පොඩි දරුවට කරදරයක් නොකර ඔහොම කරපු එක ලොකු දෙයක්... අද කාලේ අහන ඒවායේ හැටියට.

:       0       16

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site