(පුස්සැල්ලාව - නිහාල් කරුණාරත්න)
නිවසකට රැගෙන ආ බඩු මල්ලක් රිළවුන් විසින් රැගෙනයනු ලැබීමේ පුවතක් පුස්සැල්ලාව අටබාගේ ප්‍රදේශයෙන් වාර්තා විය.
අටබාගේ ප්‍රදේශයේ ජනතාවට රිළවුන්ගේ කරදර ඉතා තදින් පවතී. වත්තේ තේ දලු නෙළන කාන්තාවක වෙළඳ සලකින් සහල්, පිටි, සීනි, ඇතුළු රුපියල් හයදහස් අටසීයක් වටිනා ආහාරද්‍රව්‍ය නිවසට රැගෙන ගොස් ඇත. බඩු මල්ල නිවසේ කුස්සියේ තැබූ එම කාන්තාව හදිසි අවශ්‍යතාවක් මත තම දියණියගේ නිවස වෙත ගොස් තිබේ.
ස්වල්ප වේලාවකට පසුව පැමිණි ඇයට බඩු මල්ල නොමැති බව දැනී දෙලොව රත්වී ඇත. එහෙත් එය ඇදගෙන ගොස් ඇති සලකුණු ඔස්සේ ගෙයි පිටුපසට යන විට මල්ලේ තිබූ සියලුම ආහාර ද්‍රව්‍ය ඇද දමා විනාශකර ඇති බව දැක ගැනීමට හැකිවී ඇත. බඩු මල්ලේ තිබූ පාන්පිටි ඇඟ පුරා තවරාගෙන අසල ගස උඩ සුදු පාටට සිටින රිළවුන් දැකීම නිසා ඇයගේ කෝපය හා සංවේගය මඳකට පහව ගොස් සිනහ පහළ වී තිබේ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හොරු දැක්කාම සිනා ගිහිල්ලා
victor Wednesday, 14 March 2018 03:45 PM
චිත්‍රය දැක්කාම මම හිතුවේ පූසෝ දෙන්නෙක් කියලයි.