(රජ්ගම විශේෂ - ධර්මදාස සිරිවර්ධන)
සොර සතුරන්ට ඇති බිය නිසා තම නිවෙස වසා දමා එක් රැයක් හෝ නිවෙසින් පිටත රැය පහන් කිරීමට අකමැති පුද්ගලයකු තම සහෝදරයාගේ මරණය පිළිබඳ සැලවීමත් සමගම නිවෙස ආරක්ෂාවට අපූරු පිළියමක් යෝජනා කර සිටීමේ පුවතක් දකුණේ ගම් ප්‍රදේශයකින් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු ඈත ප්‍රදේශයක සිට පැමිණ එම ගමෙන් විවාහයක් කරගෙන අමාරුවෙන් දියුණු වූ අයෙකි.
මේ වන විට ඔහු මහන්සියෙන් උපයා ගත් ධනයෙන් දේපළ වතුපිටි මිලදී ගෙන මහා ධනස්කන්ධයක් හිමි ඉඩම් හිමි වැවිලිකරුවකු ලෙස ප්රකටය. විශාල ධනයකට උරුමකම් කීවත් ඔහු හිතවතුන් හෝ අහල පහළ කිසිවකු සමග හෝ සබඳතාවක් නොපැවැත්විය. එයට හේතුවූයේ ඔවුන් ඔහුගෙන් යමක් ඉල්ලා සිටියහොත් දිය යුතු වන බැවිනි.
ඔහුගේ බිරිය ද එවැනිම ලෝබ තැනැත්තියක වූ අතර ඇය නිතරම පවසන්නේ තමාගේ නුවණ හා උපදෙස් නිසාම තම සැමියා දියුණුවෙන් දියුණුවට පත් වූ බවයි.
එමෙන්ම ඕනෑම සිද්ධියකදී ඔහුට ගුරු හරුකම් ලබා දෙන්නේ ද ඇයය.
පසුගිය දිනවල කොරෝනා හේතුවෙන් අහල පහළ නිවෙස් කිහිපයකට රාත්‍රී කාලයේ පැමිණි සොරුන් ඒවායේ තිබූ බඩුමුට්ටු රැගෙන ගොස් තිබූ බැවින් ඔහු නිදිවර්ජිතව රැය පහන් කළ අවස්ථා ද නොතිබුණාම නොවේ.
මෙසේ තිබිය දී ඈත දේශයක ජීවත් වූ තම එකම සොහොයුරා මියගිය පුවත දැන ගැනීමෙන් මහත් කම්පාවට පත් විය. වහාම එහි යා යුතු වුවද නිවෙස වසා දමා දින කිහිපයක් නිවසින් බැහැරව ගත කිරීම ඔහුට මහත් ගැටලුවක් විය.
මේ පිළිබඳ ඔහු පළමුවෙන්ම තම බිරියගෙන් කළ යුත්තේ කුමක් දැයි විමසුවේ හොඳ උපදෙසක් බලාපොරොත්තුවෙනි. ඇයද දස අතේ කල්පනා කර පැවැසුවේ මේ දිනවල නිරෝධානය වන නිවෙස්වලට කිසිවකු නොපැමිණෙන බැවින් තම නිවෙස නිරෝධායනය වන බවට දැන්වීමක් ගේට්ටුවේ අලවා යාම නුවණට හුරු බවයි.
එය හොඳ උපක්‍රමයක් බව සිතූ ඔහු දෙවරක් නොසිතා තමා තරමක් හඳුනන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ නිවෙසට ගොස් සිද්ධිය පිළිබඳ පවසා තම නිවෙස නිරෝධායනය වන නිවෙසක් බවට ගේට්ටුවේ දැන්වීමක් අලවා යාමට අදහස් කළ බවත් එම දැන්වීම ලබා දෙන ලෙසත් බැගෑපත්ව ඉල්ලා සිටියේය.
ඒ ඇසූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සිනහව නතර කරගෙන මෙය බරපතළ කටයුත්තක් බවත් නිරෝධායනය නොවන පවුලක් නිරෝධායනය කිරීම බරපතළ වරදක් බවත් කියා සිටියේය. එවැනි දැන්වීම් ලබා දෙන්නේ පරීක්ෂණයක් සිදුකර පොසිටිව් පුද්ගලයන් සිටින පවුල්වලට පමණක් බවත් පැහැදිලි කර දුන් විට ලජ්ජාවට පත් ඔහු මේ ගැන කිසිවකුට නොපවසන ලෙස ඉල්ලීමක්ද කර නිවෙසට පැමිණියේ මෙවර තම බිරිඳගේ නුවණද වැරදුණු බව සිතමිනි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තම හිතවතුන් සමග මේ සිදුවීම පවසා වින්දනයක් ලැබූ අතර ගමේ සමහරුන්ගේ කනටද මේ සිද්ධිය සැලවූ බැවින් නිවෙස වසා යාමට තවත් බිය වූ ඔහු භූමදානය දින උදේ කාලයේ ගොස් සහෝදරයාගේ මළගමට සහභාගි වී එදිනම ආපසු නිවෙසට පැමිණීමට තීරණය කළේය.
මේ ගැන දැනගත් ඇතැමුන් ඔහු හමු වූ අවස්ථාවල සමච්චලයට මෙන් නිවෙස නිරෝධායන කළා දැයි විමසන විට කවුද ඔය බොරු කතාව කීවේ යි විමසමින් හිමින් සීරුවේ මාරු වෙනවාලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හොරුන්ගෙන් බේරෙන්න ගැසූ ‘‘ගේම’’ කණපිට පෙරළිලා