X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


හොරුන්ගෙන් රන් බඩු පරිස්සම් කරගන්න ගිහින් තරු පෙනිලා

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
ගමේ හොරුන් පිරිසක් බිහි වී ඇති බවත් වටිනා රන් භාණ්ඩ ඔවුන්ගෙන් බේරා ගැනීමට නම් රන් බඩුත් රැගෙන රාත්‍රියට තම නිවසට පැමිණ නිදා ගන්නා ලෙසත් පැවසූ කතක එලෙස පැමිණි කාන්තාවකගේ රන් භාණ්ඩ තොගයක් සොරකම් කළ අපූරු පුවතක් කෑගල්ල පොලිසියෙන් පෙරේදා (22) වාර්තා විය. 


මෙලෙස කෑගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කර ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකි.


කෑගල්ල පොලිසියට පැමිණිල්ලක් කර ඇති කාන්තාව තනිවම නිවසේ පදිංචිව සිටින අතර ඇය දහවල් කාලයට දේවාලේගම ප්‍රදේශයේ නිවසක බිලිඳු දරුවෙකු රැක බලා ගනිමින් මසකට සුළු මුදලක් උපයා ගනියි. මෙම කාන්තාවගේ නිවස ආසන්නයේ තවත් සම වයසේ යුවළක් පදිංචිව සිටිති. මෙම කාන්තාව එම යුවළ සමග කලක සිට ඉතාමත් සමීප ඇසුරක් පවත්වාගෙන යන අතර දෙපාර්ශවයේම එකිනෙකාගේ දුක සැප ද බෙදාහදාගෙන ජීවත් වෙති. උයන පිහන වෑංජන ද කාන්තාවන් දෙදෙනා නිතර නිතර හුවමාරු කරගෙන ඇත.


කාත් කවුරුවත් නැති කාන්තාව ළඟ රන් වළලු_ දෙකයි, රන් මාල දෙකයි, රන් මුදු දෙකකුයි ඇති බව අසල්වැසි කාන්තාව කලක සිටම හොඳටම දැනගෙන සිටි අතර අල්ලපු නිවසේ කාන්තාව ද ගමනක් බිමනක් යන අවස්ථාවේ දී රන්බඩු ඉල්ලාගෙන පළඳාගෙන ද ගියේය.


මෙලෙස සිටිය දී අල්ලපු නිවසේ කාන්තාව ඉකුත් 16 දා ගමේ සොරුන් කාණ්ඩායමක් බිහිවී ඇති බවත් රන් භාණ්ඩ ටික ඔවුන් සොරාගෙන යාමට හැකි බවත් නිවසේ රාත්‍රියට තනිවම රැය පහන් නොකරන ලෙසත් කාන්තාවට දැන්වූවාය. රන් භාණ්ඩ ටික රැගෙන රාත්‍රියට තම නිවසට පැමිණ නිදාගන්නා ලෙස ද මෙම කාන්තාව අනෙක් කාන්තාවට පැවසුවාය. තනිවම සිටින කාන්තාව බියට පත්වී එදින රාත්‍රි රන් මාල දෙකත් රන් වළලු_ දෙකත් රන් මුදු දෙකත් කොලයක ඔතාගෙන තවත් කුඩා බෑගයකට දමාගෙන අල්ලපු නිවසට නිදා ගැනීමට ගියාය.


පසුව මෙම කාන්තාව හිසේ තිබූ වේදනාවකට වේදනා නාශක පෙති දෙකකුත් නිවසේ හිමිකාරියගෙන් ඉල්ලා පානය කළාය. නිවසේ හිමිකාරිය එකම ළඟ පැදුරු දෙකක් එලා නිදා ගැනීමට අවස්ථාව සැලසූ අතර රන් භාණ්ඩ හිමිකාරිය රන් භාණ්ඩ බෑගය කොට්ටයේ කොනක තබා නිදා ගන්නට විය.


පසුදා උදේ නැගිටගත් අසල්වැසි කාන්තාව රන් බෑගය අමතක වී නිවසින් පිටත්ව ගියාය. මදදුරක් යන අවස්ථාවේ දී ඇයට සිහියට ආවේ රන් භාණ්ඩ බහා තිබූ බෑගය පිළිබඳවය. හනික ආපසු හැරුණු කාන්තාව වහාම පෙර දින රැය පහන් කළ නිවසට පැමිණ රන් භාණ්ඩ බහා තිබූ බෑගය පිළිබඳ විමසීමක් කළාය. තමන්ට එවැනි බෑගයක් හමු නොවූ බව ඇය දැන් වූවාය.


පසුව රන් භාණ්ඩ හිමි කාන්තාවගේ හදවත ගිනියම් විය. ඇයට පිහිටට මතක් වූයේ පොලිසියය. සිද්ධිය කෑගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කළාය. ඒ වනවිට සිද්ධිය සම්බන්ධ කාන්තාව විත්තිකාරිය කඩවත පදිංචි දරුවෙකුගේ නිවසට ගොස් තිබුණි. පසුව පොලිසිය විත්තිකාර කාන්තාවට පෙරේදා (22) කෑගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණෙන ලෙස දන්වා තිබුණි. එහෙත් ඇය පොලිසියට පැමිණ තිබුණේ නැත. පැමිණිලිකාරිය ද ආපසු නිවස බලා යන්නට පෙර පොලිසිය ඇයට ප්‍රකාශ කළේ සැකකාරිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවය.



අදහස් (2)

හොරුන්ගෙන් රන් බඩු පරිස්සම් කරගන්න ගිහින් තරු පෙනිලා

ශංඛ Tuesday, 24 September 2019 07:48 AM

දිවි ගෙවනමුත් පණට පණසේ නෑ විශ්වාසේ .....

:       0       19

ක්‍රිශ් Tuesday, 24 September 2019 12:53 PM

රත්තරන් බඩු ටික හොරකම් කරගෙන දරුවාගේ ගෙදරට යන්න ඇත්තේ. හොරා කාපුවා හංගලා තියන්න වෙන්න ඇති.හිතේ කහටක් නැත්නම් පොලිසියට ඇවිල්ලා කරුණු දක්වන්න තිබුණනේ. තමා හිසට තම අතමයි සෙවණැල්ල කියලා අපි නම් ඉගෙන ගත්තේ බාලාංශයේ ඉගෙනගද්දිමයි.

:       0       24

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site