X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


හොරෙක් ගැන පැමිණිලි කරන්න ගියාම හොරාගේ නම සොයාගෙන එන්න කියලා

ළමා නිවාසයක පාලිකාවගේ කාමරයට හොරෙන් ඇතුළු වී පළාගිය අයකු පිළිබඳ පැමිණිල්ලක් කිරීමට ප‍්‍රදේශයේ පොලිසියට ගිය අවස්ථාවේ එසේ පළාගිය තැනැත්තාගේ නම සොයාගෙන එන ලෙස දැන්වූ පුවතක් බස්නාහිර පළාතේ ගම්මානයකින් වාර්තා වේ. 

පසුගිය සතියේ දිනක නේවාසික ළමයින් රාත‍්‍රි නින්දට පෙර නිවාසයේ පාලිකාවට වැඳීමට කුස්සියට යමින් සිටියදී පාලිකාවගේ කාමරයේ නාඳුනන අයෙකු සිටිනවා දැක කෑගසා ඇත.

ළමයින්ගේ හඬට බියපත් වූ නාඳුනන පුද්ගලයා පළාගොස් ඇත. රාත‍්‍රි කාලයේ මේ ගැන පැමිණිලි කරන්නට යාමට අපහසු නිසා පාලිකාව පසුදා උදේ පොලිසියට ගොස් තම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට අදහස් කර තිබේ.

කුඩු පානයට ඇබ්බැහිවූවකු කිසියම් දේපළක් සොරකම් කිරීමට පැමිණ ඇති බවට සැක කළ පාලිකාව පසුදා උදෙන්ම පොලිසියට ගොස් සිද්ධිය පැමිණිලි කළාය. පැමිණිල්ල සටහන් කරන්නට නම් ඒ පුද්ගලයාගේ නම සොයාගෙන එන ලෙස ඒ අවස්ථාවේ රාජකාරියේ සිටි නිලධාරියා දන්වා ඇති අතර එම ප‍්‍රකාශයෙන් දැඩි අපහසුතාවට පත් පාලිකාව දන්නා හඳුනන අයගේ උදව්වෙන් උසස් නිලධාරියෙකු දැනුම්වත් කිරීමෙන් පසු පැමිණිල්ල සටහන් කිරීමේ අවස්ථාව ලැබී ඇත.



අදහස් (0)

හොරෙක් ගැන පැමිණිලි කරන්න ගියාම හොරාගේ නම සොයාගෙන එන්න කියලා

සෑම් Friday, 06 November 2015 09:51 PM

ලංකාවේ පොලිසියේ විතරක් නොවෙයි, විදේශ සේවයේත් මේ වගේ මිනිස්සු ඉන්නවා . 1991/92 තරම් ඈත කාලයේ (ෆොටෝ කොපි / ස්කෑනර් බහුල නැති කාලේ) එක්තරා මහකොමසාරිස් කාර්යාලයක තිබුන දැන්වීමක් මට මතකයි. නැතිවූ පාස්පෝට් එකකට අලුත් එකක් අයදුම් කිරීමේදී "නැතිවූ ගමන් බලපත්‍රයේ ෆොටෝ කොපියක් අදාළ අනෙකුත් ලියකියවිලි සමඟ ඉදිරිපත් කළයුතුයි " (නි)

:       0       0

තමර Saturday, 07 November 2015 12:37 AM

අනේ මෙහෙමත් දේවල්! (නි)

:       0       0

ලක්ෂ්මන් Saturday, 07 November 2015 02:26 AM

අපිට සතුටුවෙන්න පුළුවන් දෙයක් කවදා අහන්න ලැබෙයිද? (නි)

:       0       0

දාස Saturday, 07 November 2015 02:37 AM

සෑම්, මොකද තැන කියන්න ඔච්චර බය? (නි)

:       0       0

අමල් Saturday, 07 November 2015 03:14 AM

නම දන්නවානම් පැමිණිල්ලක් දාන්න යන්න ඕනද.? (ර)

:       0       0

පිටිගල Saturday, 07 November 2015 03:30 AM

ඉතින් හරිනේ? සැක පිට අත්අඩංගුවට ගත්තත් අද පොලිසියට වැරදි කියනවා. මීට පස්සේ පොලිසියට යනකොට හොරාගේ නම දැනගෙන එන්න කියලා ජනතාව දැනුවත් කල යුතුයි. අත්අඩංගුවට ගත්ත මිනිහෙක් ගෙන් ප්‍රශ්න කරනකොට ඔහු නැහැයි කිව්වොත් පොලිසිය එය විස්වාස කල යුතුයි. (ර)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 07 November 2015 03:32 AM

2016 ඔබ හොරෙක් පිළිබඳව පැමිණිල්ලකට ගියහොත් , නිසැකවම ඔබට අසන්න ලැබෙන්නේ මෙවැනි වදනකි , ;පැමිණිල්ල ලියා ගැනිමටනම් ඔබ හොරාවත් ගෙන ආයුතු වේ (රේ)

:       0       0

ජයරත්න Saturday, 07 November 2015 05:26 AM

මීට කලකට ඉහත අපේ ප්‍රදේශයේ එක්තරා කාන්තාවක් ඇයට අසල්වාසී මිනිසකුගෙන් නිතර කරදර (රන්ඩු සරුවල්) සිදුවන බව කියමින් පෑමිනිල්ලක් කිරීමට පොලීසියට ගියාය. එවිට එහි සිටි පොලිස් නිලධාරියෙක් ඇයට කියා සිටියේ " පුලුවන්නම් මිනිහා අරං එන්න " කියාය. ඒ අනුව පසුදා ඇය මිනිසා ද රැගෙන පොලීසියට ගියාය. හැබැයි ඒ අර ඇයට කරදර කල මිනිසා නොව ඇගේ කසාද පුරුෂයාය. (ර)

:       0       0

ගීතා Saturday, 07 November 2015 06:23 AM

වැරැද්ද කරන්නේ එක්කෙනෙක්. පොලිසිය අල්ලන්නේ වෙන එක්කෙනෙක්. පුදුම වෙන්න දෙයක් නැහැ ඉස්සරහට හැමොටම ඔහොම කරන්න කියයි. (ර)

:       0       0

මෙලනි Saturday, 07 November 2015 06:35 AM

අසල්වැසි තරුණියක් පසු පස ආදරය ඉල්ලා සරසවි සිසුවෙකු පැමිණේ. අවංක චේතනාවකින් නොව බැංකු නිලධාරිනියක් වන තරුණියගේ සල්ලි වලින් එදා වේල සොයා ගන්න බව දැන ගෙන තිබෙන්නේ සරසවියෙද සටහන් ලියවා ගැනීමට තවත් පෙම්වතියක් සිටින බව එක්ක. සේවා ස්ථානයටද පැමිණෙමින් තරුණිය නොලැබුනොත් වස බොනවා කියා තර්ජන කල නිසා බැරි තැන පොලිසි ගිහින්. පොලිසියේ ඇත්තන් කියාසිටින්නේ " සරසවි සිසුන්ගේ හුටපට ඇරෙන්න වෙන ඕන පැමිණිල්ලක් ලියා ගන්නම්. අන්තිමේ එකත් පොලිසියේ පිටින් යාවි . අපිට මේ දවස්වල තියන ප්‍රශ්න ඇති. ඔයගොල්ලන් ඕක ඔය හාදයාගේ ගෙදර කට්ටිය එක්ක කතා කරලා විසඳා ගන්න" කියලා. (ර)

:       0       0

අසංක චින්තන Saturday, 07 November 2015 07:11 AM

පිටිගල, සැකකරුවන් අත්අඩංගුවට ගන්න එක නෙමෙයි වැරැද්ද. සැකකරුවන් වැරදි කරුවන් කරන එකයි වැරැද්ද. (ර)

:       0       0

රන්ජිත් Sunday, 08 November 2015 06:54 PM

ඔන්න අපේ පොලිසියේ කෙරුවාව. (නි)

:       0       0

ඉමේෂ් Monday, 09 November 2015 01:32 AM

ලංකාවේ පොලිසිය ඔහොම තමයි. මාත් පැමිණිල්ලක් දාන්න ගියාම ඔයවගේ දේවල් කිව්වා. දැන් අපිම හොරු අල්ලන්න ඕනෑ. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 09 November 2015 03:03 AM

සමහර වෙලාවට මෙහෙ පොලිසියත් ලංකාවේ වාගේ තමයි. ඔය වාගේ පැමිණිල්ලක් දාන්න ගියාම අහන්නේ හොරාගේ නම දන්නවද? හඳුනනවද කියලා. (නි)

:       0       0

කසුන් Monday, 09 November 2015 12:32 PM

මේක පුදුම පොලිසියක්නේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site