X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


හොරෙන් කැපූ කෙසෙල්කැනට අයිතිකරුම සල්ලි දීලා

හසලක සුනිල් ඒකනායක
සොරෙකු ගෙවත්තකින් රාත්‍රි කාලයේ කපා ගෙන ගොස් කඩේකට විකුණා තිබූ කෙසෙල් කැන එය අයිතිකරුටම මිලදී ගැනීමට සිදුවූ සිද්ධියක් හසලක ගම්මානයකින් වාර්තා විය.


ඔහු ගොවිතැනින් ජීවත් වන ගොවි මහතෙකි. කුඹුරු ගොවිතැනට අමතරව තමන්ට හිමි ගෙවත්තේ පොල්, කොස්, කෙසෙල්, කිරිඅල, මඤ්ඤොක්කා ඇතුළු විවිධ බෝග වගා කර තිබේ. මෙම වගාවන්ගේ ඵල නෙලා ගෙන අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම සිව් දෙනෙකුගෙන් යුතු ඔහුගේ පවුලේ ජීවත්වීමට ප්‍රමාණවත්ය.


මෙම වගාවලට හොර හතුරන්ගෙන් සිදුවෙන හානිය අතිමහත්ය. ඇතැම් විට ගස්වලින් පොල්, පුවක් හෝ කෙසෙල් කැන් අතුරුදන්වෙයි. ඇතැම් වර්ෂා දිනවල බොහෝවිට කිරිඅල, මඤ්ඤොක්කා පඳුරුපිටින්ම අතුරුදන් වූ අවස්ථාද තිබේ. 


මෙවැනි අවස්ථාවල ඔහු කම්පා වන්නේ නැත. එවැනි සිද්ධියක් දැනගැනීමට ලැබුණු විටදී ඔහු පවසන්නේ “ආ නැති බැරි කමටනේ ඔය හොරකන් කරන්නේ. ඔහේ ඇතිනම් අරගෙන ගිහිල්ලා කාපුදෙන්. විකුණා ගද්දෙන්. ඕවා වගා කරපු උඹලට පිං සිද්ධවෙයි.” කියා පවුලේ අයට පවසා සිටීමට තරම් ඔහු කාරුණිකය. එපමණක් නොව ගමේ පොදු වැඩ කටයුතුවලදී ඔහු තම ගෙවත්තේ ඇති බුලත්, පුවක්, කෙසෙල්කැන් නොමසුරුවම පරිත්‍යාග කරයි. ඒ තරමටම ඔහු උසස් මිනිස් ගුණ ඇත්තකු බව ගමම දනී. 


ගොවි මහතාගේ කුඹුර පිහිටා ඇත්තේ පදිංචි නිවසේ සිට කිලෝ මීටර් 4ක පමණ දුර මිනිපේ මහ ගොවි ජනපදයේය. 


මෙදින ඔහු කුඹුරට ගොස් කුඹුරේ කටයුතු නිම කර දහවල් නිවස බලා එන අතරේ අතරමග තිබූ තේ කඩයට ගොඩ වුණේ ගමනේ මහන්සියට මදක් ගිමන් හැර කහට එකක් පානය කිරීමටය. වඩයක් කා කහට කෝප්පයක් පානය කරමින් සිටින විට ඔහුගේ නෙත ගැටුණේ කඩය පිටුපස එල්ලා තිබූ හොඳට වැඩුණු ගෙඩි ඇති  පැසුණු කෝලිකුට්ටු  වර්ගයේ කෙසෙල්කැනක් වෙතය. මේකෙන් ඇවරියක් දෙකක් ගත්තා නම් ලොකු දුවලට ගිහිල්ලා දෙන්න පුලුවන්. පොඩිවුන් කෝලිකුට්ටුවලට ආසයිනේ යැයි ඔහු සිතුවේය.


“මුදලාලි මේ කෙහෙල්කැනෙන් මෙන්න මේ ඇවරි දෙක කපලා දෙන්නකෝ.” මිලදී ගත් කෙසෙල්වලට සහ පානය කළ තේවලට මුදල දෙන ගමන් පැවසුවේ. “කොහෙන්ද මුදලාලිට මේ කෙසෙල් කැන හම්බවුණේ.” කියාය. “ආ ඕක අර එහා ගමේ කෙනෙක් ගෙනත් දුන්නේ ”. කියා කියන විට ගොවි මහතා පැවසුවේ “මේක නම් ටක්කෙටම කාගේ හරි වත්තකින් හොරට කපාගෙන ආ එකක්. මොකද මිනිහා කවදාකවත් වගාවක් කරන කැත්තක් උදැල්ලක් අල්ලන එකෙක් නෙවෙයිනේ”. කියාය.


ගෙදර ගිය ඔහු සවස් යාමේ වත්ත පැත්තට ගියේ වගාව ගැන විපරම් කර බැලීමටය. වත්තේ ඇවිදිමින් සිටින විට ඔහුගේ නෙත ගැටුණු දෙයින් සිත මදක් නැවතුණි. ඊයේ හවස යසට මෙතන තිබුණු කෝලිකුට්ටු ගහේ කැනට මොකද වුණේ? මොකාද මේක කපාගෙන ගියේ. හරි මට වැඩේ තේරුණා. එහෙනම් මේකා තමයි මගේ කෙසෙල් කැන කපාගෙන ගිහින් තියෙන්නේ යැයි තමන්ටම කියා ගනිමින් නිවස කරා පැමිණියේ දැඩි කනගාටුවෙනි. මොකද මේ කවදාකවත් නැතිව මුහුණ මැලිකරගෙන. යැයි ඔහුගේ එම වෙනස දුටු බිරිඳ විමසුවාය. එවිට ඔහු පැවසුවේ අර  මං දුක් මහන්සියෙන් වගා කරපු  මගේ කෙසෙල් කැන මේකා හොරට  කපා ගෙන ගියා විතරක් නෙවෙයි  කෙසෙල් කැනේ පළමු ඇවරියම සල්ලිවලට මටම ගන්නට මේකා සැලැස්සුවානේ. මේකා නං ගමේ තියන්ට වටින එකෙක් නෙවෙයි. යැයි කියා නිවැසියන්ට පැවසුවේ තමන් දහවල් කුඹුරට ගොස් එන විට රැගෙන ආ මේසය මත තබා තිබූ කෙසෙල් ඇවරි දෙක පවුලේ අයට පෙන්වමිනි. 



අදහස් (0)

හොරෙන් කැපූ කෙසෙල්කැනට අයිතිකරුම සල්ලි දීලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site