මුරකරු සහ පොම්ප ක්‍රියාකරු නින්දේ පසුවෙද්දී ඊයේ (08) අලූයම ඉන්ධන පිරවුම්හලකට පැමිණි ත්‍රීරෝද රථයක රියැදුරා ඉන්ධන පොම්පය රැගෙන තමන්ට අවශ්‍ය ඉන්ධන ලබාගෙන පොම්පකරු අවදි වූ පසුවද රුපියල් 100ක් දී අත්මුදලට ඉන්ධන ලබාගෙන ගිය සිද්ධියක් හිඟුරාන නගරයෙන් වාර්තා වේ.
ඉන්ධන පිරවුම්හලේ සවිකර ඇති සී.සී.ටී.වී කැමරාවේ සටහන් වී ඇති තොරතුරුවලට අනුව එම සිද්ධිය මෙසේය.
ඉදිරිපස පාඨයක් සඳහන්ව ඇති ත්‍රීරෝද රථයක් ඉන්ධන පොම්පය අසල නතර කරයි. වේලාව අලූයම 2.00යි. ඉන් බැසගත් තරුණයෙක් වටපිට බලා ඉන්ධන පොම්පය ක්‍රියාත්මක කර තම රථයට ඉන්ධන ලබා ගැනීමෙන් පසුව නැවත පොම්පය පසෙකින් තබයි.
මේ අතර නින්දෙන් අවදිවන පොම්පකරු එතනට පැමිණ ඔහුට අවශ්‍ය ඉන්ධන නිකුත්කරයි. ඒ සඳහා මුදලක්ද දී ඔහු ත්‍රීවීලරයේ විදුලි පහන් දල්වාගෙන පිටවී යයි.
වේලාව අලූයම 2.5යි.
ඉන්ධනහල් හිමිකරු සඳහන් කළේ මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කරන බවය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හොරෙන් තෙල් ගැසූ රියැදුරා පොම්පකරු ආයෙත් අන්දලා
මාලක Monday, 09 June 2014 10:25 AM
මොනවා කළත්, මිනිසුන්ගේ හොර හිත නැතිකරන්න බැහැ (නි)
කුමුදිනි වත්සලා Monday, 09 June 2014 05:30 PM
අනේ පවු අහිංසක සේවකයාගේ රැකියාව (නි)
ශාන සෞදි Monday, 09 June 2014 10:05 PM
රාත්‍රී මුර සේවය හරියාකාරව නොකෙරීම වරදට තමයි මේ දඩුවම ලබා දී ඇත්තේ මොකද මුරකරු හා පොම්ප කරු දෙදෙනාම නිදිනම් පිරුම්හල අයිති කරු මොකටද පඩි ගෙවන්නේ රාත්‍රී මුර සේවය කරන අයට දිවා කාලය නිදාගන්න පුළුවන් දිවාකාලය ඔහේ ගෙවා ඇවිත් රාජකාරිය කරන වෙලාවේ නිදා ගන්න අයට හොදම දඩුවමක් අප කණගාටු විය යුතු නැ . අපි පවු අහිංසක සේවකයා කීවහම ඔවුන් දිගටම මෙය කරනවා (දී)
ගාමින්ද Monday, 09 June 2014 10:06 PM
රටක් දියුණු කරන්න බැරි ඔන්න ඔයවගේ වැඩ නිසා තමයි (දී)
ලක්ෂපාන Monday, 09 June 2014 10:21 PM
ඔය ත්‍රීවීල් එකේ හාදය ටැංකිය ෆුල් ටෑන්ක් නොකර සීයකට විතර තෙල් ගහන්න ඉතිරි කරගත්ත එක නම් මාරම මාරයි. (ස)
පිටිගල Monday, 09 June 2014 11:18 PM
ලංකාවේ තෙල් වල වටිනාකම ඉහළ අගයක පවතින බැවින් සොරකමක් වේ යැයි විමසිල්ලෙන් සිටිය යුතු තැන මේ දෙදෙනාම එකවර නිදාගෙන. එනිසා පාඩමක් වශයෙන් අලාභයත් අය කරගෙන දෙදෙනාම සේවයෙන් පහ කළ යුතුයි.ත්‍රීරෝද හිමියා ගැන අමුතුවෙන් යමක් කිවයුතු නැත. (නි)
ශාන්ති Tuesday, 10 June 2014 02:06 AM
ඒ වගේ කපටි වැඩ කරලා ඔහුට හොඳ පළපුරුද්දක් ඇති. ඒකනේ සීයක තෙල් ගහන්න ඉඩ තියාගත්තේ (නි)
රූපවතී Tuesday, 10 June 2014 09:00 AM
පහන්දී නංගි, ආදරණිය සමදරා අක්කා කොහෙද දන්නේ නැනේ? පවු (දී)
ඉසුරන්දි Tuesday, 10 June 2014 09:33 AM
අපේ රට ධර්මද්විපයක්නේ. එකනේ මෙච්චර යහපත් වැඩකටයුතු සිදුවෙන්නේ. (දී)
සෑම් Tuesday, 10 June 2014 12:47 PM
ඉස්සර නම් රාත්‍රියට පොම්ප වලට ඉබ්බෙක් දාලා ලොක් කරනවා. ඇයි දැන් එහෙම කරන්න බැරිද?? (දී)
ගාමින්ද Tuesday, 10 June 2014 01:38 PM
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි ලු (දී)
සරත් Tuesday, 10 June 2014 04:52 PM
දැන් නම් ඉන්නේ බොහොමයක් බල්ලෝ මරලා හරි හම්බ කරන අය.ලොකු කුඩා බේදයක් නැහැ, බොහොම දෙනෙක් එහෙමයි. ඉස්සර නම් මෙහෙම නැහැ.තවත් කෙනෙකුට විනකරලා ,කොහොම කාලා බීලා ඉන්නවද මන්දා. (නි)
අජිත් Wednesday, 11 June 2014 07:05 PM
සෑම් මහත්තයා මොකටද එන්න හදන්නේ? (නි)