(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රුපියල් ලක්ෂ දෙකකටත් වැඩි වටිනාකමකින් යුතු කැමරාව සහිත බෑගය කන්ද උඩරට හෝටලයක අමතකවීමෙන් තබා දුම්රියේ නැගී ගම්පහ ප්‍රදේශයේ නිවසට ආ කැමරා ශිල්පියෙකු ඒ බව සිහිපත්වීමෙන් පසු එය ගෙන එන්නට ත්‍රිරෝද රියකින් කන්ද උඩරට බලා ගිය පුවතක් පසුගියදා වාර්තා විය.
ගම්පහ ප්‍රදේශයේ වීඩියෝ කැමරා ශිල්පියෙකි. ඔහුගේ කැමරාව අලුත්වැඩියාවක් කරන්නට සිදුවිය. ඒ ගැන ප්‍රවීණයකු සොයා උඩරට බලා ගියේ එය නියමිත පරිදි සකසා ගත යුතු නිසාය. හිමිදිරියේම දුම්රියෙන් ගමන පිටත්වී නියමිත ස්ථානයට ගිය ඔහු සිය කැමරාව අලුත්වැඩියාවට බාර දුන්නේය.
පස්වරු දෙක පමණ වන විට අලුත්වැඩියාව අවසන්විය. මුදල් ගෙවූ කැමරා ශිල්පියා ආපසු ගමනට සූදානම් වුවත් දැඩි කුසගින්නකින් පෙලෙමින් සිටියේය. හෝටල් දෙක තුනකට ගිය ඔහු ඒවායින් සෑහීමකට පත්වූයේ නැත. අන්තිමේ හොඳ හෝටලයකට ගොඩවී කැමරාව සහිත බෑගය මේසය යටින් තබා බඩ කට පුරා හොඳින් සප්පායම් විය.
කා බී අහවර වෙද්දී දුම්රිය පිටත් වන වේලාව ආසන්න බව දැනුනි. ඉක්මන් ගමනින් එළියට ආ හෙතෙම ගමන් කළේ දුම්රිය ස්ථානයටය. ගමනට සැරසී සිටි ඔහු දුම්රියට නැගුණු වහාම පිටත්විය.
ගමනාන්තයට ළංවී බසින්නට සැරසී බලද්දී කැමරාව නැත. ඔහුට හීන් දාඩිය දැම්මේය. කැමරාව හෝටලයේ මේසය යට බව සිහිපත් වූයේ ඒ අවස්ථාවේදීය. හෝටලයේ කෑම කා ලද බිල්පත බලා දුරකතන ඇමතුමක් දී එය තවමත් තිබෙන බව තහවුරු කරගත් කැමරා ශිල්පියා දුම්රියෙන් බට වහාම දන්නා හඳුනන ත්‍රිරෝද රියකට ගොඩවී යළි උඩරට බලා ගමන් ගත්තේය. මැදියම් රැයට ආසන්න වෙද්දී යළි ගමට ආ හෙතෙම ත්‍රීරෝද රථයේ ගාස්තුව ගෙවා දැම්මේ තමන්ටම හිතින් දොස් පවරා ගනිමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හෝටලයකින් ජයට සප්පායම්වෙලා අන්තිමේ වමාරන්න වෙලා
sam Friday, 04 January 2019 08:39 AM
මේකට හිනා වෙන්න ඕනැද, අඬන්න ඕනැද කියන එකත් මේ සමගම පල කලානම් කාටත් පහසුයි.