X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


හෝටල් සාදයේ කෑම කද්දී දත් අස්සේ ගලක් හිරවෙලා

(කරුවලගස්වැව - ජයරත්න වික‍්‍රමාරච්චි)
හෝටලයක පැවැති මඟුල් සාදයකින් කෑම කද්දී දත් දෙකක් අතරේ සිරවුණු ගල් කැටයක් නිසා අපහසුතාවට පත් වූ තරුණ රූමත් කාන්තාවක් එම හෝටලයේ සූපවේදියාට අමතක නොවන පාඩමක් ඉගැන්වූ පුවතක් පසුගිය දිනක ගම්පහ ප‍්‍රදේශයෙන් වාර්තා විය.


එම වාර්තාවට අනුව මෙම සිද්ධියට මුහුණපෑ කාන්තාව බියගම ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. ගම්පහ ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක උසස් තනතුරක් දරන ඇය විවාහක තරුණ රූමත් කාන්තාවකි.


බස්නාහිර පළාතේ හෝටලයක පැවැති මෙම මංගල උත්සවය ද එම ආයතනයේම සේවිකාවකගේය. මේ සඳහා ආරාධනා ලැබු අදාළ කාන්තාව ද සිය සැමියා සමඟ මේ සඳහා සහභාගි වූ අතර, ඊට අමතරව එම ආයතනයේ මෙන්ම මනාල යුවළගේ පාර්ශ්වවලින් ද සැලකිය යුතු පිරිසක් මෙම මංගල උත්සවයට සහභාගි වී සිටියහ.


සියලූ චාරිත‍්‍ර වාරිත‍්‍රවලින් අනතුරුව මංගල සාදයේ වැඩකටයුතු ආරම්භ විය. එය වඩාත් හැඩ වැඩ ගන්වන්නට හෝටලය ගානේ කඨෝර සංගීතයක් ද සපයා තිබිණි. ඇතැම්හු කති, බොති, නටති, ගී ගයති. ඇතැම්හු මුකුත්ම නැතිව ඒ දෙස බලා සතුටු වෙති.


කෑම කන අය අතර අදාළ කාන්තාව ද වූවාය. බත්පතින් හරි අඩක්වත් කන්න ඇයට ඉඩක් ලැබුණේ නැත. වම්පස හස්කේ දිරාපත් වෙමින් තිබියදී ළඟදී ගලවා දැමූ දතකට සම්බන්ධ කුහරය තුළ යමක් තදින් සිරවීම නිසා ඇති වූ වේදනාව හේතුවෙන් කෑම ගැනීම තියා ඇයට උන්හිටි තැන් පවා අමතක වී එක් වරම කට අල්ලාගෙන ”අම්මෝ.....” යැයි කීවාය. එහෙත් මේ වන විට මංගල සාදය උණුසුම් අවස්ථාවට පැමිණ තිබූ නිසා ඇගේ කෑ ගැසීම ළඟ සිටි යෙහෙළියන් කීප දෙනකුට හැර සෙස්සන්ට ඇසුණේ නැත.


ඒ අනුව ක‍්‍රියාත්මක වූ යෙහෙළියන් දෙදෙනකු සිද්ධියට මුහුණපෑ කාන්තාව හෝටලයේ කාමරයකට රැුගෙන ගොස් ඇගේ මුඛය පරීක්ෂාවට ලක්කර අනතුරුව එහි දත් කුහරයක සිරවී තිබූ කඩල ඇටයක් තරමේ ගල් කැටයක් පිටතට ගත්තාය. එයින් නොනැවතුණු ඔවුහු එම හෝටලයේ සූපවේදියා සොයා හෝටලයේ මුළුතැන්ගෙට ද ගියහ. එහිදී සූපවේදියා හමුවූ මෙම පිරිස ‘‘මෙන්න ඔහේගේ මඟුල් මුද්දෙ ගල ද කොහෙද ඒක අපේ යාළුවගෙ හක්කෙ තිබිල මේ දැන් හමුවුණේ. පරිස්සම් කරල අරන් තියා ගන්නවා” යැයි කියා ගල් කැටය සූපවේදියා අත තැබීමට ද ඔවුහු අමතක නොකළහ.



අදහස් (0)

හෝටල් සාදයේ කෑම කද්දී දත් අස්සේ ගලක් හිරවෙලා

ඉනෝකා Wednesday, 27 May 2015 07:43 AM

අලුතෙන් දත ගලවපු නිසා පසුව එකක් දාන්න හිතාගෙන ඉන්න ඇති.මම අහල තියනවා කනකොට බත් පතේ කෙස් ගහක් තිබිලා අහුවුනොත් ගෙදර ගෘහණිය කියනවලු අද ඔයාට කොහෙන් හරි සල්ලි හම්බුවයි කියලා.කොහොම වුනත් ආහාර පිසිනකොට පිරිසිදුවට සැලකිල්ලෙන් එය කිරීම උයන කෙනාගේ පරම වගකීම වේ. (හේ)

:       0       0

ටිකිරි Friday, 29 May 2015 03:53 AM

හොද හොද හොටෙල් වල ඔය වගේ දේවල් වෙනවා.(හේ)

:       0       0

ටිකිරි Friday, 29 May 2015 03:53 AM

මම ඇත්තම කතාවක් කියන්නම් පහුගිය මැතිවරණය කලේ රජයට සහය දැක්වීමට රජයේ ඉහලම නිලධාරීන්ට ගාලු මුවදොර ඉහලම හෝටලයක සුපිරි සදයකට මගේ මහත්තයා ගියා කාලා විනාඩි පහක් ගියේ නැතිලු පුදුම බඩේ කැක්කුමක් හැදුනෙලු.(හේ)

:       0       0

හේවගේ Thursday, 28 May 2015 07:58 PM

උසස් නිලධාරිනියක් වෙලත් සංවරව කෑම ටික කෑවා නම් හරිනේ (නි)

:       0       0

ලාල් Thursday, 28 May 2015 11:14 AM

සූප වේදියාගේ කොටසක්ද දන්නෙ නැහැ. (බ)

:       0       0

දුමින්ද Thursday, 28 May 2015 10:28 AM

ඔය සිද්දිය දන්ත ලේප දැන්වීමකට සුදුසු නැද්ද ? (ම)

:       0       0

ලසිත් Thursday, 28 May 2015 03:19 AM

ශරීර සෞඛ්‍යයට අහිතකර කෑම සපයන එක තරු පහේ හෝටල වලත් කෙරෙනවා. මීට වසර ගානකට පෙර ගාලු මුවදොර කිට්ටුව ප්‍රසිද්ධ හෝටලයක මගුල් උත්සව තුනක් සඳහා සැපයු ග්‍රීන් පීස්‌ සහ කජු ව්‍යංජනය නරක් වුනා. උත්සවයට ආපු ආරාධිතයන් බඩේ අමාරුව හැදිලා අහල පහල හෝටල් වල වැසිකිලිත් සොයාගෙන දිව්වා. අන්තිමේ හෝටලයට එම මංගල පාර්ශවයන් තුනම විසින් නඩු දමලා වන්දි ගෙවන්න පවා සිද්ධ වුනා. එයින් එක මංගල උත්සවයක් මම දන්නා කියන කෙනෙකුගේ (බ)

:       0       0

ජයපාල Wednesday, 27 May 2015 05:59 PM

අනේ අක්කගේ හක්ක පටස් (නදී)

:       0       0

දයා න්නදසිරි Wednesday, 27 May 2015 05:00 PM

ඔය වගේ දේවල් වෙනවා හිතලා කරනවා නෙමෙයි (නදී)

:       0       0

භානු Wednesday, 27 May 2015 08:07 AM

අර මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් කඩන් වැදිලා සොයා ගත්ත කොළඹ කඩවල කුස්සියේ ඡායරුප මම දැක්කා. නෝනාට දවස ගානේ සාරියක් අරන් දුන්නත් මදි කොහොම හරි එයා රැකියාවට යන අතරෙත් උදේට නැගිටලා මට ගෙදරින් බත් පාර්සලයක් ලෑස්ති කරලා දෙනවාට. (බ)

:       0       0

නෙලුම් Wednesday, 27 May 2015 07:53 AM

මම ගිය මගුල් ගෙදරක පලතුරු බිම එකේ දිග කෙස් රොත්තක් තිබුනා. ඒක ගෙදරක තිබුන උත්සවක් නිසා කවුරු හරි බවලතෙක් පිලියල කළ පානයක් වෙන්න ඇති. මමත් හෙමිහිට වීදුරුව පැත්තකින් ගෙනිහින් තිබ්බා මිසක් ඒ ගැන කියන්න ගියේ නැහැ. සමහරවිට දවසේ කුලියට උයන්න ආපු දුප්පත් කාන්තාවකගේ අතපසු වීමක් කියල හිතුන නිසා. (බ)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 27 May 2015 03:19 AM

සිය දෙසීයකට කැම පිසිනකොට ඔය වාගේ දේවල් සිදුවෙනවානේ. ඕකට ඉතින් සුපවේදියාට දොස්කියල මොනවා කරන්නද .හෙමිහිට බත් ටික කැවා නම් ඔහොම වෙන්නේ නැහැනේද? (ම)

:       0       0

සෑම් Wednesday, 27 May 2015 07:34 AM

කලකට පෙර මඟුල් ගෙදරකදී මගේ බත්පතේ සිගරට් කොටයක් තිබුණා. ඒ මඟුල් උත්සවය මා යටතේ සේවය කළ කෙනෙකුගෙයි.ඔහුගේත් කෑම ඉවූ අයගෙත් නම්බුව තියන්න මම අද වෙනතුරු මේ සිද්ධිය කා එක්කවත් කිව්වේ නැහැ. ඒක දැකපු ගමන්ම කෑම නවත්වලා "මට ටිකක් වැඩියි වගේ" කියලා නැගිටලා ගියා. (නි)

:       0       0

මනෝජ් Wednesday, 27 May 2015 06:32 AM

මම දැකල තියෙනවා ඩෙන්ටල් වල ගහල තියෙනවා දතක් ගැලවීමෙන් පසු කියල පොස්ටේර් එකක්. එකේ තියෙනවා දත ගැලවූ සිදුර වසෙනකම් ගන ආහාර ඒ පැත්තෙන් හපන්න එපා කියල. (ම)

:       0       0

ආනන්ද Wednesday, 27 May 2015 05:05 AM

ඕක ඇත්තටම මුද්දක අල්ලා තිබුන මැණික් ගලක් වුණා නම් ඔය සද්ද මොකුත් නැහැ නේද? (නි)

:       0       0

සමන් Wednesday, 27 May 2015 04:59 AM

මේ ගැහැණිය ගැන දීල තියන හැඳින්වීම තොටගමුවේ රාහුල හිමිගේ කවියක් වගේ, හැබැයි හක්කේ ඔච්චර තඩි හිලක් තියාගෙන ඉන්න කෙනෙක් කියල හිතුනහම අර වර්ණනා ඔක්කොම ඉවරයි (ම)

:       0       0

අමිල Wednesday, 27 May 2015 04:37 AM

කන්න ගියාම වුණත් සිහියෙන් කන්න කියන්නේ ඕකට තමයි. (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 27 May 2015 04:05 AM

වන්දියක් ඉල්ලන්න පුළුවන් කාරණයක්(ම)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Wednesday, 27 May 2015 04:05 AM

කඩල ඇටෙක ගලක් කටේ හිරවෙන්න ඉඩ තියනවනම් තිබෙන දත් ගණන හිතා ගන්න පුලුවනි.(ම)

:       0       0

ජෙහාන් Wednesday, 27 May 2015 04:02 AM

කඩල ඇටයක් තරම් ගලක් තිබෙන මගුල් මුද්දක් දාන්න වත්කමක් තිබෙන කෙනා කුස්සියේ උය උයා ඉඳීවිද ? මම කියන්නේ ලංකාවේ කුස්සියක. පිටරට වල සුප වේදීන්ට නම් හොඳ පඩි ලැබෙනවාලු. (බ)

:       0       0

අනුරංග Wednesday, 27 May 2015 03:38 AM

වම්පස හස්කේ දිරාපත් ඇති (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site