X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


හෝටලෙන් කා බී වේටර්ට දුන්න සන්තෝෂම පුතා අරන්

දකුණු පළාතේ ප‍්‍රසිද්ධ ආපන ශාලාවකට පසුගිය දා ප‍්‍රභූ මට්ටමේ පවුලක් නවීන මෝටර් රථයකින් ආවේ උදෑසන ආහාරය ගැනීමටය. මව, පියා අතදරුවකු හා වයස අවුරුදු හයක් තරම් වූ දරුවකු ද මෙහි විය.

දඟකාරයකු වූ ලොකු පුතා අමාරුවෙන් මෙල්ල කොට ගෙන කෑම කෑ ඔවුහු මුදල් ගෙවා රුපියල් පනහේ නෝට්ටුවක් වේටර්ගේ සන්තෝසම ලෙස බන්දේසියේ ඉතිරි කළේය.

වාහනයට ගොඩ වී මඳ දුරක් ගිය විට ලොකු පුතාගේ අතේ කිසිවක් මිට මොලවා ගෙන ඇති බව පියාට පෙනිණ. ඔහු ඒ පිළිබඳව විමසිලිමත් විය.

‘‘තාත්තට මේක අමතක වෙලානෙ ආවේ’ කියමින් පුතා රුපියල් පනහේ නෝට්ටුව පෙන්වූ විට පියාට තරු පෙනුනේ තමා වේටර් සඳහා තැබූ මුදල පුතා ආපසු රැගෙනමිට මොලවාගෙන සිටි බව තේරුම් ගත් නිසාය.



අදහස් (0)

හෝටලෙන් කා බී වේටර්ට දුන්න සන්තෝෂම පුතා අරන්

වන්නි තිලක් Friday, 22 November 2013 10:43 AM

අරාබි ජාතිකයින් තුන් දෙනෙක් ජර්මනියේදී හෝටලේකට ගියා. තුන් දෙනාට කෑම ගෙන්නුවා. ඒත් එයින් අඩක් වත් ඉවර කලේ නෑ. ඉතිරි කරලා නැගිටලා යන්න හදනකොට ඊළඟ මේසේ හිටපු වයෝ වෘද්ධ කාන්තාවක් ඔවුන්ට කිවා කන්න බැරිනම් ඒවා අරන් යන්න කියලා. ඔවුන් කිව්වා අපට ඕනේ නෑ කියලා. කාන්තාව කිව්වා එහෙම කෑම අහක දන්නා බෑ මේවා හදන්න ලෝකේ සම්පත් ගොඩක් වියදම් කරනවා කියලා. ඔවුන් කිව්වා අපි ඒවාට සල්ලි ගෙවල තියෙන්නේ කියලා. අන්තිමට කාන්තාව පොලිසියට කතා කළා. ඔවුන් ඇවිත් කිව්වා ඔයාලට සල්ලි ඕනේ තරම් ඇති ඒක අපට අදාළ නෑ. එත් මිලදී ගත යුත්තේ තමන්ට කෑමට හැකි ප්‍රමාණය පමණයි. ආහාර ඉවත දමන්න බෑ. කරුණා කරලා අරගෙන යන්න කියලා. බොහොම ලජ්ජාවෙන් ඔවුන් අරන් ගියා. (නදී)

:       0       0

ඉන්දු - ලන්ඩන් Friday, 22 November 2013 03:58 PM

තිලක් අයියේ,,,,, ඉන්දු-ලන්ඩන් 2013-11-22 08:23:11 ඉන්දු-ලන්ඩන් 2013-11-22 11:16:19 මගේ නොවේ. (ස)

:       0       0

සමාධි Friday, 22 November 2013 02:40 PM

ඒ කියන්නේ වන්නි තිලක් සියාට දැන් ගොක් කොළ එහෙම හීනෙන් පේන වයසත් පහු වෙලා ගොඩක් කල්ද????? (ස)

:       0       0

පද්මේ Friday, 22 November 2013 02:01 PM

වන්නි තිලක් ජර්මන් කාන්තාව කිව්වේ රිසොර්සස් බිලොන්ග් ටු සොසයිටි.මනී බිලොන්ග්ස් ටු යු.දෙයා ෆෝ යු හැව් ටු කන්සියුම් වට් යු බෝට් කියලා. (ස)

:       0       0

තිලක් Friday, 22 November 2013 12:38 PM

ඉන්දු නගෝ නුබේ ලස්සන හැඩරුව මගේ හිතේ අඳුනයි..... පහුගිය දේවල් යකාට ගියදෙන්......උබ කරබා ගෙන හිටපන්....... පුංචි කාලේ අපි බට්ටෝ පැනපු හැටි පැංචියේ මට මතකයි.... ඉන්දු පැටික්කිට වෙච්ච පොරොන්දුව ඉර හඳ වගේ මතකයි!...... (ස)

:       0       0

සමන් Friday, 22 November 2013 11:29 AM

ඉන්දු-ලන්ඩන් කියන කාන්තාව මෙම පිටුවට ලියන තරමක් ලියන්නේ මහා විකාරමයි. කිසිම වැදගත් දෙයක් ලියන්නේ නැහැ. (නදී)

:       0       0

ඉන්දු-ලන්ඩන් Friday, 22 November 2013 11:16 AM

වන්නි තිලක් ඔයා කියනවා වගේ එදා ඒ මිනිහට ඕගොල්ලෝ බෝතල් කට්ටෝ කියලවත් කෑ ගැහුවේ නැත්තන් ගඩොල් බාගේකිනුත් ගහන්න ඉඩ තිබුනා. නිවටයට එළුවොත් රවල බාන්න එනවලු. අපිට විරුද්ධව කරන මේ වැඩේට අපි ඉඩ දෙන්න හොඳ නැහැ. අහල නැද්ද තැලෙන යකඩේ උඩ පැන පැන තලනවා කියලා. (ස)

:       0       0

සමදරා Friday, 22 November 2013 11:04 AM

දැන් නැවතත් මෙතන රස සාගරයක් මැවිලා. අනේ වාසනා!(නදී)

:       0       0

සමදරා Friday, 22 November 2013 11:02 AM

රූපා නැතිව මම පිස්සි වගේ හිටියේ. මොනවත් කරගත්තද කියලා (නදී)

:       0       0

රූපවතී Friday, 22 November 2013 10:44 AM

මෙන්න අපේ හේරත් අයිය කියන්නෙම නැතිව හොරෙන් ඇවිත්...? සමදරාට ටිකක් නිවාඩු ලැබෙයි ...?(නදී)

:       0       0

සමදරා Friday, 22 November 2013 06:52 PM

දැන් මගේ නමින් කවුරුවත් හොර අදහස් දාන්නේ නැහැ. දාන දෙන්නා මෙතන ටික දවසක ඉඳලා නැහැ (නි)

:       0       0

රූපවතී Friday, 22 November 2013 10:42 AM

ඔය වැඩේ හරියටම කරලා තියෙන්නේ අපේ පහන් මල්ලියි නෝනා නංගියි ,,,? පොඩි එකා කෑ ගැහුවේ "අත්තම්මේ කිරිඅත්තේ "..කියලලු ..?ඒ දෙන්නටලු වැඩියෙන්ම ආදරේ කොලු පැටියා.(නදී)

:       0       0

වන්නි තිලක් Friday, 22 November 2013 10:22 AM

ඉතින් සිරි අයියා ඉතුරු ටික ගෙනිහින් කනවා නම් කොච්චර හොඳද. අපි ඉතුරු කරලා ගියාම වෙන කවුරුත් කන්නේ නෑනේ. (ස)

:       0       0

වන්නි තිලක් Friday, 22 November 2013 10:17 AM

ඉන්දු අපි පාසලේ පිට්ටනියේ ඉන්නකොට පාරෙ ගිය උමතු පුද්ගලයෙක් බෝතල් කටුවකින් අපට ගැහුවා. අපි බෝතල් කට්ටෝ කියල කෑ ගැහුවා. ඒකට කේන්ති අරන් තවත් ගල් මුල් වලින් අපට ගැහුවා. එදා ඉඳල අපි දාපු නම පළාතේම අය කියන්න වුනා. බෝතල් කට්ට කිව්වොත් ඉතින් මිනිහට හරිම කේන්තියි. මිනිස්සු ඒ නම කියන්න උනේ ඒකට ප්‍රතිචාර (කේන්ති) දක්වන නිසා. ඔයා මේ විදියට හිතල බලන්න. එතකොට තේරෙයි මම දුන්න අවවාදය සුදුසුද කියල ස්තුතියි. (නදී)

:       0       0

සිරි අයියා Friday, 22 November 2013 09:34 AM

ඕක මොකක්ද.. සමහරු කාල ඉතුරු වෙච්ච ටික පාර්සල් කරල අරගෙන යන්නෙ ඩොගියට කියලා. ඩොගිය ඒවා දකින්නෙවත් නැහැ. (ස)

:       0       0

සිරිබිරස් Friday, 22 November 2013 09:24 AM

මඩ ගහන කොට අපිට නිකන් ඉන්න එපා දේවිය . මඩ හෝදන් රජ පුටුවට වාඩි වෙන්ට දේවිය... (ස)

:       0       0

අල්විස් Friday, 22 November 2013 08:30 AM

මොනවා වුණත් ගම දකුණෙනේ ...... (නි)

:       0       0

ඉන්දු-ලන්ඩන් Friday, 22 November 2013 08:23 AM

වන්නි තිලක්, ඔයා කියන්නේ මේගොල්ලෝ අපේ නම් භාවිතා කරලා අපිට මඩ ගහනකොට අපිට නිකන් ඉන්න කියලද? මේවට අපි තදින් උත්තර දෙන්න ඕනෑ. මේ මානසික රෝගීන්ට ඕනෑ කරලා තියෙන්නෙත් අපිව නිහඩ කරවන්න තමා. (නි)

:       0       0

වරුණ Friday, 22 November 2013 07:53 AM

සිරිපාල අයියේ, ඇයි ඔයා ලියන්නේ නැත්තේ? ඔයාගේ අදහස් මෙතන යාළුවන්ට අවශ්‍යයි (නි)

:       0       0

සාමා Friday, 22 November 2013 06:42 AM

කමක් නැහැ ඉතින්. පොඩි පුතෙක්නේ (නි)

:       0       0

පැංචි Saturday, 23 November 2013 09:08 PM

සමදරා දුන්න නේද පෙත්තටත් වම් සපත්තුව? (නදී)

:       0       0

නිමාලි Thursday, 28 November 2013 01:33 PM

මිනිස්සු ජීවත් වෙන්න හැම දෙයක්ම කරන්නේ. කෙනෙක්ගේ තත්වය වෘතිය මොකක් උනත් හිත සතුටින් තියන්න පුලුවන්නම් ඒක තමයි වැදගත්. (නදී)

:       0       0

හේරත් Monday, 25 November 2013 07:55 PM

තාත්තගෙම පුතණ්ඩියා... ආරේ පුරුදු වගෙයි (නි)

:       0       0

සිරි Monday, 25 November 2013 09:45 AM

ඔය කරලා තියෙන්නේ වැඩක්.. (නි)

:       0       0

ශාන්ත ලාල් Sunday, 24 November 2013 10:06 AM

ලොවට වැඩ දායී වාසනාවන්ත දරුවෙකු වන බව නම් මට විශ්වාසයි.(නදී)

:       0       0

පෙටී Sunday, 24 November 2013 07:14 AM

අයියෝ ඕකත් ලොකු පරතරයක්ද? (නදී)

:       0       0

සමදරා Sunday, 24 November 2013 06:24 AM

පෙත්තා දැනන් හිටියා හරි නොයන බව. ඇරත් බලන්න වයස පරතරය මට නම් ගානක් නැහැ ඒත් එයාට. (නදී)

:       0       0

හේරත් Sunday, 24 November 2013 05:55 AM

මේ අපලෙන් ගැලවුණ පින...නැවත නොකමි බත් දන්කුඩ. (නි)

:       0       0

සමදරා Sunday, 24 November 2013 05:34 AM

පැන්චි ,මට පුරුදුයි (නි)

:       0       0

ඉන්දු - ලන්ඩන් Saturday, 23 November 2013 10:25 PM

පනින්නට පෙර සිතනු කියලා කිව්වාට... නෑසුණ ලෙසට පෙත්තා පියඹා දුරට.... සිරවී කූඩුවක හඬමින් සිටි කලට... එපා වීලු, පල කිව්වලු දැන් යන්ට....(අ)

:       0       0

හේරත් Friday, 22 November 2013 06:06 AM

අනේ පොඩි පුතත් අන්න ලංකාදීපේ බලනවා (නි)

:       0       0

මේනක Saturday, 23 November 2013 08:00 PM

එකත් නරකම නැනේ.(අ)

:       0       0

දිසානායක Saturday, 23 November 2013 03:04 PM

නිශ්සබ්ද වෙන්නේ නැතුව බැහැනේ මේ කියන කතා අහන්න බැහැ. මොනවාද මේ අබින් කතාව ලජ්ජා නැද්ද ඔයාට සමදරා අක්කා.(නදී)

:       0       0

0 Saturday, 23 November 2013 02:48 PM

0

:       0       0

සමදරා Saturday, 23 November 2013 01:22 PM

අබිං දිසා ටිකක් නිශ්ශබ්ද වෙලා (නදී)

:       0       0

සමදරා Saturday, 23 November 2013 01:22 PM

මට හරි යන්නේ පීටර් අයියා වගේ තලතුනා කෙනෙක් මාව බලාගන්න. ඔය පෙත්ත වගේ පොඩි අය අරගෙන බැහැ(නදී)

:       0       0

සමදරා Saturday, 23 November 2013 12:31 PM

හරි මම මෙතනින් අයින් වෙන්නම්. එන්න කියා කියා අඬන්න එපා ඔන්න (නදී)

:       0       0

සමදරා Saturday, 23 November 2013 12:31 PM

ඕගොල්ලන්ට හොඳ වැඩි උනා මම (නදී)

:       0       0

පෙත්තා Friday, 22 November 2013 08:57 PM

අතැගිලි තුඩින් අනෙ මම බත් කෑවාට - පෙම් පිඩ එය බලා මට දොස් නැගුවාට - වැදගත් කම කියන දෙය කාටත් පෙන්නන්ට - කලිසම බැහැනෙ මට ඔලුවෙන් අදින්නට ....(ස).

:       0       0

චන්දි Friday, 22 November 2013 07:17 PM

අනේ ඔව් ඉන්දු විතරයි විකාර ලියන්නේ. අනෙක් සියලලෝම ලියන්නේ වැදගත් ඒවා.ඔන්න ඉන්දු ලියන්න හොද කවියක් (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ. දිසානායක Thursday, 21 November 2013 09:40 AM

මමත් කරලා තියනවා ඒවා නොදැනුවත්කමට කරපුවා. තේරෙන කාලෙ යාළුවොත් එක්ක තොසේ කන්න ගියා.කාලා ඉවර උනහම ඉතුරු උනේ සත 25 යි. ඒක තියල ආවා. එලියට බහින්න උනේ නැහැ වේටර් කතා කෙරුවා මේකත් අරගෙන යන්න කියල සත 25 දුන්නා.ලැජ්ජාවේ බැහැ. (ස)

:       0       0

සමදරා Thursday, 21 November 2013 10:26 AM

පද්මේ ඔබ හොඳ කෙනෙක් නොවේ (නදී)

:       0       0

සමදරා Thursday, 21 November 2013 10:13 AM

කුමාරසිරි පුතේ ඔබට මගේ ප්‍රණාමය (නදී)

:       0       0

සමදරා Thursday, 21 November 2013 10:12 AM

දයා ඔබ මානසික රෝගියෙක්ද? (නදී)

:       0       0

සමදරා Thursday, 21 November 2013 10:12 AM

වඩේ වගයක් කාල තේ බීවා. සේවය අන්තිමයි. සත 5ක් තිබ්බේ නැහැ ටිප් එක. එදායින් පස්සේ හොටෙලේ ඔක්කොම මට රවනවා ගියාම. උන්ටික කතා වෙලා (නදී)

:       0       0

සමදරා Thursday, 21 November 2013 10:09 AM

කෙනෙකුට කුඩා මිටෙන් ගහන එක ශිෂ්ට සම්පන්නයි. කුඩ මිට කැඩෙනවා විතරයි, රිදෙන්නේ නැහැ වැඩිය (නදී)

:       0       0

පද්මේ Thursday, 21 November 2013 10:08 AM

සර්විස් එක හොඳ වුනත් නරක වුනත් ප්‍රතිපත්තියක් හැටියට ටිප්ස් දෙනවා. සමහරවිට අපි දෙන රුපියල් 100/- ,200/- ඒක ඒ මිනිස්සුන්ට ලොකු ගානක්.අපි මේ රස්සා කරන්නත් ඒ මිනිස්සු ඒ රස්සා කරන්නෙත් දෙගොල්ලන්ගේ දෙවිදියක ලැබීම නිසා. අපිට වඩා ගොඩක් හොඳින් ඒ අය ඉන්නෙත් ඒගොල්ලන්ගේ ලැබීම නිසා. ඉස්සර තිබුන කොල්ලුපිටියේ චයිනිස් හෝටලයක්. බයිට්ස් මාර ගණන්. අපේ යාලුවෙක් හිටියා එතනට ගිය ගමන් කරන්නේ වේටර් මල්ලිට කියනවා මල්ලි මේක තියාගන්න බිල අඩුකරලා ගෙන්න කියලා. අපරාදේ කියන්න බැහැ මල්ලි ඒ විදිහටම කරනවා ..දැන් හැබැයි හෝටලෙත් නැහැ . (නදී)

:       0       0

සමදරා Thursday, 21 November 2013 10:07 AM

සමදරා 2013-11-21 08:19:42 අදහස මගේ නොවේ. (ස)

:       0       0

කුමාරි Thursday, 21 November 2013 09:50 AM

පොඩි එකා නොතේරුම් කමට කල දෙයක්නේ.තාත්තට තිබුනා නැවත එහෙම නොකරන්න එයාට තේරුම් කරලා දෙන්න. (ස)

:       0       0

දයා අලහකෝන් Thursday, 21 November 2013 09:42 AM

කොල්ලට හොඳ මොලයක් තියෙනවා. කවදාවත් කාටවත් පරද්දන්න නම් බැරි වෙයි වගේ. (ස)

:       0       0

නුගෝගොඩ Thursday, 21 November 2013 10:41 AM

පත්මේ, හෝටලේ තිබුනොත් තමා පුදුමේ. අපි ඉස්සර කාපු හෝටල් දැන් නැත්තේ, අපිත් ඉතින් එහෙමමනේ. (නදී)

:       0       0

නුගෝගොඩ Thursday, 21 November 2013 09:38 AM

ප්‍රභූ කියන්නේ ඕකටනේ. දුන්නා වගේ පෙන්නලා ආයේ ගන්නවා. (නදී)

:       0       0

රසික Thursday, 21 November 2013 09:07 AM

වේටර්ගේ අපල දිනයක්. (නදී)

:       0       0

වික්‍රම Thursday, 21 November 2013 08:57 AM

මමත් පුංචි කාලේ ඔය වැඩේම කළා. අම්මත් එක්ක හෝටලයකට ගිය වෙලාවෙ. හැබැයි ඒ කාලෙ අම්මා තිබ්බෙ රැපියල් 2/- කාසියක්. (ස)

:       0       0

බමුණු Thursday, 21 November 2013 08:51 AM

රුපියල් 50 ක ටිප් එකක් දීල බැනුම අහනවට වඩා මේ මුදල ආපසු අරන් යන එක හොඳයි කියා පුතා හිතන්න ඇති. (ස)

:       0       0

සමදරා Thursday, 21 November 2013 08:19 AM

කොහොම උනත් මේ කොලුවත් අපේ පැත්තෙනේ. පේනවනේ පොඩි කාලේ ඉදලම දකුණේ කොල්ලන්ගේ වැඩ.(නදී)

:       0       0

සමදරා Thursday, 21 November 2013 08:08 AM

මේ පුතා කවදාහරි ලොකුවෙලා, මෙතන හොඳට වෙන අයගේ නමින් අදහස් දායි (නි)

:       0       0

සෑම් Thursday, 21 November 2013 07:41 AM

අය වැය හදන්න හොඳයි (නි)

:       0       0

කුමාරසිරි Thursday, 21 November 2013 07:18 AM

ළමයාගේ ඉස්කෝල ගමන වහාම නවත්තන්න. මිනිහ අනාගතේ ශ්‍රිලංකාවේ පාලකයා වෙන එක ෂුවර්ම ෂුවර්. (නදී)

:       0       0

ආරියසේන Thursday, 21 November 2013 06:30 AM

අවුරුදු හයක ළමයට ඒක තේරුමක් නැතිකමට කරන්න ඇති.සමහර වේටර්ලට සන්තෝෂමක් දුන්නට එපමණ ආගන්තුක සත්කාර ලැබෙන්නේ නැහැ.බිලේ අඩුවකුත් නැහැ.කෑම ටික ගෙනාවට අඩුපාඩුවත් සොයන්න එන්නෙත් නැහැ. කාලා අවසන් වුණාට පසුව බිල ගෙනියන්න එනවා.සන්තෝෂම ඉතින් නොදී බැරිකමට දෙනවා. (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 21 November 2013 02:52 PM

පොඩ්ඩා මොළ කාරයා.කොහොමත් පොඩි උන් මුදල් වලට කැමතියි. කව්ද දන්නේ තාත්තා දාපු ලොකුම ටිප් එක ඕකද කියලා. පොඩ්ඩා කවදාවත් දැකල නැතිව ඇති සමහර විට එහෙම මුදලක් දානවා. අමතක උනා කියලා අරන් යන්න ඇති. ඒ වගේම දගකාරකමට කරාද දන්නෙත් නෑ. (නදී)

:       0       0

ලාල් Friday, 22 November 2013 02:29 AM

පුතා යටිගිරියෙන් කෑගහලා තියෙන්නේ කාගේ නම කියලද පහන්? (නි)

:       0       0

කටා මාමා Friday, 22 November 2013 01:21 AM

දිසානායක ඇන්ඩ් සිස්ටර්ස් කොම්පැනියට සුපුරුදු " අල වගාව" කරගෙන යන්න '' දෙයියෝ සාක්කි '' සිනක්කරම බාර දීලා අනිත් අය ඉවත් වෙන එක හොදයි මගේ හිතේ...(අ)

:       0       0

පහන් මඩුගල්ලේ Friday, 22 November 2013 12:38 AM

එක ජෝඩුවකට උවමනා උනා පුතා කාටද ආදරේ කියල දැනගන්න .දෙන්නම කතා උනා පුතා දිහාට ගලක් විසිකරන්න .ගල වැදුනහම බයවෙලා අම්මා කිව්වොත් අම්මට ආදරේ තාත්ත කිව්වොත් තාත්තට ආදරේ .දෙන්නම හැංගිලා ගල විසිකලා. මෙන්න පුතා යටිගිරියෙන් කෑගහනවා .(ස)

:       0       0

පැංචා Thursday, 21 November 2013 11:55 PM

ශික් වේටර් මාමට හොරෙන් 50 ට විද්දා එත් ............(ස)

:       0       0

චන්දි Thursday, 21 November 2013 10:37 PM

දිසෝ, වන්නි තිලක් හොද අවවාදයක් දීලා තියෙන්නේ, අපි පිළිතුරු නොදී ඉදිමු, එයාටම එපා වෙනතුරු. (නි)

:       0       0

පැංචි Thursday, 21 November 2013 06:54 PM

මං හිතුවේ තාත්තා වැරදිලා කළ ගනුදෙනුවක් කියලා. (නි)

:       0       0

අනුර Thursday, 21 November 2013 05:34 PM

ඔය වගේ සිද්ධි ඕනෑතරම් වෙලා තිබෙනවා. රටේ ලොක්කෙක් වෙන්න මීට වැඩිය වැඩ පෙන්නන්න ඕනෑ (නි)

:       0       0

ලමදරා Thursday, 21 November 2013 04:44 PM

මවත් පොඩි දවස්වල අපේ අම්ම ගොඩක් කඩවලට යවල තියෙනවා.මම දැන් හොදට දන්නවා වෙලදාම් කරන්න (දිල්)

:       0       0

චන්දි Thursday, 21 November 2013 03:25 PM

ඊට වඩා හොදයි වේටර් ජොබ් එකක් හොයල දුන්නනම්.(නදී)

:       0       0

ඉන්දු - ලන්ඩන් Thursday, 21 November 2013 02:34 AM

කොල්ල හොඳ අමාරුකාරයෙක් වගෙයි. යහපත් අනාගතයක ලක්ෂණ පෙන්නුම් කරනවා (නි)

:       0       0

සමදරා Thursday, 21 November 2013 02:41 PM

ඔය දිසානයක (අබිං) ආශ්‍රයට හොඳ කෙනෙක් නෙවි. හොඳ වෙලාවට අපේ ගෙදර ගෙන්න ගත්තේ නැත්තේ. ආරියසේන එන්න අපේ දිහා (නදී)

:       0       0

නිරූපා Thursday, 21 November 2013 01:57 PM

මගේ පුතාට කියල දෙන්න ඕනි මේ ක්‍රමය..... (ස)

:       0       0

වන්නි තිලක් Thursday, 21 November 2013 01:43 PM

දිසානායක මහත්තය අහල තියෙනවද " කසින් කසින් කස බෝවේ- බසින් බසින් බස් බෝවේ"කියල ගැමි කියමනක්. ඒ හින්දා අනවශ්‍ය පුද්ගලයින්ගේ ඒවාට ප්‍රතිචාර නොදක්වා සිටීමෙන් ඔහුටම එපා වෙනවනේ. (නදී)

:       0       0

වන්නි තිලක් Thursday, 21 November 2013 01:38 PM

මට වයස අවුරුදු දහයක් විතර කාලෙ සත දහයකින් පරිප්පු හෝ සීනි සම්බල් එක්ක පාන් කාල තේ එකකුත් බොන්න පුළුවන්. සතේකට නාරන් බික් ලොසින්ජර් දෙකක් දෙනවා. ඒවා අද සුන්දර මතකයන් පමණයි. (ස)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Thursday, 21 November 2013 01:34 PM

තාත්ත කඩේට යන්න කලින්ම පුතාට ඉගැන්නුවාද දන්නෙ නැහැ සල්ලි නැවත ගන්න කියලා. පොඩි එකෙක් නිසා වේටර්ටත් කර කියා ගන්න දෙයක් නැති වෙන්න ඇති. පොහොසත් තාත්තාට වඩා වේටර් කොලුවට ආත්ම ගෞරවය තිබෙනවා. (නි)

:       0       0

ලාල් Thursday, 21 November 2013 01:16 PM

පුතා කළ වරද තාත්තා නිවැරදි කරලා හරියන්නේ නැහැනේ (නි)

:       0       0

චන්දි Thursday, 21 November 2013 10:51 AM

නොතේරුම් කමට කරන්න ඇති..,!! (ස)

:       0       0

කේ.එච්.ආර්.කේ. දිසානායක Thursday, 21 November 2013 10:45 AM

සමදරා අක්කා වෙනුවෙන් මේ අදහස් දාන්නේ ජාතකේ පිළිබඳ ප්‍රශ්නයක් තියන මිනිහෙක්. ලැජ්ජයි ලැජ්ජයි. (ස)

:       0       0

හෙළයා Thursday, 21 November 2013 10:44 AM

අපේ තාත්තා අපිට පොඩි කාලේ ඉඳලා කඩේ කෑම හුරු නොකර අම්මා උයන ගෙදර කෑම කන්න පුරුදු කළා. මගේ තාත්තාට පිං (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site