(කොටපොල - කේ. ප්‍රදීප් නිරෝෂන්)
ඔහු දකුණු පළාතේ තරුණයෙකි. වෙනත් පළාතක තරුණියක් සමග පේ‍්‍රම සම්බන්ධයක් පවත්වාගෙන යයි. ඔවුහු නිතර දුරකථනයෙන් රණ්ඩු සරුවල් කරගත්හ. එයට හේතුව පෙම්වතාට පෙම්වතිය ගැන පැවති සැක සංකාවන්ය. පසුගිය දිනක ඇතිවූ ප්‍රශ්නයක් මත පෙම්වතා ඇයට හොඳටම බැනවදින්නට විය. එවන් මොහොතට පෙම්වතාගේ මව සමග ඔහු බැන වැදුණු ආකාරය දුරකථනය ඔස්සේ පැවසීමට පෙම්වතිය පුරුදුවී සිටියාය. ඒ බව දන්නා පෙම්වතා සිය මවගේ දුරකථනය ද විසන්ධි කරවීය.
මාසයක් පමණ ගතවිය. ඇය කොතරම් දුරකතන ඇමතුම් ලබාගත්ත ද ඔහුගෙන් ආමන්ත්‍රණයක් ලැබුණේ නැත. එය ඇයට දරාගැනීමට අපහසු විය. පෙම්වතාගේ අසල්වාසී නිවෙසකට දුරකථන ඇමතුමක් ලබාදී සිය පෙම්වතාගේ මව අමතා ”අම්මේ මම දැන් ඔය ගෙදරට එනවා. ඇවිත් වසබීලා අරයා ඉස්සරහම මැරෙනවා” යනුවෙන් පැවසුවාය. ඒ බව මව විසින් පුතාට පැවසීමෙන් පසු ඔහු ද කලබල විය.
පෙම්වතිය සිය මාපියන්ට ලිපියක් ද ලියා තබා පෙම්වතාගේ නිවෙස වෙත බසයෙන් ගමන් කරන විට ඇයට පෙම්වතාගෙන් ඇමතුම් ගලා එන්නට විය. එවන් අනුවන ක්‍රියාවක් නොකරන ලෙසත් ඔහු ඇය සොයා පැමිණෙන බව ද කියා සිටියේය. පෙම්වතාගේ මව ද කලබලවී ත්‍රිරෝද රථයක් රැුගෙන අසල්වාසී කාන්තාවක් සමග ඇය එන මග සොයා ගමන් කළහ. ඔවුන් මග එන බව දැනගත් පෙම්වතිය බසයෙන් බැස අසල තිබූ කඩයෙන් ඇයට අවශ්‍ය දෑ මිලදී ගන්නට විය. එම මොහොතේ ඇය සොයා පැමිණි පෙම්වතා කඩය අසල සිටි ඇය ද යතුරුපැදියට නංවාගෙන තම නිවෙස වෙත ගමන් කළාය. ඒ බව දැනගත් මව ද විපත්තියක් සිදුවේ යැයි බියෙන් ඉක්මණින් ආපසු නිවෙස වෙත පැමිණියාය.
පුතුගේ පෙම්වතියගේ දුරකතන ඇමතුමෙන් කලබලයට පත්ව සිටි මව සිය පුතුගේ පෙම්වතිය අතෙහි වූ බෑගය උදුරාගෙන වස බෝතලය සොයන්නට විය. එහෙත් බෑගයෙහි වස බෝතලයක් නොතිබුණි. හමු වූයේ ෆේස් වොෂ් බෝතලයකි. ඒ බව විමසීමේ දී දැනගන්නට ලැබුණේ ඇය කඩයට ගොස් ඇත්තේ වස බෝතලයක් මිලදී ගැනීමට නොව ෆේස් වොෂ් බෝතලයක් මිලදී ගැනීමට බවය. සිදුවූ දේ ගැන ඇය තවමත් ලැජ්ජාවෙන් පසුවෙනවාලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ෆේස් වොෂ් බෝතලයක් රැගෙන මැරෙන්න ඇවිත්
සමන්ති Tuesday, 23 September 2014 11:50 PM
දැන් කවුද ලැජ්ජාවෙන් ඉන්නේ?මවද? පෙම්වතියද? (නි)
රෙජි - සිඩ්නි Wednesday, 24 September 2014 12:55 AM
වස බීලා දිවි නසාගන්න ඕනෑ නම් ඔයතරම් කරදර වෙන්න ඕනෑ නැහැනේ. මේකත් ඉතින් මායම් හැටහතරෙන් එකක් වෙන්න ඇති (නි)
සමසා Wednesday, 24 September 2014 04:15 AM
මාර විහිළු කතාවක් . හරි හිනා . හික් හික් හික් (දී)
සරදියෙල් Wednesday, 24 September 2014 04:46 AM
පොඩි රසයකුත් තියෙනවා මේ කතාවේ (දී)
රුවන් Wednesday, 24 September 2014 05:53 AM
විවාහවෙන්නත් කලින් මෙහෙම රණ්ඩුකරනවානම් බැන්දටපස්සේ මේ යුවල මරාගනී.සැකය තරම් වයිරසයක් තවත් නොමැති තරම්ය.හොඳමදේටම වඩා හොදයි නේද දැම්මම වෙන් වෙන එක.(දිල්)
සෑම් Wednesday, 24 September 2014 08:03 AM
ලංකාවේ තියන ෆේස් වොෂ් එකක් බිව්වා නම් මැරෙනවා විතරක් නොවේ, එම්බාමුත් වෙලයි නවතින්නේ. (නදී)
අසෝකා Wednesday, 24 September 2014 10:07 AM
සමගිය සමාදාන ගෙයි රඳවන්න :::සැකයේ යක්ෂයා ගෙදරින් පන්නන්න!::: විශ්වාශයත් ආදරයත් රැකගන්න!::එයවෙයි! ජිවිතය හැමදා බබලන්න! (දී)
කුමාරි Wednesday, 24 September 2014 12:32 PM
රුවන්,සියට දෙසීයක් මමත් ඔබේ අදහසට එකගයි.(දී)
කාලිංග Wednesday, 24 September 2014 12:32 PM
රුවන් ඔබ හරි (දී)
ප්‍රියන්ති Thursday, 25 September 2014 09:59 PM
නදී, හිනාවෙලා පණ ගියා (නි)
සැල්ටියා Friday, 26 September 2014 03:43 AM
පුදුම බොරු අප්පා මේ කෙල්ලෝ කරන්නේ. (නි)