රජයේ කාර්යාලයක සේවය කරන මැදිවියේ පුද්ගලයකු වූ මොහු සිය නිවෙස පිහිටි ගෙවත්ත ඉතා අලංකාරවත් ලෙස පවත්වාගෙන යන අයෙකි. රාජකාරියෙන් බැහැරව සිටින සෑම අවස්ථාවකදීම වෙනත් විශේෂ හේතුවක් නොමැති නම් ඔහු සිය කාලය හා ශ්‍රමය යොදවන්නේ මෙම ගෙවත්තේ සංවර්ධන කටයුතු සඳහා ය. මේ සඳහා ඔහුට ඔහුගේ බිරිය හා දරුවන්ගෙන් ද නොමද සහයක් ලැබෙන බව ඔහු කියයි.
එළවළු, පළා වැනි කෙටිකාලීන බෝග ද පලතුරු හා විවිධ මල් වර්ග ද අලංකාර ගස් වර්ග ද මෙම ගෙවත්තෙහි පිළිවෙළකට වගාකර ඇත. මේවායෙහි පල දරන කාලයට එම ඇතැම් පල ආහාරයට ගැනීම සඳහා ගෙවත්තට එන විවිධ පක්ෂීන්ගෙන් ද අඩුවක් නැත. එය තමන්ට මෙන්ම තම පවුලේ සාමාජිකයන්ගේ සතුටට මෙන්ම මානසික සුවයට ද හේතුවක් බව ද ගෙවතු හිමියා කියයි. මේ නිසා ඔහු ගෙවත්තෙහි වගාවල පල ඇති කාලයට පමණක් නොව පල නැති කාලයට ද ගෙවත්තට පක්ෂීන් ගෙන්වා ගැනීමට ද පියවරක් ගත්තේය.
ගෙවත්තෙහි සුදුසු ස්ථානයක සකස් කළ උපකරණයක් මත තැබූ විවෘත බඳුනකට දිනපතාම පලතුරු වර්ග දමන්නට හෙතෙම පටන් ගත්තේය. මෙය ඔහු රාජකාරියට යන නොයන සෑම දිනකම දවසේ ප්‍රථම රාජකාරිය බවට පත්කර ගත්තේය. ඒ අනුව දැන් ගෙවත්තේ වගාවල පල ඇතත් නැතත් පක්ෂීන්ගෙන් ද අඩුවක් නැත.
පසුගිය දිනක ඔහු සුපුරුදු පරිදි රාජකාරියට යාමට සූදානම් වී මුළුතැන්ගෙට ගොස් බිරියගෙන් පක්ෂීන්ට දෙන පලතුරු ගැන විමසා ඇත. නමුත් කිසියම් අතපසුවීමක් නිසා බිරිය එදින සුපුරුදු පරිදි පක්ෂීන්ගේ කෑම වේලට අවශ්‍ය පලතුරු රැගෙනවිත් තිබුණේ නැත. මෙම අවස්ථාවේ දී සැමියා ඇමතූ බිරිඳ ඔයා වැඩට යන්න මම ඉක්මනට කඬේට ගිහින් මොනවත් ගෙනත් කුරුල්ලන්ට දමන්නම් යැයි පවසා ඇත. නමුත් ඔහුගේ හිතට එය හරි මදිය. ඒ නිසා ඔහු මුළුතැන්ගේ තුළ ඒ මේ අත විපරම්කරන්නට විය. එහිදී ඔහුට ඉදුණු කෙසෙල් ගෙඩියක් හමුවිය. එමගින් හිත සනසාගත් ඔහු එය ද රැගෙන ගෙවත්ත හරහා රැකියාවට යාමට නිවෙසින් පිටත් විය.
දැන් ඔහු රාජකාරියට ගොස් ය. මේ අතර ඔහුගේ බිරිය නුදුරු වෙළඳ සලකට ගොස් කෙසෙල් ඇවරියක් මිලදී ගෙන ගෙවත්තට පැමිණියාය. එසේ පැමිණි ඇය කෙසෙල් ඇවරියත් රැගෙන පක්ෂීන්ට ආහාර දමන බඳුනට එය දමන්නට ගියාය. එවිට එම බඳුනෙහි ජංගම දුරකතනයක් තිබෙනු ඇය දැක ඇත. මෙය තමාගේ සැමියාගේ ජංගම දුරකතනය බවට හඳුනා ගැනීමට ඇයට වැඩි වේලාවක් ගත නොවීය.
සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව සිතාගත නොහැකිව කල්පනා කරමින්ම ඇය දුරකතනයත් රැගෙන ගෙවත්තේ සිට නිවෙසට ගොඩවූවා පමණි ඇගේ ජංගම දුරකතනය නාදවන්නට විය. එය ඇගේ සැමියාගෙන් වූ ඇමතුමකි. ඊට වහා ප්‍රතිචාර දැක්වූ ඇය මහ හයියෙන් සිනාසෙන්නට වූවාය.
හරි වැඬේනෙ තාත්තාට අද වෙලා තියෙන්නෙ. එයා උදේ කුරුල්ලන්ට දාන්න අරගෙන ගිය කෙසෙල් ගෙඩිය කලිසම් සාක්කුවට දාගෙන පෝන් එක කුරුල්ලන්ට කන්න දෙන භාජනේ දාල ගිහින්. මවගේ සිනා හඬ ඇසී ඒ ගැන විමසූ තම වැඩිමහල් දියණිය අමතා කාන්තාව එසේ කීවාය.
(මෙය වයඹ පළාතෙන් ඇසූ සත්‍ය කතාවකි.)
(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ෆෝන්එක කුරුල්ලන්ට කන්නදී කෙසෙල්ගෙඩිය සාක්කුවේ දමාගෙන කන්තෝරු ගිහින්
පිටබැද්දර ජයා Monday, 28 March 2016 06:40 AM
මේ වගේ අටමගලයක් උනොත් ඉතින් වයඹම තමයි , කතාවනම් හිනා යනවා. (ර)
තිලිණි Monday, 28 March 2016 06:48 AM
වයඹ ඔය වගේ වැඩක් උනානම් ඉතින් කොබෙයිගනේ වෙන්න ඕන.. (ර)
ඉනෝකා Monday, 28 March 2016 06:56 AM
අනේ පව්.! එක දවසකට හරි කුරුල්ලන්ට කෑම නැති වීම ගැන හිත හිත හිටපු නිසාම පැටලිලා ෆෝන් එක පක්ෂීන්ගේ ආහාර බඳුනට දාන්න ඇති. මොන තරම් කරුණාවන්ත මිනිසුන්ද..? අපිත් කුරුල්ලන්ට කෑම දෙනවා .විවිද පාටින් ලස්සන කුරුල්ලෝ පොර කකා කෑම කන දර්ශනය, සිතට මොන තරම් ප්‍රීතියක් සහනයක් ගෙන දෙනවාද..? පන පිටින් කුරුල්ලෝ හම ගසන මිනිසුන් ඉන්නා රටක, මෙවැනි දෙවිවරුන් වැනි මිනිසුන් ගැන අසන්නට ලැබීමත් හිතට සතුට ගෙන දෙන්නකි. .මෙවැනි කරුණාවන්ත බිරිඳක් ලැබූ ඔහු වාසනාවන්තයෙකි. (ර)
සෑම් Monday, 28 March 2016 07:41 AM
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවාතාවුන් වැනි මිනිසුන් ඇත" මෙවැනි මිනිසුන් ගැන අහන්න, කියවන්න ලැබීමත් වාසනාවක්. (ර)
නිරාන් Monday, 28 March 2016 10:22 PM
වයඹ කවුරුත් දන්නවා කට්ටියගේ මොලේ තරම එකනේ පිට ගංකාරයෝ රජවෙන්න වයඹට එන්නේ (අ)
සරත් Monday, 28 March 2016 10:41 PM
අපේ කලේ දකින්න ලැබුණු සත් ගුණවත් මහත්මයෙක්. (අ)
නිමල් ලලිත Tuesday, 29 March 2016 03:05 AM
මේ මහතා පුරුදු වී ඇති සත්ක්‍රියාව ගැන සතුටුවීමත්, එය සමච්චලය පත්කර ගැනීමත් ගැන කණගාටුවිමත් පමණකි කළහැක්කේ. (නි)
චන්න Tuesday, 29 March 2016 05:32 AM
ඔන්න නියම පුවත්. මේ වගේ දේ අහන්න ඉඩසැළසු ලංකාදීපයට ස්තුතියි. (නි)
පිටිගල Tuesday, 29 March 2016 09:01 AM
ඔය වගේ අත පසු වීම් වෙනවා. එක සාමාන්‍ය දෙයක්. ඒ මහතා උතුම් ගුණවත් හොඳ මහත්මයෙක්. ඔය වගේ අත පසු වීමකින් එක ඇසකුත් දකුණු අතේ ඇඟිලි දෙකකුත් අහිමි උන මිනිහෙක් අපේ ගමේ හිටියා. ඒ කාලේ ගඟේ මාළු අල්ලන්න ඩයිනමයිට් දානවලු ඒ මිනිහා. දවසක් ගිනි පෙනේල්ලකුත් අරන් ගිහින් ඩයිනමයිට් එකක් පත්තු කරලා ඩයනමයිට් එක අතේ තියාගෙන ගිනි පෙනෙල්ල ගඟට දාලා පත්තු වෙනකල් ගඟට එබී බලන් හිටියලු, හපොයි ඊට පස්සේ උන දේ. (ර)
ඉන්දු Tuesday, 29 March 2016 10:24 AM
ඔන්න පිටිගලලාගේ ගමේ ඇත්තන්ගේ විස්තරේ... (ර)
ඉන්දු Tuesday, 29 March 2016 10:26 AM
මම අහලා තියෙනවා එක්කෙනෙක් රෙදි මැද මැද ඉද්දි ජංගම දුරකතනයට කෝල් එකක් ආවලු.. එයා ෆෝන් එක වෙනුවට අයන් එක කනේ තියගත්තලු. (ර)
අජිත් Tuesday, 29 March 2016 12:00 PM
ඉන්දු, ඉතින් ඊටපස්සේ මොකද වුණේ දන්නවද? (නි)
පිටිගල Wednesday, 30 March 2016 03:40 AM
ඔන්න ඉන්දුලාගේ ගමේ ඇත්තන්ගේ විස්තරේ. (බ)
රූපවතී Wednesday, 30 March 2016 06:27 AM
අපේ ගෙදර නම් නෙමෙයි ඔන්න. අපි දුප්පත්. (නි)
පෙරේරා Wednesday, 30 March 2016 06:48 AM
නියම කතාව. අපි සතුටුවුණා හරියට (නි)
ගයාන් නිමන්ත Wednesday, 30 March 2016 09:17 AM
බලාගෙන ගියාම පිටිගලලාගේ ගමේ ඇත්තන් හොඳයි ඉන්දුලාගේ ගමේ ඇත්තන්ට වඩා. (නි)