(පොල්පිතිගම ජයවර්ධන එම්. සෙනෙවිරත්න)
හේනේ කුඹුරේ ගොවිතැන් වැඩකර සෑම දිනකම සවස්යාමයේ පොඩි අඩියක් ගසා වැනි වැනී නිවෙසට එන මොහු බිරියට ද පොඩි තර්ජනයක් දමා වීරයෙක් වීමට අමතක කළේ නැත.
ඔහු ජීවත්වනුයේ වල්අලි ගහනව ජීවත්වන ප‍්‍රදේශයකි. එම ප‍්‍රදේශවාසීහු වල්අලින් තමන් ඇති කරන මීහරක් ගානට දකින්නෝය. ඒ නිසාම වල්අලින්ට ඔවුන් දක්වන්නේ පොඩි බයක් පමණි.
ඉකුත්දා රාති‍්‍රයේ මොහු නිවසට පැමිණියේ හොඳටම බීමතින්ය. බිරියට හා දරුවාට පහරදීමට ද ඔහු එදිනත් අමතක කළේ නැත.
මොහුගේ නිවස පොල් අතු වැසූ එකකි. ඒ අසළ අඩි පාරකි. මිදුලද අඩිපාර දක්වාම දිවෙයි. නිරන්තරයෙන් රාති‍්‍ර කාලයේදී අලි ගමන් කරන ප‍්‍රදේශයකි. එදින ඔහු දැඩි උෂ්ණය නිසාම මිදුලේ නිදාගෙන තිබේ. අධික ලෙස බීමත්ව සිටි ඔහු තද නින්දකට වැටිණි.
මහ රෑ එක්වරම අසල තිබූ මඩ සහිත කුඹුරකට වැටෙන විට ඔහුට ඇහැරුණි. දනි පනි ගා නැගිටින විට ඔහු වල්අලියකු දැක නිශ්ශබ්දව සිටියදී තමාගේ අතක් කැඞී තිබුණු බව ඔහුට දැනුණි. සිදුවී ඇත්තේ වල්අලියා ඇවිත් මළ මිනියක් වැනිව තිබූ මිනිස් සිරුර හොඬවැලෙන් අල්ලා අඩි 30ක් පමණ ඈතට විසිකිරීමකි. වල්අලියා ඔහු ඔසවා ගන්නා බව ඔහුට දැනී නැත. ඔහුට ඇහැරී ඇත්තේ මඩවලට වැටෙන විටදීය. මළ මිනිසෙක් යැයි සිතා වල්අලියා මොහු විසිකර තිබේ. (මළ මිනිසුන්ට වල් අලි පහර නොදෙන බව ප‍්‍රදේශවාසීහු කියති) එසේ නොවන්නට ඔහුට අත්වන්නේ නියත වශයෙන්ම මරණයයි. පසු දින උදේ අසල්වැසියන් පැමිණ සිනාසෙමින් පැවැසුවේ බීල හිටියත් මැරිල වගේ හිටි නිසා පණ බේරුණු බවයි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘මළ මිනිය’ මඩට විසිකර වල් අලියා ගිහින්
කිරි ගමරාල Friday, 17 July 2015 06:08 AM
මේ දවස්වල වල අලි, නයි ඇතුළු සත්තු ගොඩක් පාරේ ඉන්නවා රට පුරාම.(ම)
ප්‍රසා Friday, 17 July 2015 06:48 AM
වල අලි නයි විතරක් පමණක්ද බල්ලෝ කපුටොත් ඒ අතර ඉන්නේ (අ)
සාරා Friday, 17 July 2015 09:21 AM
මේ සත්තු පාරට එන්නේ වනාන්තර එළි පෙහෙළි කරන නිසා නේද ? (නදී)
සොම්පාල Friday, 17 July 2015 09:57 AM
හෙට අනිද්දට බලු කපුටු පොර, ජනතාව රැවටීමේ හිවල් කතා ආදිය දැක ගන්න පුළුවන් වෙයි (නදී)
අමාරිස් Saturday, 18 July 2015 02:07 AM
මේ දවස් වල් අලි ඇමෙරිකන් අලි ඉන්දියන් අලි ප්‍රංස අලි ඉංග්‍රීසි අලි හැම එකෙක්ම ගම් වැදිලා (නදී)
දුමින්ද Saturday, 18 July 2015 07:17 AM
නුවණැති අලියෙක් (අ)
නන්දලාල්-ප්‍රංශය Saturday, 18 July 2015 06:20 PM
අලියා කරලා තියෙන්නේ අලි වැඩක් නේ. අලි යන මග අවහිර කර නිදාගන්නා අයට මේවා හොඳ පාඩම්. බීල හිටියත් මෑන්ගේ ලක් එක නිසා මළේ නැහැ, හොඳ අලියාට පින් සිද්ද වෙන්න ! පස්සෙන්දා, එය නාගෙනම ගෙදර ආව එකත් හොඳයි නේ. මෙයා ඊට පස්සේ බීම නැවත්තුවද ? (නදී)
සෙනරත් Sunday, 19 July 2015 06:39 AM
අමාරිස්, ඇයි ඉතාලි අලි, උනුත් මේ දවස් වල එළියට බැහැලා. (බ)
කපිල Sunday, 19 July 2015 01:18 PM
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)
අචලා Friday, 21 August 2015 06:47 AM
බිරිඳට, ළමයින්ට ගහන එක අනුමත කරන්න බෑ. (නදී)