X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


‘හලෝ’ පෙම්වතාට දපනේ වැටුණු සිසුවිය මං මුළාවෙලා

ජංගම දුරකථනය මගින් හාදවී සතියක් ගතවීමට පෙර නොදුටු පෙම්වතා සොයා පැමිණි දාහතර හැවිරිදි පාසල් සිසුවියක් නගරයේ රාති‍්‍රයේ අතරමංවී සිටියදී රක්වාන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිරෝෂණ අබේකෝන් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් ඇය බේරාගැනීමට හැකිවීමේ පුවතක් පෙරේදා (22) දින රක්වාන පොලීසියෙන් වාර්තා වේ. 

මෙම තරුණියගේ මව විදේශ රටක රැකියාවකය. මිත්තනිය භාරයේ පසුවන ඇය උසස් පාසලක 10 වසරේ අධ්‍යාපනය ලබන්නීය. ඇය සිය ජංගම දුරකථනයේ සටහන් වූ වැරදි අංකයකට පිළිතුරු දීමට ගොස් රක්වානේ පදිංචි තරුණයෙකු සමග පෙම් සබඳතාවක් ඇති කර ගත්තාය.

පෙම් සබඳතාවයට සතියක් ගතවීමටත් පෙර නුදුටු පෙම්වතාගෙන් ආරාධනාවක් ඇයට ලැබිණි. ඒ පෙම්වතාගේ නිවසට පැමිණ කතාබස් කර දෙදෙනාට දෙදෙනා හඳුනාගනිමු කියාය. පෙම්වතාගේ ආරාධනාව පිළිගත් පෙම්වතිය පෙරේදා (22) පෙරවරුවේ ගලේවෙල සිට රක්වාන නගරයට ළඟා වන විට රාතී‍්‍ර 8.00 ට පමණ ඇත. දුරකථනයෙන් කලින් කථාබස් කරගත් පරිදි තමා පිළිගැනීමට පෙම්වතා නගරයට පැමිණ සිටියේ නැත.

ඒ අසල ඇති දුරකථන කුටියකට ගොස් පෙම්වතාට කථා කරමින් සිටියදී ඇයගේ බියපත් හැසිරීම ගැන විමසිල්ලෙන් නිරීක්‍ෂණය කරමින් සිටි තී‍්‍රරෝද රථ රියදුරෙක්, ඒ ගැන පොලීසියට දැන්වීය. ඒ අනුව පොලීසිය පැමිණ තරුණියව පොලීසියට කැඳවාගෙන ගොස් සිදුකළ විමසීමේදී ඉහත සඳහන් කරුණු අනාරණය විය.

රක්වාන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිරෝෂන් අබේකෝන් මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 30102 තරංග, 17728 නිශාන්ත යන නිලධාරීහු මේ සම්බන්ධව තවදුරටත් පරීක්‍ෂණ පවත්වති.



අදහස් (0)

‘හලෝ’ පෙම්වතාට දපනේ වැටුණු සිසුවිය මං මුළාවෙලා

රෙජි-සිඩ්නි Thursday, 25 February 2016 02:27 AM

ආශාවන්ට වහල්වී ඒ දේවල් ඉටු කරගන්න ගියාම ලැබෙන ප්‍රතිඵල භයානකයි. ඔතනින් බේරුනේ මේ ළමයාගේ පෙර කළ වාසනවකටයි. විනීත රියදුරු මහතෙක්. (නි)

:       0       0

උදය Sunday, 28 February 2016 10:32 PM

යහාපාලනය (අ)

:       0       0

ශෙහාන් Sunday, 28 February 2016 05:13 PM

දුරකථන කුටියෙන් කතා කරන්නේ මොකද? ජංගම දුරකථනය කෝ? අනික ගලේවෙල ඉඳලා එනගමන් මඟින් මඟට ඇමතුම් අරන් නැද්ද? (නි)

:       0       0

පිටිගල Saturday, 27 February 2016 07:41 AM

දහය වසරේ ඉගෙන ගත්තත් මොළය නම් දෙක වසරේ. මෙහෙමත් මෝඩ කෙල්ලෝ. (නි)

:       0       0

අමිල Friday, 26 February 2016 08:22 AM

මෙවැනි පුවතක් දැමීම ගැන ලංකාදීපයට මගේ ප්‍රණාමය. මෙය දැකීමෙන් තවත් ගොඩක් දෙනෙක්ගේ අවදානය යොමුවේවි මේ ආකාරයට දරුවන් බේරාගන්න. (හේ)

:       0       0

සුලෝචන Thursday, 25 February 2016 09:25 PM

මේ ළමයාගේ වාසනාවකටද කොහෙද මෙයින් බේරුනා. (නි)

:       0       0

හේමමාලා Thursday, 25 February 2016 08:31 AM

ත්‍රිරෝද රථ රියදුරන් අතරේ වැදගත් මහත්වරු ද සිටිනා බව මෙයින් තහවුරු වේ. (ම)

:       0       0

ජානක Thursday, 25 February 2016 06:02 AM

අපේ රටේ, මිනිසුන් කම්මැලි වීමත්, කාන්තාවෝ මුදලට ගිජු වෙලා ගෙදරින් එළියට පැනීමත් තමයි මේ විනාසේ. ලද හැටියට ජීවත් වෙන්න කැමති නැතිව යස ඉසුරු සොයා යාමේ විපත තමයි මේ.(ම)

:       0       0

රිහාන් Thursday, 25 February 2016 04:30 AM

පනින්නට පෙර දෙපාරක් සිතා බලනු දරුවනී ජීවිතය අන්ද කරගන්න එපා (ම)

:       0       0

සංජු Thursday, 25 February 2016 04:19 AM

අවංක ත්‍රිරෝද රථ රියදුරාට මගේ උපහාරය, පොලිසිය ඉන්නේ පඩි අරගෙන මිනිස්සු ආරක්ෂා කරන්න වුණාට අර අවංක ත්‍රිරෝද රථ රියදුරාගේ දැනුම්දීමට ඉක්මන් පියවරක් ගතපු එකටත් පොලිසියටත් පැසසුම් දෙන්න (ම)

:       0       0

රොෂේන්- රියාධ් Wednesday, 24 February 2016 05:08 AM

මේ ලංකාදීපයේම මේ වගේ ගමන් ඇවිත් අනාත වී අතරමන් වෙච්ච ළමයි කි දෙනෙක් ගැන ලියවුනාද. මේ ළමයා පත්තරයක් විහිළුවටවත් කියවන්නේ නැ වගේ. (ර)

:       0       0

සම්පත් Thursday, 25 February 2016 12:08 AM

පොඩි දරුවන්ට පුදුම මානසික අසහනයක්නේ තියෙන්නේ (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 24 February 2016 08:40 PM

දාහතර හැවිරිදි දැරිය මහ රෑ ගෙදර නැති බව ආච්චි දැනගෙන හිටියේ නැද්ද? නුදුටු පෙම්වතා කොහොම වුණත්, වනචර ත්‍රිරෝද රියදුරෙකුට ඇය බිලිවෙන්නත් තිබුණා. එතන හිත හොඳ, අවංක මනුස්සයෙක් නොසිටියා නම් ...? (නි)

:       0       0

අතුල Wednesday, 24 February 2016 06:04 PM

මෙහෙම ගියොත් රටේ තරුණ පරපුරට මොනවායෙන් මොනවා වේවිද දන්ෙන් නැහැ (අ)

:       0       0

සොපි Wednesday, 24 February 2016 05:14 PM

ත්‍රිරෝද රථ රියදුරාටත් පොලිසියටත් ජනතාවගෙන් මල් මිටක් ........!(අ)

:       0       0

සුනිල් ගිකියනගේ Wednesday, 24 February 2016 04:49 PM

අයියෝ ඒ දරුවා කොහොම හරි මේ පාර බේරුනා. ඒත් ඊලග පාර සරණක් නැති දරුවෝ. (අ)

:       0       0

අජිත් Wednesday, 24 February 2016 01:15 PM

මොළය කළඳක්වත් නැද්ද? හැබෑටම මේ දැන් කාලේ හැදෙන ළමයින්ට මොකද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

සත්‍යා Wednesday, 24 February 2016 12:39 PM

මෙහෙමත් කෙල්ලෝ? 10 වසරෙ වෙලත් මොළේ් තරම? අනේ අනිච්චං! (නි)

:       0       0

දුල්මි Wednesday, 24 February 2016 08:25 AM

මවක් සල්ලි සොයන්න රටින් පිට යාමේ පල විපාක තමයි. අද අද කාලයේ මේ වයසේදී දරුවන් ලඟින්ම ඉන්න ඕන . විශේෂයෙන් ගැහැණු දරුවන්ගේ. ත්‍රිරෝද රථ රියදුරාගේ දරුවන්ට කවදාවත් වරදින්නේ නැහැ. මේ දරුවාගේ පෙර පිනක් නිසා බේරුනා. හැබැයි ඉතින් අපි ඔය වයසේදී නම් මිට වැඩිය විචාර බුද්ධියක් තිබුනා. (ර)

:       0       0

ඉන්දු Wednesday, 24 February 2016 07:21 AM

ත්‍රී රෝද රථයේ රියදුරු මහතාට පින් සිදු වේවා.. නැත්නම් හෙට උදේ තවත් අවාසනාවන්ත පුවතක් පත්තරේට වැටෙන්න ඉඩ තිබුණා.. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site