X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


‘‘හයිබි‍්‍රඞ්’’ සපත්තු දාගෙන සම්මන්ත‍්‍රණයට ගිහින්

ගාල්ල නගරාසන්නයේ පදිංචි ඔහු රාජ්‍ය ආයතනයක මාණ්ඩලික නිලධාරියෙකි. පසුගිය දා හදිසියේ අගනුවර සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණයකට රියැදුරු සමග උදේ රැයින්ම එහි ගිය ඔහු සම්මන්ත‍්‍රණ ශාලාව ඉදිරිපිට දී වාහනයෙන් බසිත්ම අන්ද මන්ද වූයේ තම දෙපයේ පාට දෙකක සපත්තු දමා ඇති බව දැක ගත් හෙයිනි.

කඩිනමින් සම්මන්ත‍්‍රණශාලාවේ ශ‍්‍රවණාගාරයට ගොස් කවුන්ටර් වේදිකාවේ එහා පැත්තට වී දෙපා නොපෙනෙනා සේ අදාළ කටයුතු සිදු කොට සියල්ලෝම ගිය පසු කඩිනමින් වාහනයට පැන ජාම් බේරා ගත්තත් රියැදුරාගේ උපහාස මුහුණෙන් අනාවරණය වූයේ ඔහු මේ ඇබැද්දිය දුටු බවයි.

ඔහු කිසිදු අවුලක් නැතිව ගෙදර පැමිණ පසුදින නියම ලෙස ඇඳ පැළඳ කාර්යාලයට ගියත් කෑම විවේකයේදී හිතවත්ම නිලධාරිණියක් ”සර් ඊයේ කොළඹ සම්මන්ත‍්‍රණයට හයිබි‍්‍රඞ් (දෙමුහුන්) සපත්තු දෙකක් දාගෙන ගියාලූ නේදැයි කීවාලූ.



අදහස් (0)

‘‘හයිබි‍්‍රඞ්’’ සපත්තු දාගෙන සම්මන්ත‍්‍රණයට ගිහින්

ශාන සෞදි Friday, 04 December 2015 05:44 AM

මැති ඇමතිවරුන්ගේ කෙරුවාව ලෝකෙට කියන්න කවුරුවත් නැහැ. මේ මනුස්සයා හදිසියට රාජකාරිය යන වෙලේ සපත්තු දෙක මාරුවුණා කියලා හිනාවෙන්න හොඳ නැහැ. අනෙක මෙවන් රියදුරන් තබාගැනීම ඉතාම භයානකයි (නි)

:       0       0

සිරි Saturday, 05 December 2015 04:00 PM

ඉස්කෝලෙ යන කාලෙ එක කකුලක තුවාලයක් වුණොත් ඒකට සෙරෙප්පුවකුයි අනිකට සපත්තුවකුයි දාගෙන යන එක විලාසිතාවක්. (නි)

:       0       0

සිරි Saturday, 05 December 2015 03:58 PM

මට ඔෆිස් එකේ පහසු සපත්තු කුට්ටමක් තිබෙනවා. ගෙදර ඉඳලා දාගෙන යන දෙක ගලවලා මම ඒක තමයි පහසුවට දාගෙන ඉන්නෙ. ළඟදි දවසක කෑම පැයේ බැංකුවට ගිහින් බලනකොට මම දාගෙන ගිහින් තියෙන්නෙ කුට්ටම් දෙකෙන් එක බැගින්. එහෙම දේවල් වෙනවා (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 05 December 2015 02:29 PM

දහස් ගානක් තෙල් පුච්චලා නැවතත් තමන්ගේ පාවහන් ගෙන එන්නට රියදුරු නිවසට පිටත්කළ දේශපාලඥයට වඩා අවැසි තැනට උචිතලෙස රාජකාරිය ඉටුකළ එතුමා නියම රාජ්‍ය සේවකයෙක්. (නි)

:       0       0

ලතා Friday, 04 December 2015 04:37 PM

බත් පිඟානට තරම් අදහස් ගොඩක් සපත්තු දෙකට නැහැ වගෙයි (නි)

:       0       0

උපාලි Friday, 04 December 2015 03:11 PM

ශාන කියන දේ හරි (නි)

:       0       0

සමන්ති Friday, 04 December 2015 02:42 PM

නෝනා ඇඳුම් සකසා දෙන්නේ නැතිපාටයි (නි)

:       0       0

ශාන්ත Friday, 04 December 2015 12:57 PM

දිසානායක, ඇයි මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් සපත්තු ගන්න තනිවම කඩේ ගිහින් හිටියෙ. (නි)

:       0       0

සමන් Friday, 04 December 2015 10:22 AM

මට උදේට ඇඳුම් අදිද්දී හොඳට බලලයි එලියට බහින්නේ. (ර)

:       0       0

ජයවීර Friday, 04 December 2015 08:40 AM

ලැජ්ජාවේ බෑ.(හේ

:       0       0

මහනුවර - නුවන් Thursday, 03 December 2015 07:03 AM

මට මේ ලිපිය දැක්කහම පොඩි කතන්දරයක් මතක්වුණා. පසුගිය කාලයේ අනුරාධපුරයේ ඔයාමඩුව කියන ප්‍රදේශයේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශණයට කොළඹ සිට පැමිණි රජයේ උසස් නිලධාරියෙක් කලින් දවසේ අනුරාධපුරයේ නැවතිලා, පසුදා සමාරම්භක උත්සවයට යන්නට සූදනම් වෙනකොට තමයි දැක්කේ තමුන්ගේ අලුත්ම සපත්තු කුට්ටම කොළඹ දාලා ඇවිල්ලා කියලා. මෙයා මොකද දන්නවාද කළේ? තමන්ගේ රියදුරු මහතා වහාම කොළඹ යැව්වා සපත්තු ජෝඩුව ගේන්න. මොනතරම් මුදල් නාස්තියක්ද? නමුත් මේ කථාවේ ඉන්න රාජ්‍ය නිලධාරියා එහෙම කරලා නැහැ. ඔහුටත් තිබුනා එහෙම කරන්න. මෙයා නිල බලය අයුතුලෙස යොදා නොගන්නා නිලධාරියෙක් වෙන්න ඇති. (නි)

:       0       0

ධනුෂ්ක Friday, 04 December 2015 04:04 AM

එහෙම වුණේ එම නිලධාරියා තමුන්ගේ රාජකාරියට වැඩි අවධානයක් දීල වැඩකරපු නිසා වෙන්න බැරිද? (නි)

:       0       0

දිසානායක Friday, 04 December 2015 01:05 AM

අර 5එස් සංකල්පය අපිට ඔය ලොකු නිලධාරීන් උගන්වන්න හදනවනේ. ඒත් එයාලවත් ක්‍රියාවේ යොදවන්නේ නැති ගානයි. ඒත් නුවන්ගේ කතාව ඇහුවහම මල් තියලා වඳින්න ඕනෑ. ඉන්දියාවේ අගමැති කෙනෙක් හිටියලු පාවහන් නොදාපු, සරල ඇඳුමක් ඇඳපු. ඔන්න ඉගෙනගන්නවා නම් චරිත. (නි)

:       0       0

තුෂාර Thursday, 03 December 2015 11:03 PM

පවු නේන්නම්? ගෙදර හිටපු කෙනෙක්වත් දැකලා නැතුවා වගෙයි. (නි)

:       0       0

බණ්ඩාර රුසියාව Thursday, 03 December 2015 04:18 PM

ඕක මොකද්ද? කමිසයේ බොත්තම් හරියට දාගන්නේ නැතුව කලබලේට යන අය මම දැකලා තියනවා. දවසක් මමත් ටීෂර්ට් එක කණපිට ඇඳගෙන ගිහින් තියනවා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 03 December 2015 09:02 AM

දැන් ඉතින් ඩ්‍රයිවර්ට දෙවියන්ගේම පිහිටයි !(ම)

:       0       0

ගගන Thursday, 03 December 2015 08:33 AM

පවු නේද? (නි)

:       0       0

ඉඳුනිල් Thursday, 03 December 2015 08:28 AM

මදැයි ඔයින් ගියා (නි)

:       0       0

ඉඳුනිල් Thursday, 03 December 2015 08:22 AM

අනේ මෙහෙමත් දේවල‍්! (නි)

:       0       0

ජිම් Thursday, 03 December 2015 08:19 AM

මට නම් හරිම හිනා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site