තොරතුරු රහසේ තබා නොගෙන හෙළිදරව් කරන්නාවූ යුගයක, 2016 තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කොට, ශ්‍රී ලංකාව එම යුගයට දායක වීමේ ප්‍රතිඥාව දෙනු ලැබීය. එසේ තිබියදී ඉකුත්දා අගමැතිවරයා විසින් තොරතුරු ආරක්‍ෂා කර ගැනීමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම විමතිය දනවන්නකි. නිල කටයුතුවල රහස්‍යභාවය ආරක්‍ෂා කිරීම උදෙසා එකී පනතට වගන්තියක් ඇතුළත් කර තිබීමෙන් සිදුවන්නේ පැරැණි සුපුරුදු සන්තෑසියටම ආපසු යොමු වීමය.
රජයේ පාලනය යටතේ පවතින තොරතුරු ආරක්‍ෂා කිරීමේ අධිකාරියකට පත්කරනු ලබන නිලධාරීන් තම රාජකාරිය ඉටු කිරීමේදී තොරතුරුවල රහස්‍ය භාවය සුරැකීමට සහතික විය යුතුවේ. ඊට වෙනස් ආකාරයකින් ඔවුනට කටයුතු කළ හැකි වන්නේ උසාවි නියෝගයකට අනුකූලව ක්‍රියා කිරීමේදී පමණකි. වෙනත් කිසිම නීතියක කුමක් සඳහන් වුවද එම නිලධාරීහු ඉහත කී ආකාරයෙන් ක්‍රියා කිරීමට බැඳී සිටිති. රාජ්‍ය රහස් හෙළි කිරීම තහනම්ය යන යටත්විජිත යුගයේ පැරැණි කියමන දෙසමින් රාජ්‍ය නිලධාරීන් නිරතුරු තොරතුරු හෙළි කිරීම ප්‍රතික්ෂේප කරන අවස්ථා මෙහිදී අපට සිහිපත් වේ. අප ආපසු යන්නට සූදානම් වන්නේ එම යල්පැන ගිය චින්තනයටද?
නූතන ලෝකය හා එක්වීමේදී පෞද්ගලික දත්ත ආරක්‍ෂණ නීතියක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන බවට කිසිදු සැකයක් නැත. එවැනි නීතියක් අවශ්‍ය වන්නේ සුවිශේෂී තත්ත්වයන් යටතේය. පළමුකොටම එවැනි නීතියක් ගෙන ආ යුත්තේ ස්වාධීන අධීක්ෂණ ආයතනයක් පිහිටුවීම උදෙසා විනා මෙකී පනතෙන් විශේෂයෙන් බලය පැවරෙන ආකාරයේ රාජ්‍ය පාලනය යටතේ පවතින අධිකාරියක් ඇතිකිරීමට නොවේ.
මෙම යෝජිත පනතෙන් පැනවෙන නීතියට අනුකූලව ක්‍රියා නොකරන පුද්ගලයන්ට රුපියල් මිලියන 10 බැගින් දඩ නියම කිරීමට තරම් අසීමිත බලයක් යම් ආයතනයකට පැවරීම සිදුවේ. . ඒ උදෙසා ස්වාධීන ආයතනයක අවශ්‍යතාව මතුවන්නේ ඒ නිසාමය.
දෙවනුව, පුවත්පත් කලාව අරමුණු කොටගත් කටයුතු උදෙසා පැහැදිලි විශේෂිත මුක්තියක් එම නීතියෙන් පැවරී තිබිය යුතුය.. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් ප්‍රබල ලෙස කටයුතු නොකරන ලද මැලේසියාව හා සිංගප්පූරුව වැනි රටවලද ඇත්තේ එවැනි නීතියකි.
තොරතුරු ආරක්‍ෂා කිරීමේ පනතක් ව්‍යවස්ථාදායකය ඉදිරියේ සම්මත කිරීමට අපේක්‍ෂාවෙන් පසුවන ඉන්දියාවේ මේ වනවිට නීතිඥවරු, මාධ්‍ය සහ සමාජ ක්‍රියාකාරීන් පසුවන්නේ යෝජිත පනත් කෙටුම්පතෙන් ඉදිරිපත් කර ඇති ආරක්‍ෂණය ප්‍රමාණවත් නොවේය යන ස්ථාවරයේය. ඔවුහු ඊට වඩා ප්‍රබල ආරක්‍ෂාවක් ඉල්ලා සිටිති. ශ්‍රී ලංකාවේ යෝජිත පනත මුළුමනින්ම ඊට වෙනස් වූවකි. සාමාන්‍ය කරුණු යටතේ ‘‘විශේෂයෙන් තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, අයිතීන් ආරක්‍ෂා කිරීම, මූලික පුද්ගල නිදහස’’ යන්න සඳහන් වීම හැරුණු කොට ශ්‍රී ලංකාවේ යෝජිත පනතෙන් සැලසෙන වෙනත් ආරක්‍ෂාවක් නැත.
තුන් වෙනුව, තොරතුරු ආරක්‍ෂා කිරීම මුවාවෙන් මහජනයා උනන්දුව දක්වන තොරතුරු නිතුත් කිරීම වැළැක්වේනම් එම තත්ත්වය ඇති නොවීමට පරෙස්සම් සහගත විය යුතුය.
මෙම යෝජිත පනත තුළ වක්‍රෝත්තියෙන් කියවෙන ව්‍යාකූල අර්ථ රැගත් වැකි බහුලය. එම නීතිය සම්මත කිරීමට පෙර ඒවා නිවැරැදි කළ යුතුවේ. උදාහරණයක්, දක්වන්නේ නම්, පෞද්ගලික තොරතුරු යන වර්ගීකරණය යටතේ එහි ‘‘නීති විරෝධී ක්‍රියාවලට අදාළ පෞද්ගලික තොරතුරු, අපරාධ නඩු කටයුතු සහ දඬුවම් නියම කිරීම ඇතුළු කාරණා කිහිපයක් ඇත. මේවා ජනමාධ්‍යවේදීන් විසින්, දඬුවම් නියම කිරීම්, අපරාධ නඩු කටයුතු සහ දේශපාලනඥයන්ට දඬුවම් නියම කිරීම යන කරුණු අනුසාරයෙන් කරන වාර්තා කිරීම්වලට ඍජු ලෙස බලපෑමට ඉඩ තිබේ. දේශපාලන වශයෙන් කරනු ලබන දූෂණ වාර්තා කිරීම අසීරුවන තරමට ඒවා බලපෑමට ඉඩ ඇත.
තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම අවුරාලමින් අගුළු ලා තිබූ දොරවල් තොරතුරු දැනගැනීමේ පනතින් මේ වනවිට විවර කොට තිබුණද, මහජන විපරමටත්, පවතින නීතියටත් බියපත් වන ඇතැම් බලසම්පන්න දේශපාලකයෝ රහස්‍යභාවය රැකීමේ සංස්කෘතියේ නෂ්ටාවශේෂ ආරක්‍ෂා කරති.
‘‘නිල තොරතුරු’’ යන්නට නිල වශයෙන් අර්ථකථනයක් නැති තත්ත්වයක සහ පෞද්ගලික දත්ත ආරක්‍ෂණ නීතියකට වඩා යෝජිත නීතිය පුළුල් විෂයපථයක් ග්‍රහණය කරගෙන පවතින තත්ත්වයක, මෙම නීතියෙන් උත්සාහ කරනුයේ බලපම්පන්න පුද්ගලයන් සම්බන්ධ දූෂණ හෙළිදරව් කිරීම වළකාලීමටද?
මෙම යෝජිත පනත සම්බන්ධ වෙනත් ගැටලු රාශියක් ද ඇත. එහි අන්තර්ගත කරුණු සියුම් ලෙස පරීක්‍ෂාවට ලක්විය යුතුවේ.මෙම යෝජිත පනතෙන් අතිශය ප්‍රගතිශීලී පනතක් වූ තොරතුරු දැනගැනීමේ පනතේ බලය අභිබවා යන බව යම් අයකු කියනු ඇත.
මෙම නීති දෙක අතර පරස්පරතා හා ගැටුම් අනගාතයේදී පැනනගින බවට කිසිදු සැකයක් නැත. තරුණ ජනමාධ්‍යවේදීන් පිරිසක් විසින් මෙකී යෝජිත පනත අභියෝගයට ලක් කළ අවස්ථාවේ, තාක්ෂණික ගැටලු සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කළ විරෝධතා හමුවේ, මෙම යෝජිත පනත ව්‍යවස්ථාවට අනුකූලද යන්න පිළිබඳව තීන්දුවක් දීමට නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම කනගාටුවට කරුණකි.
සමාජ මාධ්‍ය වේදිකාවන්හි පළවන ව්‍යාජ තොරතුරු උදෙසා දොරවල් විවරව තිබියදී, මහජනයා විශ්වාසදායී තොරතුරු දැන ගැනීමේ පිපාසාවෙන් පසුවන මෙවැනි අවස්ථාවක, අයහපත් නීති සම්මත නොකරන බව සහතික කර ගන්නට දැන් වාරය පැමිණ ඇත්තේ පාර්ලිම්න්තුවටයි.
(***)
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තොරතුරු දැනගැනීමේ පනතට නව පනතින් සීමා වැටේද?