X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


සවුදි අරාබියේ ආර්ථික ප්‍රතිසංස්කරණ දෙන ආදර්ශය

වසර 2030 ඉලක්ක කරගෙන ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාවට නංවන්නට සවුදි අරාබිය තීරණය කර තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක ආර්ථිකයේ පසුබෑම ප්‍රශ්නයක් වනු ඇති බව සවුදි පාලකයන් නිගමනය කර ඇත. ලෝක ප්‍රජාව ඛනිජ තෙල් භාවිතය සීමා කිරීම එරටට තීරණාත්මක ලෙස බලපාන බව ද නිරීක්ෂණය කරන කරුණකි. පැවැත්ම වෙනස් නොකළහොත් ගැටලු මතුවිය හැකි බව ප්‍රකාශ වී ඇත. අංශ ගණනාවක් සඳහා වෙනස්කම් බලගන්වා තිබේ.

මැද පෙරදිග කලාපයේ විශාලතම ආර්ථිකය සවුදි අරාබිය වන අතර ලෝකයේ ධනවත්ම රටවල් විස්ස අතරින් එකකි. ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් බහුලම රටක් බව දැක්වේ. වැඩිම බොර තෙල් නිධි සහිත රටවල් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයෙහි සිටී. එරට ජාතික ආදායමෙන් සියයට 63ක් ඛනිජ තෙල් වලින් වන අතර අපනයන ආදායමෙන් සියයට හැට හතක් ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන බව දැක්වේ. සවුදි අරාබියේ සේවය කරන පිරිස අතරින් සියයට අසූවක් වෙනත් රටවල ශ්‍රමිකයෝය. 

තෙල් ආදායම සීමාවිය හැකි අනාගතයේ යැපෙන ක්‍රම ගැන සවුදි පාලකයන් අධ්‍යයනය කර තිබේ. ආර්ථිකය විවිධාංගීකරණය කරන අතර රැකියා විරහිතභාවය අඩු කර කාන්තා ශ්‍රමය උපයෝගීකරගන්නා අලුත් පැති යෝජනා කරයි. රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම ද අරමුණු අතර ඇත. කරුණු දොලහකින් සමන්විත වැඩ පිළිවෙළක් සැලැස්මකට ඇතුළත් කර තිබේ.

සැලැස්ම අධීක්ෂණයට වෙනම අංශයක් ස්ථාපනය කර ඇත. ආයෝජනය, නිවාස සංවර්ධනය, මුල්‍ය ස්ථාවරත්වය, ජීවන මට්ටම නැංවීම ඇතුළු කරුණු මෙහි දී සලකන ලද බව වාර්තා වෙයි. සවුදි රජය සතු දැවැන්ත ව්‍යාපාර පනහකට වැඩි ගණනක් පෞද්ගලිකරණය කෙරේ. ව්‍යවසාය අරඹන පහසුව සඳහා ස්වයංක්‍රීය දත්ත පද්ධති හා ආයෝජන පරිපාලන ක්‍රමවේද ඇති කරයි. එයින් ආයෝජනය හා ව්‍යවසායකත්වය පහසු වනු ඇත. පැය විසිහතරක් තුළ වරාය මෙහෙයුම් අවසන් කරන සහ නැව් එන්නටත් කලින් ඒවායේ භාණ්ඩ විද්‍යුත් නිශ්කාශනය කරන පහසුකම් සලසයි. ආනයන හා අපනයන සඳහා එක තැනකින් වහාම අවසර දෙන ක්‍රමවේදයක් ද යෝජනා කර තිබේ.

ආර්ථිකය බලගැන්වීම සඳහා ඩිජිටල් ක්‍රමවේද හඳුන්වා දී ඇත. රජයේ සේවය අඩු කරන අතර බදු අය කරන්නට යෝජනා කර තිබේ. කර්මාන්ත හා ව්‍යාපාර සම්බන්ධව වාණිජ අධිකරණයේ නඩු කල් තැබීම වාර තුනකට සීමා කර ඉක්මන් තීන්දු දෙන ප්‍රතිපත්තියක් සකසන ලද බව දැක්වේ. අලුත් අණ පනත් 197 ක් සම්මත කර තිබේ. ඒවායෙන් ආර්ථිකය ගැන තීන්දු ගැනීම ඉක්මන් කරයි. විද්‍යුත් ආණ්ඩුකරණය සවුදි අරාබි පාලනයේ දැවැන්ත පෙරැළියකි. එරට බලපත්‍ර ප්‍රතිසංස්කරණ වැඩසටහන අනුව ආණ්ඩුවේ බලපත්‍ර අංශ 5,500 ක් අතරින් සියයට හැටක් නවීකරණය කර ඇත. වාණිජ හා කර්මාන්ත අංශ සඳහා වන බලපත්‍ර පැය විසි හතරක් ඇතුළත නිකුත් කෙරෙන බව නිවේදනය කිරීම විශේෂයෙන් සලකා බැලිය යුතු පැත්තකි. 

තෙල් සම්පත් වලින් ඉහළින් සිටි සවුදිය රොබෝ තාක්ෂණයට ඇතුළු වී ඇත. පස්වැනි පරම්පරාවේ වේගවත් සන්නිවේදනය හඳුන්වා දී ඇති අතර කෘතීම බුද්ධිය භාවිත කරන ලෝකයේ රටවල් පහළොව අතරට එකක් වී සිටී. ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ හා තාක්ෂණයේ භාවිතාව සමග මහා පරිමාණ විදේශ ආයෝජන ඉලක්ක කර ඇත. 2019 වසරේ සිට තෙල් නොවන අංශ වලින් රටට එන ආදායම සියයට පහක පමණ වේගයකින් වර්ධනය වී ඇති අතර සෘජු විදේශ ආයෝජන සියයට තුන්සිය තිස් එකක වර්ධනයක් පෙන්වයි. 2030 වසර වන විට සවුදි අරාබියේ ආර්ථිකයට පෞද්ගලික අංශයේ දායකත්වය සියයට 65 ක ප්‍රතිශතයක් දක්වා වැඩි කර ගැනීම අවසාන අරමුණ බව දැක්වේ.

සවුදි අරාබිය ධනයෙන් පොහොසත්ය. ඛනිජ තෙල් ඇතුළු පොසිල සම්පත් අසීමිත ප්‍රමාණයක් ඇත. තෙල් පරිභෝජනය වහාම අවසන් නොවනු ඇති අතර තවත් දශක ගණනක් යැපෙන්නට අවස්ථාව තිබේ. සවුදියේ පුරවැසියන්ට ආර්ථික හා සමාජ අගහිඟතාවක් නැත. එවැනි වාසිදායක පසුබිමක සිටින අතරවාරයේ පවා අනාගතය සැලසුම් කරමින් සිටී. 

ආර්ථික ප්‍රතිසංස්කරණ නොකර, අවහිරයක් රහිතව පැවැතිය හැකි සවුදිය වෙනස්වෙන සැලැස්මක් ප්‍රකාශයට පත් කරන නමුත් සමාජ හා ආර්ථික අර්බුදයක් අභිමුවෙහි සිටින ශ්‍රී ලංකාව අලුත් පැති ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි?

හොඳ අනාගතයක් ගැන බලාපොරොත්තු ඇතිව දේශපාලන නායකයන් බලයට පත් කරන බව මතක් කළ යුතුව ඇත. ඡන්ද වේදිකාවේ දී ජනතාව හමුවේ තබන පොරොන්දු පසුව මතක නැත. සෑම දේශපාලනඥයකුම ජනතාවට මිහිරි වචන කියන අතර ආර්ථිකය ගොඩනගන්නට නම් ගත යුතු තීරණවල තිත්ත පැති අඟවන්නේ නැත. ආණ්ඩු පත් කරන ජනතාව ද නායකයන්ගෙන් ඉල්ලන්නේ මැජික් විසඳුම්ය. අවුරුද්දෙන් දෙකෙන් කේතුමතියක් නිර්මාණය කරන්නට බල කරයි. විපක්ෂ චෝදනා, යල්පැන ගිය නීති සහ නිලධාරීවාදය ප්‍රතිසංස්කරණ වළක්වන තැන්ය.

ඊළඟ මැතිවරණය සඳහා ජනප්‍රියත්වය ආරක්ෂා කරගන්නට වෑයම් කරන නායකයෝ රට ගොඩනගන හා එයින් මහජන ගෞරවය දිනා ගන්නා වෑයම අමතක කර දමති. ජනතා අපේක්ෂා සාක්ෂාත් කළ යුතුය. එවැනි පියවරක් සඳහා අවශ්‍ය වෙනස්කම් කරන්නට විශාල ධෛර්යයක් අවශ්‍යය. වෙනස්කම් ඉවසන ශක්තියක් සමාජය තුළ තිබිය යුතුය. 

මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] ලිපිනයට යොමු කළ හැකිය. තවත් අදහස් www.milindaprashna.wordpress.com අඩවියෙන් කියැවිය හැකිය.

- මිලින්ද මොරගොඩ



අදහස් (0)

සවුදි අරාබියේ ආර්ථික ප්‍රතිසංස්කරණ දෙන ආදර්ශය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site