X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


හාස්කම් ගැන සමාජය නොමග යවන මිනීමරුවෝ

මානව ශිෂ්ටාචාරයේ දියුණුතම හා බලගතුම යුගයක අපි ජීවත් වෙමු. 21 වැනි සියවස යනු විද්‍යා යුගයේ උපරිමය වෙත සේන්දු වෙමින් සිටින සියවස වෙයි. එක් අතකින් මහා තාක්ෂණික විප්ලවයකි. අනෙක් අතට මහා සන්නිවේදන විප්ලවයකි. ඒ පරිසරය තුළ දැනුම සම්බන්ධ ඒකාධිකාරය පුපුරා ගොස් තිබේ. අන්තර්ජාලයට ඇතුළු වන ඕනෑම අයකුට විශ්ව දැනුම ඇසුරු කිරීමේ හැකියාව තිබේ. එහෙයින් මේ සියවසේ ජීවත් වන ඕනෑම අයකු මේ සියවසට ගැළපෙන අංග ලක්ෂණ වලින් සමන්විත විය යුතුය. එය එසේ නොවන්නේ නම් එම ගමන කෙළවර වන්නේ මහා ඛේදවාචකවලිනි.

අප පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ මීගමුව, බඩල්ගම පොලිස් වසමට අයත් ආඬිමුල්ල ප්‍රදේශයේ සෙම් රෝගය උත්සන්න වූ දස හැවිරිදි දරුවකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොකර මිථ්‍යා ඇදහිලි මත නිවසේ තබාගෙන යාච්ඤා කරමින් සිටිය දී මියගොස් ඇති බව බඩල්ගම පොලිසිය කියන බවය.

දරුවාගේ මවුපියන් දෙපළ මෑතක දී වෙනත් ආගමික නිකායක් ඇදහීමට පටන්ගෙන තිබේ. එම නිකායේ තක්කඩියන් මෙම දෙමවුපියන්ට පවසා ඇත්තේ දරුවාට ප්‍රතිකාර කළ යුතු නැති බවත්, යාච්ඤා කිරීමෙන් පමණක් දරුවා සුවපත් වන බවත්ය. මෙම දරුවා නිධන්ගත රෝගයකින් පෙළෙන්නෙකි. ඒ වෙනුවෙන් රජයේ රෝහල්වල වෛද්‍ය සායනවලට ද දරුවා රැගෙන ගොස් තිබේ. එහෙත් ආගමික නිකායේ උපදෙස්වලට අනුව එම සියලු ප්‍රතිකාර නතර කර යාච්ඤා කිරීමට පටන්ගෙන තිබෙන බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

නිසි ප්‍රතිකාර නොලැබීම නිසා දරුවා මියගිය පසුත්, යළිත් ඔහුට සිහිය ඒවි යැයි විශ්වාසයෙන් මවුපිය යුවළ නොනවත්වාම යාච්ඤා කර තිබේ. මළ සිරුර නරක්ව අවට ප්‍රදේශය පුරා දුර්ගන්ධයක් ද පැතිර ගොස් තිබේ. මේ අතර පියා පොලිසියට ගොස් දරුවා කතා බහ නොකරන බවට පැමිණිලි කර තිබේ. පොලිසියේ උපදේශය වී තිබෙන්නේ දරුවා වහා රෝහල්ගත කරන ලෙසය. පොලිස් සැරයන්වරයකු තම ජංගම දුරකතනයෙන් සුවසැරිය ගිලන් රථ සේවාව අමතා සිද්ධිය පවසා තිබේ. පොලිස් නිලධාරීන් පිරිස හා ගිලන් රථය අදාළ නිවසට ගිය විට හමුවී තිබෙන්නේ දෙදිනකට පෙර මියගොස් සිටි දරුවාගේ මෘත දේහයයි. පොලිසිය එහි යන විටත් මව හා පියා මියගිය දරුවා ඉදිරිපිට යාච්ඡා කරමින් සිට ඇති බව ද සඳහන්ය.

දුරාතීතයේ මිනිසා ඉර හා හඳ දෙවියන් යැයි ඇදහුවේය. එහෙත් මානව සමාජය ශිෂ්ටාචාරගත වී දියුණුවත්ම එම මිථ්‍යා මත බැහැර වී ගියේය. ගහ කොළ, පර්වත, දෙවියන් වහන්සේ යැයි සලකා වන්දනාමාන කිරීම ‘‘භය’’ නිසා සිදුවන්නක් බව බුදු දහමෙහි සඳහන්ය. මානව සමාජයක දියුණුවීම යන්නෙන් අර්ථවත් වන්නේ මිථ්‍යාවෙන් බැහැර වී විද්‍යාව වෙත ගමන් කිරීමය. එහෙත් නූතන සියවස ඉල්ලන දියුණුවට සමීප නොවුණු මිනිස්සු සිටිති. පෙර කී දරුවා නිරපරාදේ මරාගත් මවුපිය යුවළ අයත් වන්නේ එම නොදියුණු මිනිස් කාණ්ඩයටය.

ආගම, දහම, ඇදහිලි හා විශ්වාස සිය බඩගෝස්තරය වෙනුවෙන් ගණිකා වෘත්තියේ යොදවන්නෝ සිටිති. අහිංසක, නූගත් ජනයා ගසා කෑමට ඔවුහු ඒවා යොදා ගනිති. දහසක් ප්‍රශ්න අතර අතරමංව සිටින ඇතැමකු එබඳු මිථ්‍යාවන්වලට බිලිවීමට ඉඩ තිබේ. සමාජයේ ජීවත්වන සෑම පුරවැසියකුගෙන්ම සමාන බුද්ධියක් ප්‍රඥාවක් අපේක්ෂා කළ නොහැකිය. යථාර්ථය හඳුනා ගැනීමට අසමත් වූවෝ තම ජීවිත විනාශ කර ගනිති. ඒ සම්බන්ධ උදාහරණ ඕනෑ තරම් තිබේ.

කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ, මෙතරම් දියුණු යුගයක තම දරුවන්ගේ රෝගයකට බෙහෙත් නොදී දෙවියන් දරුවා සුවපත් කරනු ඇතැයි බලා සිටීම වර්තමානයේ දී සිතාගත නොහැකි තත්ත්වයක් බවය. එවන් දෙමවුපියන් සිටිනවා නම් මෙය ගල් යුගයටත් එහා ගිය යුගයක් යැයි ද වෛද්‍ය විශේෂඥවරයා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

‘‘හාස්කම්’’ සම්බන්ධ මිථ්‍යාව තුරන් කරන තුරු මෙබඳු ඛේදවාචක නතර නොවනු ඇත. මෙහිදී විශේෂ අවධානය යොමු කළ යුතු වන්නේ හාස්කම් සම්බන්ධ ව්‍යාපාර කරන තක්කඩියන් කෙරෙහිය. ඔවුහු මිනීමරුවෝ වෙති. ඔවුන්ට මේ සමාජය පාලනය කිරීමට ඉඩ දිය  යුතු නැත. මේ සම්බන්ධයෙන් ඉතා දියුණු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. එයට දැනුත් කල්යල් හරිය.

(***)



අදහස් (1)

හාස්කම් ගැන සමාජය නොමග යවන මිනීමරුවෝ

nimal Sunday, 13 February 2022 07:32 PM

‘‘හාස්කම්’’ සම්බන්ධ මිථ්‍යාව තුරන් කිරීමට යළිත් මෙබඳු ඛේදවාචක ඇති නොවන්නට මවුපිය යුවළ හෝ අදාල සියලු දෙනාට අධිකරණයෙන් අවවාද හෝ දඬුවමක් පැමිණවිය යුතුවේ. මෙය නොදැනුවත්ව කළ මිනීමැරුමකි. එමගින් රටට පණිවිඩයක්ද ලැබෙනු ඇත..

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site