X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


අනතුරු වැළැක්වීම පොලිසියට තනියම බෑ

එක දිනක් තුළ සිදුවූ මාරක රිය අනතුරු හතරකින් නවදෙනකු මියගොස් තවත් දසදෙනකු බරපතළ තුවාල ලැබීම අප රටේ සියලු‍දෙනාම කම්පනයට පත්කළ පුවතක් බවට පත්ව තිබේ. පසුගිය 22 වැනිදා සිදුවූ එකී අනතුරුවලින් මියගිය පිරිස අතර විදුලි අධිකාරීවරු දෙදෙනෙක් ද වයස අවුරුදු 12ක පාසල් දරුවෙක් ද වෙති. මේ සියලු‍දෙනාගේ අවාසනාවන්ත මරණ හේතුවෙන් බලවත් සංවේගයට පත්ව සිටින ඔවුන්ගේ සමීපතම ඥාතීන් වෙත අපගේ කනගාටුව ද ප්‍රකාශ කරන අතරම මේ අනතුරු වළක්වා ගැනීමට නොහැකි වූයේ මන්ද යන කාරණය කෙරෙහි ද අපගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

හදිසි අනතුරකින් මරණයක් සිදුවූ විට එය අවාසනාවන්ත මරණයක් වශයෙන් සඳහන් කිරීම කාගේත් සිරිත වෙයි. ස්වාභාවික හේතූ මත හෝ රෝගී බව නිසා හෝ සිදුවන මරණයක් හැරුණුවිට අනතුරුවලින් සිදුවන මරණ වළක්වා ගැනීමට අවස්ථාවක් තිබීම එයට එක් හේතුවකි. අනතුරක් වළක්වා ගැනීම යනු එක් අයකුගේ හෝ කිහිපදෙනකුගේ හෝ ජීවිතය බේරාදීමකි. දරුණු තුවාල ලැබීමෙන් ගලවා ගැනීමකි. එහෙත් විශේෂයෙන්ම පෙනී යන්නේ මහාමාර්ගවලදී සිදුවන අනතුරුවලින් අතිබහුතරය අනතුරක් වළක්වා ගැනීමේ වැදගත්කම සහ වගකීම රියැදුරන් අතින් ගිලිහී ගොස් තිබීම හේතුවෙන් සිදුවන බවය. නොසැලකිලිමත්කම හෝ නින්ද යාම අනතුරකදී නිදහසට කරුණක් විය නොහැක. ජීවිත ගණනාවක් අහිමි කරමින් අනතුරක් සිදුවූ විට නිදහසට කරුණු ගැන උනන්දු වන කිසිවකුත් නැත.

මෙරට මහාමාර්ගවල සිදුවන අනතුරු මේ කිහිපයෙන් නවතින්නේ නැත. මේ ලියන මොහොතේදීත් මාරක අනතුරුවලට අත වනන රියැදුරෝ මහාමාර්ගයේ ගැවැසෙති. එය නැවැතී තිබුණේ කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් රටේම සියලු‍ මංමාවත් පාළුවට ගොස් තිබූ මාස කිහිපය තුළදී පමණි. රිය අනතුරුවලින් සිදුවන ජීවිත සහ දේපළ හානිය ද තුවාල ලැබීම ද ඒ මාස කිහිපයේදී සිදු නොවීය. ඒ ගැන සුළු කතිකාවක් පවා ඇතිවිය. එහෙත් සැලකිය යුතු මට්ටමේ අවධානයක් ඒ කෙරෙහි යොමු නොවීම හේතුවෙන් යළිත් දිනකට කිහිපදෙනකු මරා දමමින් මහාමාර්ග අනතුරු සිදුවීම බරපතළ මට්ටමින් ඉහළ ගොස් තිබේ. රිය අනතුරු හේතුවෙන් දිනකට මරණ 8ක් සිදුවී තවත් කිහිපදෙනකු තුවාල ලැබීම සාමාන්‍ය සිද්ධියක් තරමට සැහැල්ලු‍ වෙමින් තිබේ. මේ තත්ත්වය කෙරෙහි සියලු‍දෙනාගේ අවධානය ප්‍රමාණවත් තරමින් වහාම යොමුවිය යුතු බවට පසුගිය 22 වැනිදා දවසේ සිදුවූ අනතුරු විසින් බල කරනු ලැබ තිබේ.

මේ තත්ත්වය පාලනය කිරීමේදී මවුපියන් අත ද දැඩි වගකීමක් තිබෙන බවට අහුන්ගල්ල, වැලිකන්ද ප්‍රදේශයේ එදින සිදුවූ අනතුර මගින් පෙන්වා දී තිබේ. තම නිවෙස ඉදිරිපිට නවතා තිබූ ටිපර් ලොරියකට නැගගත් 15 හැවිරිදි ළමයකු විසින් එහි යතුරු කටේ රඳවා තිබූ යතුර කරකැවීම හේතුවෙන් ඉදිරියට ඇදී ගිය ටිපර් රථයට ඔහුගේම 12 හැවිරිදි ඥාති සොහොයුරා පැද යමින් සිටි බයිසිකලය යටවීමෙන් මේ අනතුර සිදුවී තිබිණි.

නිවෙසේ සිටින මවුපියන් හෝ වෙනත් වැඩිහිටියන් හෝ තම දරුවන් ගැන මීට වඩා සොයා බැලීමකින් සිටියා නම් මේ අනතුර වළක්වා ගැනීමට ඉඩ තිබූ බව අපගේ වැටහීමය. එසේම ටිපර් රථ රියැදුරු යතුරු කටේ යතුර රඳවා තබා රථයෙන් බැහැර වී සිටීම බරපතළ වැරැද්දකි. එය ඕනෑම අනතුරකට හේතුවිය හැකි බව දැන දැනම එසේ යතුර රැඳවීම ඔහුගේ පැත්තෙන් සිදුවූ බරපතළ නොසැලකිල්ලකි. මෙහි ප්‍රතිඵලය එක් දරුවකුට ජීවිතය අහිමිවීමත් අනෙක් දරුවාට ජීවිතය පුරා බලපැවැත්විය හැකි ප්‍රබල කම්පනයකට මුහුණදීමට සිදුවීමත්ය. මෙවැනි මරණ සැබෑ ලෙසම අවාසනාවන්ත මරණමය.

විදුලි අධිකාරීවරුන් දෙදෙනකු ඇතුළු තිදෙනකුගේ ජීවිත අහිමි කළ වෑන් රිය ප්‍රපාතයට පෙරැළීමේ අනතුරට ද පස්දෙනකුගේ ජීවිත අහිමි කළ කුඩා මෝටර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටුණු අනතුරට ද හේතුව රියැදුරුට නින්ද යාම බව පොලිසිය සැක කරන බව සඳහන්ය. ඉතා කුඩා මෝටර් රියකට පස්දෙනකු නැග රාත්‍රී කාලයේ යන ගමනකදී අවශ්‍යයෙන්ම තිබිය යුතු තමන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම ඔවුන් කිසිවකුටත් නොතිබී ඇතැයි අනතුර සිදුවී ඇති ආකාරයෙන් බැලූ බැල්මට පෙනී යයි. එම මෝටර් රථය ටිපරයේ ඉදිරිපස මුහුණට මුහුණ ගැටී තිබුණේ විරුද්ධ දිසාවට ඇදී යාමෙන් පසුවය. රියැදුරු නොව ඇතුළේ සිටි අයකු හෝ අවදියෙන් සිටියා නම් බොහෝ දුරට එසේ සිදුවීමට ඉඩක් නැත.

මේ ආකාරයේ මාරක අනතුරු අපට කියා දෙන පාඩම නම් මහාමාර්ගවල තම තමන්ගේ රථ ධාවනය කිරීමේදී රියැදුරකුට තිබිය යුතුම යහපත් සිහිය රඳවා ගැනීමේ වැදගත්කමය. එසේම අනතුරුදායක ලෙස වාහනයේ පාලනය වෙන අයකු අතට යාමෙන් වළක්වා ගැනීමය. රාත්‍රී කාලයේ ධාවනයක යෙදෙන විට නින්ද නොයන බවට වගබලා ගැනීමය. ඒ හැර රථවාහන පොලිසියට පමණක් මාර්ග අනතුරු වැළැක්වීමේ වගකීම පවරා නිහඬ වීමෙන් ඵලක් නැත.

(***)



අදහස් (3)

අනතුරු වැළැක්වීම පොලිසියට තනියම බෑ

Ravindra Anusha Wednesday, 26 August 2020 07:44 AM

පොලිසිය හිතනවා නම් ලයිසන් එකයි, ඉන්ෂුවරන්ස් එකයි බැලුවම අනතුරු අඩු වෙනවා කියලා.... ඒක බොරුවක්. අනතුරුවල ස්වභාවය සහ අනතුරුවලට නියම හේතුව හොයලා පිළියම් කරනවා නම් හරි. නැත්තම් මේ මොහොතේත් පාර අයිනේ පොලිසිය බයික් සහ ත්‍රීවීල් නතර කර කර ඉන්නවා ඇති.

:       0       93

wedage Wednesday, 26 August 2020 08:47 AM

පගාව ගන්න නම් තනියම පුළුවන්...

:       0       24

Kamal Koyrala Wednesday, 26 August 2020 03:47 PM

මේ සියලු කාරණාවලට තියෙන්නේ එක විසඳුමයි. අද ලංකාවේ තත්වය අනුව පළමුවෙන්ම සිදුවිය යුත්තේ ව්‍යවස්ථාව නොවේ... රටේ පවතින නීතිය වෙනස් කරන එකයි සහ එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන එකයි..

:       8       152

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site