(ඩයනා උදයංගනී)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ පා ගමනට අග්‍රාමාත්‍ය කාර්යාලය අසල දී පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබිණි.
පා ගමනට එක්වූ පිරිස ගාලු පාර ඔස්සේ පැමිණ කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අසලින් ගමන් කරමින් සිටියදී මෙම කඳුළු ගෑස් හා ජල ප්‍රහාරය එල්ල විය.
පොලීසිය මේ වන විට පා ගමන ඉදිරියට යාම වැළැක්වීම සඳ්‍හා මාර්ග බාධක යොදමින් සිටින බව ද වාර්තා වේ.
අගමැති කාර්යාලය අසලදී පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වුවත් පිරිස තවදුරටත් ඉදිරියට ගමන් කරමින් සිටිති.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අන්තරේ පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්
de silva Friday, 18 November 2022 04:05 PM
මේක සාධාරණ උද්ඝෝෂණයක්...
Suicide BomberFriday, 18 November 2022 07:13 PM
ඊලඟ සැරේ කඳුළු ගෑස් නොවේ... ඩයිනමයිට් ගෑස් වදින්නේ...! මිනිස්සුන්ට නොපෙනෙන්න ආරක්‍ෂක හමුදා සීරුවෙන් තියලා ඇයි කියලා දන්නවාද?
saali Friday, 18 November 2022 04:23 PM
හැමදාම මහපාරේ.. රස්තියාදු කාරයෝ...
විපරමා Friday, 18 November 2022 04:34 PM
අරගලයට පින් සිද්ද වෙන්න ආපු පින් ජනපතියා... ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණය කරන්නේ දූෂිත, මජර දේශපාලුවන්ට... දූෂිත තීරණවලට විරුද්ධව... අසාධාරණ විදියට හිරකරගෙන ඉන්න වසන්ත, සිරිධම්ම හිමි නිදහස් කළ යුතුයි. රටම විනාශ කරපු මහාපරිමාණ හොර, දූෂිත දේශපාලුවන් අද නිදහසේ සුවසේ ඉන්නවා. හරි නම් සදහටම හිරේ ඉන්න ඕනේ...
ranjith Friday, 18 November 2022 04:58 PM
මේ රටේ උගත් දරුවන් ටික මේ ඉන්නේ... 225 වගේ නෙවෙයි..!
Lal Friday, 18 November 2022 04:59 PM
තේරුමක් නෑ... යමක් කරන්න... කාලය නාස්ති කරනවාට වඩා...
Santhu Friday, 18 November 2022 05:36 PM
අරගලයට පින් සිදුවෙන්න රස්තියාදු කාරයින්ටත් වෙනත් දේ ලැබෙනවනේ බෝඩ්ස් වල මොනවා හරි ලියලා දීලා" මෙන්න මේවා කියලා කෑගහමින් පාර දිගේ යන්න කියලා" කිව්වම... ඒකෙන් රටටවත්, තමුන්ටවත් සෙතක් වෙනවද? නැහැනේ... නුදුරේදීම ඇස් පෙනීම දුර්වල වෙනවා. කඳුළු ගෑස් නිසාම...
සමිත සේනක අලුත්ගමගේ. Friday, 18 November 2022 05:49 PM
මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලුවන් ගේ රෙදි අස්සේ වෙන්න ඇති තියෙන්නේ... එසේ නැතිව, එහෙම දෙයක් තියෙන තැනක් අපට නම් පේන්නේ නැහැ. රටම හොරා කෑ පොහොට්ටු හොර නඩයට එරෙහිව ජනතාව පාරට බැස්සා. හොරුන් අල්ලන්න බැහැ. රට හොරා කා බංකොලොත් කළ වුන් තවමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඉතිරි අයද සුවසේ නිදැල්ලේ. ඒත්, දඬුවම් දෙන්නේ හොරකමට, දූෂණයට එරෙහිව පාරට බැස්ස අයටයි. හොරු අල්ලන්න කිසිම වුවමනාවක් නැහැ. මේ රටේ තවමත් සත්‍ය වටහා ගන්න බැරි මන්ද මානසික අය ඉන්නවා. කොළඹ රජයේ කාර්යාලයක මා දන්නා එක්තරා කාන්තාවක් සිටිනවා. විශ්ව විද්‍යාලයේ සිසුන්ට පොලීසියෙන් ගහන දර්ශන රූපවාහිනී නාලිකාවල දුටුවිට "හොඳ වැඩේ තව ගහපන්" යනුවෙන් සතුටින් ඇය උඩ පනිනවා. මේ මිනිසුන් මේ පාරට බැස්සේ රට කෑ හොරුන්ට එරෙහිව බව ඒ වැනි අයට වටහා ගැනීමට බුද්ධියක් නැහැ. හොඳ වෙලාවට වලිගය නැත්තේ. තිබුණා නම්, ගවයින් කියා හොරු මරන් කනවා...
Bamunuarachchi Friday, 18 November 2022 06:50 PM
මොවුන් දැන් මෙහෙම නම් ජෙප්පන්ට බලය ලැබුණොත් තුණ්ඩු කෑල්ලෙන් රටපාලනය කරාවි. මේ ගොබ්බයින්ට නොතේරෙන දේ තමයි මෙවැනි උද්ඝෝෂණ නිසා ජෙප්පන්ට ඡන්දය දැමීමට මිනිස්සු කීප සැරයක් හිතන බව... මේවායින් මොවුන්ට අවාසියක් මිස කිසිම වාසියක් අත්වෙන්නේ නැත...
සත්‍ය ගවේෂී.Friday, 18 November 2022 07:56 PM
මේ ගොයියාත් අර ඉහත ලිපියේ සඳහන් මන්ද මානසික කාන්තාව වගේම කෙනෙක්.රට කෑ හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන්න කියා බලපෑම් එල්ල කරන විට, ඒ අයට පොලීසියෙන් ගහන විට තව ගහපන් කියා සතුටු වෙනවා.කතාව ඇත්ත.වෙලාවට වලිගය නැත්තේ.තිබුණා නම්,ගවයන් කියා හොරු මරාගෙන කනවා.
mp Friday, 18 November 2022 06:59 PM
මේ කම්බ හොරුන්ට පාඩමක් උගන්වන්නේ කවදා හරි ඔවුන්ගේ කර්මය විසින්මයි...
sharm warn Monday, 21 November 2022 09:20 AM
මෙරට සැබෑ උඩ්දමනය115% කියල මෙතන කොල්ලන්ට සාප කරන අහිංසක ප්‍රෙක්ශකයො දනන්වද දන්නෙ නෑ. . එ උඩ්ධමනයට හේතුව මෙ පාරෙ ඉන්න ලමයි නැතිනම් අර පරම්පරා ගානක් තිස්සෙ දියවන්නාවෙ හරක් ගාලෙ ලැගගෙන ඉන්න නාකි මොටයි සහ පාදඩ හොරු කියලා තේන අය මෙතන ඉන්නවද? ( මෙක පල වුනොත් ඩිස්ලයික් වැටෙන ගානත් කියන්නම්. . ඔනම නම්.. හි හි )