පසුගිය 18 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කුණුහරපයෙන් බැනීම ගැන විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කතානායක කරු ජයසුරිය මහතා ඉදිරියේ අද (25) සමාව ගත්තේය.
කතානායක විසින් පැනැවෙන ඕනෑම දඬුවමකට යටත් වන බවද ඔහු කීවේය.
සමාව ගැනීමට ඔහු ගත් තීරණය අගය කරන බවත් ඔහුගේ එම ක්‍රියාව නිසා ඔහුට එරෙහිව ක්‍රියා නොකරන බව ද ජයසුරිය මහතා කීවේය.
පරිපුරක ඇස්තමේන්තුවක මුල් ඡන්ද විමසීමේ දී ඇති වු කලබලයට සම්බන්ධ මන්ත්‍රීන් ද මෙලෙස සමාව ගත හොත් ඔවුනට එරෙහිව ක්‍රියා නොකිරිමට ඉඩ ඇතැයි ද කතානායක පැවසීය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අමු තිත්ත කතාවට හරීන් සමාව ගනී
දසුන් Wednesday, 25 May 2016 11:33 AM
මඩු වලිගයක් හොයා ගන්න ඕනේ ඡන්දෙ දීපු අයට සලකන්න (බ)
ජයනාත් Friday, 27 May 2016 04:16 PM
කාගේ වුනත් හොඳදේ අගය නොකිරීම කුහක කමක්.වැරදීම් කාහටත් වෙනවා, ඔබට වඩා ජ්‍යෙෂ්ඨයින්ට පවා.කෙසේ වෙතත් ඔබ හොඳ ආදර්ශයක් දුන් බව පිළිගනිමු .මහින්දානන්දත් එය වැඩිදුර ගෙන නොගොසින් අතහැරියා.පාර්ලිමේන්තු කතානායක ගෙන් මෙන්ම එම සිද්ධියට අදාලවූ මහින්දානන්දගෙනුත් සමාව අයැදීමක් කළානම් හොඳයි. (බ)
ගම්පොළගෙදර Thursday, 26 May 2016 04:07 AM
පක්ෂේ පාට මිස වෙන වෙනසක් කොහිද -ඕවා එකම බව තේරෙනවා මටද හොරකම් අඩුයි තරමක් දැන් පෙරට වඩා- වෙනසක් හෙම තියෙනවද එහි මෙයට වඩා. (බ)
ගම්පොළගෙදර Thursday, 26 May 2016 04:01 AM
ඇයි අම්මේ අඩන්නේ මේ පක්ෂේ බදා, මට දැනෙනවා මේ ඔක්කොම එකය කියා.නාඩන් අම්මේ නාඩන් මේ විහිලු බලා- එන්නද ගොසින් ඡන්දය දුන් උන්ට තලා. (බ)
සම්පත් Wednesday, 25 May 2016 04:42 PM
චින්තක .ගම්පහ ඉන්නේ පබාලා මර්වින්ලා පත් කළ මිනිස්සු ය. (බ)
චින්තක Wednesday, 25 May 2016 03:09 PM
ලබන පාර මෙයාට ඡන්දෙ දෙන්නේ මිනිස්සුනම් නොවේ (බ)
නන්දලාල් ද සිල්වා Wednesday, 25 May 2016 02:38 PM
මෙහෙම හාදයෝද මහජනයා විසින් තමන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කරලා රටේ උත්තරීතරම ආයතනයට යැව්වේ ?(හේ)
ගාමිණි Wednesday, 25 May 2016 02:39 PM
කුණු හරප කියන එක වැරදි නමුත් දන්නා බසනේ (හේ)
සුමිත්‍රා Wednesday, 25 May 2016 02:24 PM
සමාව ගත්තා කියලා වැඩක් නෑ.මෙතුමට දඩුවම් ලබා දෙන්න.(හේ)
සකුන්තලා Wednesday, 25 May 2016 02:22 PM
දැන් ඉතින් සමාව අරන් වැඩක් වෙන්නේ නෑ නේද?(හේ)
උපාලි Wednesday, 25 May 2016 02:14 PM
ජයදේව, ඔබ කියන්නේ හරිම ඇත්ත. හැබැයි, ඔහොම කියලවත් තේරෙන්නේ නැති පිරිසකටයි ඕක කියල තියෙන්නේ. (බ)
ෆසීර් Wednesday, 25 May 2016 02:09 PM
හික්මීමක් නැති උගත් කම, බොහොම භයානක දෙයක්. එකෙන් වෙන ආපදාව වැඩී. හරියට අැල්බෙර්ට් අයින්ස්ටයින්ගේ පරමාණු බෝම්බේ වගේ. (බ)
සේනක Wednesday, 25 May 2016 01:41 PM
ඕනැ කෙනෙකුට ඕනෑ හරුපයක් කියල පස්සේ සමාව ගත්තහම ඒ කෙනා ප්‍රභූ තත්වයට ඉබේම උසස් වෙනවා. (බ)
ජයදේව Wednesday, 25 May 2016 12:56 PM
කුණුහරුපෙන් බැනීම වැරදි තමයි හැබැයි ඉතින් තේරෙන භාෂාවෙන් තමයි කතා කරලා තියෙන්නේ. (බ)
දීපාල් Wednesday, 25 May 2016 11:41 AM
වැරැද්ද වැරද්දක් ලෙසට දැකීම උතුම් දෙයකි ! හරින් ඔබට මගේ උත්තමාචාරය ! (බ)
සේමිණී Wednesday, 25 May 2016 08:23 AM
සමාව ගත්ත එක ලොකු දෙයක් (නි)
මහේෂ් Wednesday, 25 May 2016 11:23 AM
කිසිම සමාවක් දෙන්න හොඳ නේ පාර්ලිමේන්තුවෙන් නෙරපන්න ඕන මේ වගේ අයව (බ)
නන්ද Wednesday, 25 May 2016 11:18 AM
අන්න හරි. වරද පිළිගැනීම උතුම් ක්‍රියාවක්, එහෙත් එම වරද යලි නොකිරීමට අධිෂ්ටාන කර ගන්න ඕන. ඊට බුදු සමයේ කියන්නේ ආයතිඞ් සංවරය කියල. (බ)
බමුණු Wednesday, 25 May 2016 11:14 AM
වාසුදේව මහතා සමාව ගත්තද? (බ)
සෑම් Wednesday, 25 May 2016 11:05 AM
තැබෑරුම් කාරයෝ පාර්ලිමේන්තුවට ඇවිත් එ්කත් වනසනවා. නැහැදිච්ච් ඈයෝ . ගිය තැන ගහ ගන්නවා, බැනගන්නවා (බ)
හරෑන් Wednesday, 25 May 2016 11:04 AM
නැහැදිච්චකම පේනවා (බ)
අශෝක Wednesday, 25 May 2016 10:46 AM
ඇඟේ තරමට මොලේ නැතිවුනහම ඔහොම වෙනවා. (බ)
සෙනරත් Wednesday, 25 May 2016 10:29 AM
මෙවැන්නුන්ට ඡන්දය දීමෙන් වැළකීම තමා හොදම දඩුවම. එතකොට ඉදිරියේදී මේවා පාලනය වෙනවා. (බ)
හරූන් Wednesday, 25 May 2016 09:55 AM
අපිට මඩු වලිගෙන් ගහ ගන්න ඕනේ (බ)
සංජීව Wednesday, 25 May 2016 09:57 AM
සුද්දගේ වැඩ වගේ පරදාර සේවනය කළත් කමක් නැහැ අහු වුනහම සොරී කිව්වනේ. කමක් නැහැ අඩුම ගානෙ සොරී කිව්වනේ (බ)
ගාමිණී Wednesday, 25 May 2016 09:57 AM
අපේ වරද ඡන්දෙ දීපු එක (බ)
සුදේශ් Wednesday, 25 May 2016 08:44 AM
වැරැද්දක් පිළිගැනීම ඉතා වටිනා දෙයක් (නි)
ප්‍රසන්න Wednesday, 25 May 2016 08:40 AM
එයාලට එහෙමයි, මෙයාලට මෙහෙමයි. (නි)
සිල්වා Wednesday, 25 May 2016 08:36 AM
සත්‍ය පෙන්නාදීම වගකිවයූතන්ගේ ක්‍රියාකලාපයි. සත්‍යයට ඇහුන්කන් නොදී කෑමොර දී බාධා පමුණුවනවා නම් යම් තැනක එවැනි උදවියට සලකන්න ඕනෑ මේ භාෂාවෙන්ම තමයි කියලයි මගේ හැඟීම (නි)
රොමේෂ් Wednesday, 25 May 2016 08:30 AM
විනයෙන් පිරිහුණ මේ වගේ කට්ටිය නියෝජනය කරන්නෙත් මේ වගේම විනයෙන් පිරිහුණ ඡන්දදායකයෝ පිරිසක් තමයි. (නි)