X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


ආයතන සංග්‍රහය වෙනස් කරන්න කමිටුවක්

ජනමාධ්‍යයට තොරතුරු ලබා දීම  සීමා කරමින් ආයතන සංග්‍රහයේ ඇති වගන්ති සංශෝධනය කිරීම ගැන සොයා බැලීමට කමිටුවක් පත් කරන බව රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා ලංකාදීපයට අද (03) පැවසීය.

මාධ්‍යයට තොරතුරු ලබා දුන් බව කියමින් කොළඹ මහානාම විද්‍යාලයයේ ගුරුවරියක ආයතන සංග්‍රහය අනුව වැඩ තහනම් කිරීම වැරදි බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා දුන් තීන්දුව ගැන සහ තොරතුරු දැන ගැනීමේ පනත ගැන ද සලකා බැලීමට එම කමිටුව පත් කරන බව ද ඇමැතිවරයා කීවේය.

මූලික අයිතිවාසිකම් සීමා කරන ආයතන සංග්‍රහයේ වගන්ති ඉවත් කරන ලෙස ලංකා ගුරු සංගමය පසුගිය සතියේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලිඛිත ඉල්ලීමක් කළේය. ලංකා ගුරු සංගමයේ කාර්යාලයයේ දී තම දුක්ගැනවිල්ලක් මාධ්‍යයට කී කොළඹ මහානාම ගුරුවරිය අධ්‍යාපන අමාත්‍යංශය මගින් වැඩ තහනමට ලක් කළේ 2012 වසරේ දී ය.  ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවත් සමග භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ගැන පුළුල් කථිකාවක් ඇති විය යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසිය.

රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීවේ තොරතුරු දැන ගැනීමේ පනත ද සම්මත වී ඇති නිසා ඇතැම් නීති රෙගුලාසි වෙනස් විය යුතු බවයි.  තමා පත් කරම කමිටුවෙන් ඒ ගැන සොයා බලා නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බවත් ඇමැතිවරයා කීවේය.



අදහස් (0)

ආයතන සංග්‍රහය වෙනස් කරන්න කමිටුවක්

දීපාල් නිරෝෂ් Tuesday, 04 October 2016 05:44 AM

අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක්, වෙනස් විය යුතු වගන්ති බොහෝමයක් තිබෙනවා. සංශෝදන සඳහා මහජන අදහස් ලබාගෙන ක්‍රියාත්මක කළහොත් ඉතාම සාර්ථක වේවි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site