( තිළිණි ද සිල්වා )
ඉතාලිය සහ මියන්මාරය සදහ නව ශ්‍රී ලංකා තානාපතිවරුන් දෙදෙනෙක් පත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
ඒ අනුව ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතාද , මියන්මාරයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා පත් කරනු ලැබ ඇතැයි විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
කලක් තිස්සේ පුරප්පාඩුව පැවති එම තානාපති ධූර සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත විදේශ අමාත්‍යාංශය කළ මෙම ප පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ද මේ වනවිට ලැබී ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිලිබද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකු ද වන ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා මීට පෙර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා නාමයෝජනා අනුමත වී තිබිණි.
තානාපති ධුරය බාර ගැනීමට පෙර ජගත් වැල්ලවත්ත මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ද , කලකට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ලෙසද කටයුතු කළේය.එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සැකසීම සදහාද හෙතෙම සිය දායකත්වය දැක්වූ අයෙකි.
මේ අතර මියන්මාරයේ ශ්‍රි ලංකා තානාපති ලෙස පත් කළ ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා මේ වනවිට දැනට නයිජීරියානු ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය හොබවනු ලබයි.ඔහු මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති ලෙසද කටයුතු කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කළ ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාර ලෙසද කලක් සේවය කළේය.
ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා
ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉතාලියට-මියන්මාරයට නව ශ්‍රී ලංකා තානාපතිවරුන් දෙදෙනෙක්
මහසෙන් Saturday, 23 October 2021 11:52 AM
ප්‍රතිපත්ති හදන්න දායකවීම ද හොදම සුදුසු කම ජගත් වැල්ලවත්තගේ.ඒ උනාට එය අර වීඩ්යෝ එකක් දලා එයාගේ ඉංගී්‍රීසි දැනුම ගැන කීවට පස්සේ යන්න උන්න රට වෙනස් උන වගක් තමා කියන්නේ.මොනවා උනත් ඕනම සුදුසු කම සපුරලනේ
යෝගා Saturday, 23 October 2021 12:14 PM
සේරම දේශපාලන පත්වීම්. කිව්වේනම් කොහොමද.
kamal Saturday, 23 October 2021 12:24 PM
ගොට්ටන්ට ගිය රට...
sarath perth Saturday, 23 October 2021 01:23 PM
ඉතාලියට අබ සරණයි...!
පිටිගල මිලානෝ Saturday, 23 October 2021 01:29 PM
ජගත් වැල්ලවත්ත, ඔබ හොඳ මිනිසකු යැයි අප අසා ඇත. නමුත් ඉතාලියේ ලොකුම මාෆියා එක තියෙන්නේ සිසිලි දූපතේ නම් නොවේ. ඔබ රැකියාව කරන්න යන ගොඩනැගිල්ල ඇතුළෙයි.. හැබැයි ඉතාලිකාරයෝ නම් නොවෙයි. අහුවෙන්න එපා. ඉස්සෙල්ලා ඔතන හදන්න පටන්ගන්න. හදන්න ඕනේ ඔබට පහසුවෙන් ඉන්න නම් නොවෙයි. ඔබෙන් පසුව ඔබේ තනතුරට එන කෙනාට කොන්ද කෙලින් තියාගෙන හරියට රාජකාරිය කරන්නයි. වැඩ බැරි දාසලා, මාෆියා මාස්ටර්ලා ඔය ගේට්ටුවෙන් එළියට දමන්න. ඉතාලියේ උපන් තරුණ ජවයක් ඇති ලාංකික අය අදාල තනතුරු වලටත්, උගත් ලාංකික රාජ්‍ය සේවකයිනුත් ළංකර ගන්න. සන්නා කියූ විදියට වැඩකාරයෙක් වී ඔතන සුද්ද කරන්න. අපිට ඔබෙන් අවශ්‍ය සේවය එපමණයි. ඔබට සුබපතමි...!
පිටිගල මිලානෝ Saturday, 23 October 2021 01:31 PM
ජගත් වැල්ලවත්ත, ඔබ හොඳ මිනිසකු යැයි අප අසා ඇත. නමුත් ඉතාලියේ ලොකුම මාෆියා එක තියෙන්නේ සිසිලි දූපතේ නම් නොවේ. ඔබ රැකියාව කරන්න යන ගොඩනැගිල්ල ඇතුලෙයි... හැබැයි ඉතාලිකාරයින් නම් නොවෙයි. අහුවෙන්න එපා... ඉස්සෙල්ලා ඔතන හදන්න පටන්ගන්න... හදන්න ඕනේ ඔබට පහසුවෙන් ඉන්න නම් නෙවෙයි. ඔබෙන් පසුව ඔබේ තනතුරට එන කෙනාට කොන්ද කෙලින් තියාගෙන හරියට රාජකාරිය කරන්නයි. වැඩ බැරි දාසලා, මාෆියා මාස්ටර්ලා ඔය ගේට්ටුවෙන් එළියට දමන්න. ඉතාලියේ උපන් තරුණ ජවයක් ඇති ලාංකික අය අදාල තනතුරු වලටත්, උගත් ලාංකික රාජ්‍ය සේවකයිනුත් ළංකර ගන්න. සන්නා කියූ විදියට වැඩකාරයෙක් වී ඔතන සුද්ද කරන්න. අපිට ඔබෙන් අවශ්‍ය සේවය එපමණයි. ඔබට සුබ පතමි...!
ravin Saturday, 23 October 2021 01:58 PM
හෙංචයියලා පත්කිරීම නතරවන්නේ කවදාද?
පිටිගල මිලානෝ Saturday, 23 October 2021 02:34 PM
රවින් මොහු හොඳම සාටක හෙන්චයියෙක් තමයි.. නමුත් හොඳට රාජකාරී කළ කෙනෙක්... සුදුසුකම්ද සහිත කෙනෙක්. මට ආරංචි වුණා ඉතාලියේ මෝදෙනා සිටින ලාංකික කෝටිපති හිතවතා මොහු බැහැදැකීමට රෝමයට යන බවක්... තකට තක එකතු වී රාජකාරිය අමතක වුණොත් නම් මෙහෙ සිටින ලාංකිකයින් ඔබතුමාගේ මෑණියන්දෑව අමතනු නොඅනුමානය.
Lalith M Saturday, 23 October 2021 04:10 PM
ඇත්තටම විදේශ සේවයට විභාග තියලා උගත්තු ගන්නේ මොකටද? මේ වගේ දේශපාලන පිම්පියන් ඒවාට දානවා නම්... අන්තිමට රටේ අවශ්‍යතාව වෙනුවට යන කාලකන්නින්ගේ පුද්ගලික න්‍යාය වෙනුවට රටේ සල්ලි වියදම් කරනවා.
Gunawardhana Saturday, 23 October 2021 06:00 PM
මෙයා ඉංග්‍රීසි ටියුෂන් දෙනවලු ඉතාලිවල ඉන්න අයට....
ජනතාව Sunday, 24 October 2021 01:48 AM
කලින් කලට පත්වන තානාපති කාර්යාලවල සේවකයන්ටත් තමන් ජනතාවට සේවය කරන බව අමතක වෙනවා. ලාංකිකයො වැඩක් කරගන්න ආවම කාලය කා දැමීමට සහ ඉල්ලීමක් නොකර ඉන්නෙ කොහොමද කියල බලන අය බහුලයි. අතින් තානාපති සේවය ඉහළ තැනක ඉන්නෙත් ඔය දේශපාලුවන්ගෙ උඩගුකම සේවකයන්ටත් බෝවෙලා නිසයි. ලංකාවෙ මේ කට්ටියගෙ මෝඩ පාට් ගැන දින ගණන් කථා කලත් නිමක් වෙන්නෙ නැහැ. වරප්‍රසාද ගන්න ඉපදුණු වැඩ බැරි පන්දම් කාරයො නැත්තෙ ඉතා කිහිප දෙනෙකු කියල කිව හැකි තරමට මේ අය ඒගොල්ලන්ගෙ ප්‍රතිරූපය විනාශ කරගෙන තියෙන්නෙ.