X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 21 වන බ්‍රහස්පතින්දා


උඩුවේ හිමිට රට යන්න අවසර

උඩුවේ ධම්මාලෝක හිමියන්ට ආගමික වැඩසටහනක් සඳහා ඔක්තෝබර් 5 වැනිදා සිට 27 වැනිදා තෙක් ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද (5) අවසර දුන්නේය.

යළි ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔක්තෝබර් 28 වැනිදා විදේශ ගමන් බලපත්‍රය උසාවියට දෙන ලෙසද ධම්මාලෝක හිමියන්ට නියෝග කැරිණි.

අනවසරයෙන් අලි පැටවකු ළඟ තබාගත් බව කියන සිද්ධියකට සැකපිට ධම්මාලෝක හිමියෝ උසාවියෙන් ඇප ලබා සිටිති.

 

 



අදහස් (0)

උඩුවේ හිමිට රට යන්න අවසර

ටිකිරි Thursday, 06 October 2016 01:32 AM

බුද්ධ පුත්‍රයෙකුට මේ දේවල් අවශ්‍යද? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 06 October 2016 08:03 PM

ගිහි ජීවිතය අතහැර පැවිදි ජීවිතයට ඇතුලු වන්නේ සියලුම සම්පත් අලුයම ලූ කෙළපිඩක් සේ සළකා නේද? එසේනම් මන්ද මෙවන් භික්ෂූන් භෞතික සම්පත්, සමග ඇලී ගැටෙමින් වැඩවෙසෙන්නේ? මේනයින් බලන කල ගිහියා භික්ෂුවට වඩා හොඳයි. මන්ද ඔවුන් භෞතික සම්පත් භුක්ති විඳින ගමන්ම නිවන කරාත් යොමුවෙනවා. (නි)

:       0       0

උපුල් Thursday, 06 October 2016 04:00 AM

නිවන තියෙන්නේ ඇමෙරිකාවේද? බුදු හාමුදුරුවෝ කිවුවේ එහෙමද? නිවන හොයා යාම හෝ කම්සැප සොයා යාම හෝ දෙකෙන් එකක් තෝරාගන්න (නි)

:       0       0

සුසිල් Thursday, 06 October 2016 03:50 AM

ඇමෙරිකාවේ හාමුදුරුවරු කරන ධර්ම ප්‍රචාරයක් නැහැ. බුද්ධාගමට මෙහේ පන්සල් වලට වඩා විශ්ව විද්‍යාල වලින් වැඩක් කෙරෙනවා (නි)

:       0       0

සහන Thursday, 06 October 2016 03:17 AM

අනේ හාමුදුරුවනේ, රට යන සල්ලි ටික අපේ දුප්පත් පන්සල්වල ඉන්න ස්වාමින් වහන්සේලාට ලබාදී ඔවුන් වැඩසිටින පන්සල් දියුණු කරන්න දායක වෙන්න (නි)

:       0       0

චාමර Thursday, 06 October 2016 02:44 AM

එතුමන් වහන්සේලා ඉන්නේ සමාජයට අවවාද අනුශාසනා කරන්නද? බුදු දහම ඉගැන්වීමට සහ තමන්ගේම නිර්වාණය අවබෝධ කර ගන්නද? අපි ඔක්කොම ඉන්නේ හිර ගෙදරක තමා. සමාජය විසින් හිරගෙයක් කියලා හදාගෙන තියෙනවා නම්, එතනට ගිහින් ආ පුද්ගලයාගෙනුත් දෙයක් ඉගෙනගන්න (නි)

:       0       0

මාලක Thursday, 06 October 2016 01:45 AM

අප්පේ, මේ අයට තියෙන රට සවාරි? (නි)

:       0       0

ජයාත් Thursday, 06 October 2016 01:40 AM

අනේ ස්වාමිනි, ඔබවහන්සේ මෙහාට වඩින්න. ඇවිල්ලා මෙහෙම නවතින්න. (නි)

:       0       0

ලංකා Thursday, 06 October 2016 01:38 AM

මේක බුදුදහමටත් අපහාසයක් නේද? දේශපාලනය මොකටද හාමුදුරුවරුන්ට? (නි)

:       0       0

විද්‍යා Wednesday, 05 October 2016 02:15 PM

ඇමෙරිකාවට ගිහින් බොරු බණ කියන්න යන්න එපා. කියලා දෙන්න අහිංසක දරුවෙක් මවගෙන් වෙන් කරලා දම්වැල් වලින් ගහක බැඳලා ඉන්නකොට අම්මාටත් දරුවාටත් ඇතිවෙන දුක පිළිබඳව (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 06 October 2016 01:28 AM

හිරේ විලංගුවේ ඉන්නත් සිදුවුණ පුද්ගලයන් කොහොමද සමාජයට අවවාද අනුශාසනා ලබාදෙන්නේ කියන එක අපිට ගැටළුවක් (නි)

:       0       0

චාමර Thursday, 06 October 2016 01:28 AM

ලංකාවේ නීතියක් තියෙනවා කියලා පෙන්නන්න ඔබ වහන්සේට වෙච්ච කරදරය හොඳ අවස්ථාවක්. ලංකාවේ හැමතැනකම නීතිය ක්‍රියාත්මක වෙනවා කියා ලෝකයට පෙන්වන්න අවශ්‍යයි. එහෙන් මෙහෙන් ඇවිල්ලා රට බෙදන්න, ජ්‍යාත්‍යන්තර උසාවි ඇතිකරන්න කියලා කියන කට්ටියට උත්තර දෙන්න පුළුවන්වේවායි පතමි. (නි)

:       0       0

වින්සන්ට් පෙරේරා ලොස් ඇන්ජලිස් Wednesday, 05 October 2016 08:45 PM

ඔබවහන්සේ ඇමරිකාවට වඩින එක ගැන සතුටුයි. (නි)

:       0       0

චන්න Wednesday, 05 October 2016 05:44 PM

රට ගියාට කමක් නැහැ, දේශපාලනය ගැන නැතුව බුදු දහම ගැන කතා කරනවා නම් (නි)

:       0       0

නන්දසෝම Wednesday, 05 October 2016 04:47 PM

හාමුදුරුවරු මොකටද මෙහෙම විදේශගත වෙන්නේ (නි)

:       0       0

නිස්සංක වෙරදුව ලොස් ඇන්ජලිස් Wednesday, 05 October 2016 03:52 PM

ඔබවහන්සේ ගේ වැඩමකරවීම සසරබය දුරුකිරීම ට හේතු වේවා! (බ)

:       0       0

සිරි Wednesday, 05 October 2016 02:47 PM

අපි නම් අදාළ තැන්වලට දන්වලා තියෙන්නේ අවශ්‍ය සියල්ල. ලංකාවේ වගේ නෙමෙයි ඇමෙරිකාවේ නීතිය කාටත් එකසේ ක්‍රියාත්මක වෙනවා. අපි බලාගෙන ඉන්නේ මෙහෙට එනතුරු (නි)

:       0       0

නන්ද Wednesday, 05 October 2016 02:20 PM

ඔබවහන්සේ වැඩසිටින ඇමෙරිකාවේ ආරාමය අසළටත් අලිපැටවු ගෙනවිත් දමන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන අවධානයෙන් ඉන්න හාමුදුරුවනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site