තරිඳු ජයවර්ධන
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අනියුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් තිදෙනකු හදිසියේ වෙනත් කොට්ඨාසවලට ස්ථාන මාරු කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
උප පොලිස් පරීක්ෂකවරයකු , පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු එලෙස මරු කර ඇතැයි පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
එම පොලිස් නිලධාරීන් තිදෙනා හරි ආකාරව රාජකාරි කරන නිලධාරීන් බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සනාථ කර තිබිය දී මෙම මාරුවීම් සිදු කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් වාර්තාවක් කැඳවා ඇති අතර එම කොට්ඨාසය කොමිසමට ලිඛිතව දැනුම් දී ඇත්තේ එම නිලධාරීන් තිදෙනාගේ විනය ප්‍රශ්නයක් හෝ වෙනත් ගැටළුවක් නොමැති බවයි.
කෙසේ වෙතත් එම නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් ගැටලු රාශියක් ඇතැයි පොලිස්පතිවරයා දැනුම් දුන් බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. පොලිස්පතිවරයා ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය හරහා කඩිනමින් විමර්ශනයක් පවත්වන ලෙස කොමිසම පොලිසියට දැනුම් දුන් බව ද එම ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ එම නිලධාරීන් තිදෙනා මූල්‍ය අපරාධ විමර්ශනයට සුදුසු නොවීම හා සේවයේ අවශ්‍යතා මත ඔවුන්ට ස්ථාන මාරු ලබා දී ඇති බවයි.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එෆ්සීඅයිඩී නිලධාරීන් මාරු කිරීම ගැන කොමිසමෙන් විමර්ශන
ekanayake Saturday, 07 July 2018 07:50 AM
පොලිස් කොමිසම පොලිස්පතිවරයාගේ හිතුවක්කාරී වැඩ ගැන තදින් සිටිය යුතුයි.
L Saturday, 07 July 2018 10:47 AM
පොලිස්පතිවරයාට නිදහසේ වැඩකිරීමට ඉඩදිය යුතුයි. පොලිස් කොමිසමට ඉඩදිය යුතුයි. පොලිස්පතිවරයා සමග හැම තිස්සේම පැටලීමට නොගොස් සහයෝගයෙන් කටයුතු කළොත් ඉදිරියට යා හැකියි.
මංගලිකා ලේවැල්ල Sunday, 08 July 2018 02:08 AM
නැහැ... පොලිස්පති කොමිසමට ගරු කළ යුතුයි. එයා හිතාගෙන ඉන්නේ මහ ලොක්කෙක් කියලා. එයා නුවර පොලිසියේ රාලහාමි කෙනෙක්වෙලා හිටපු කාලය අපිට අමතක නැහැ.