X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


කොන්ද නොනමා ඇත්ත කතාකළ වනජීවී නිලධාරීහු

වනජීවි දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරිහු ඉකුත් 27 වැනිදා රටපුරා සංකේත වැඩ වර්ජනයක නියැලුණහ. ඒ වනජීවි හා වන සම්පත් රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක මහතා පොලොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ දී වනජීවි නිලධාරින්ට බැණ තර්ජනය කරන ලදැයි සඳහන් සිද්ධියට විරෝධය පාමිනි.

පොලොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය කලක පටන් අනවසර වගාකරුවන්ගේ පරාදීසයක් බවට පත්ව තිබී ඇති අතර වනජීවි දෙපාර්තමේන්තුව අධිකරණ නියෝගයක් මගින් එය වනජීවි දෙපාර්තමේන්තුවට පවරා ගෙන තිබේ. අප පුවත්පතට අනුව වනජීවි රාජ්‍ය ඇමතිවරයා වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග එහි නීරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති අතර එහිදී රාජ්‍ය ඇමතිවරයා නිලධාරින්ගෙන් ඉල්ලා තිබෙන්නේ එම ඉඩම් යළි වගාකරුවන්ට නිදහස් කර දෙන ලෙසය. එහිදී වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම ඉල්ලීමට එරෙහිව කරුණු ඉදිරිපත් කර ඇති අතර එය ‘‘වාග් සංග්‍රාමයක්’’ බවට පත්වී තිබේ. වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් ‘‘සර් මේකට ඉඩදෙන්න එපා. මේක ජාතික අපරාධයක්’’ යැයි පවසද්දී රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, ‘‘මම බබෙක්’’ නොවන බවය. මෙම සිද්ධියට අදාළ රූපරාමු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ද විකාශය කෙරිණි.

වනජීවි දෙපාර්තමේන්තුවේ එක් ප්‍රධාන කාර්යයක් වන්නේ මෙරට වනාන්තර පද්ධතිය ආරක්ෂා කිරීමය. ඒ විවිධ මැරයන්ගේ, සංවිධානාත්මක කල්ලි කණ්ඩායම්වල හා අන්තවාදීන්ගේ ‘‘පහසු බිලි’’ බවට මෙරට වනාන්තර පද්ධතිය පත්ව ඇති හෙයිනි. පොලොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය ද එබඳු පහසු බිල්ලක් බවට පත්ව තිබිණි.

1984 වසරේදී අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් රජය මෙම වනෝද්‍යානය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. එම ජාතික වනෝද්‍යානයට අයත් භූමිය අක්කර 43375 කි. එම භූමිය ජාතික වනෝද්‍යානයක් බවට පත් කළ ද අපරාධකරුවන්ගේ ග්‍රහණයෙන් මුදා ගත නොහැකි විය. එහෙයින් වනජීවී දෙපාර්තමේන්තුව එම අපරාධකරුවන්ට එරෙහිව 2015 වසරේ දී නඩු පැවරූ අතර පොලොන්නරුව මහාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් එම ජාතික වනෝද්‍යානය වනජීවි දෙපාර්තමේන්තුවට නැවත පවරා දුන්නේය. අප පුවත්පතට ප්‍රකාශයක් දෙමින් වන සත්ව අඩවි සහකාර වෘත්තිය සංගමයේ නියෝජිත ඩබ්ලිව්.එම්.කේ. විජේකෝන් මහතා ප්‍රකාශ කර තිබුණේ ඒ වනවිටත් වනෝද්‍යානයේ අක්කර පන්දහසක් පමණ විනාශ කර ඇති බවය.

විෂය බාර අමාත්‍යවරයාගේ වගකීම විය යුත්තේ තම අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු, අධිකාරි, සංස්ථාවල නිලධාරින්ගෙන් හා සේවකයන්ගෙන් අවශ්‍ය කටයුතු කරවා ගැනීමය. වනජීවි දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ වනාන්තර ආරක්ෂා කිරීම නම් අදාළ අමාත්‍යවරයා කළ යුත්තේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයමින් බාධක මැඬලමින් නිලධාරින් සේවකයන් දිරිමත් කිරීමය.

පොලොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය ජාවාරම්කරුවන්ගෙන් අපරාධකරුවන්ගෙන් මුදා ගැනීමේ මෙහෙයුම සුමට නොවීය. මන්ද යත් එම ජාවාරම්කරුවන්ට දේශපාලන බලයත් ආශිර්වාදයත් තිබේ. අවි ආයුධ ද තිබේ. මැර බලය තිබේ. ඔවුන් සමග ගැටෙන්නට යාම දින නියමයක් නැති මරණ සහතිකයක් ලියා සාක්කුවට දමා ගැනීමය. එහෙත් වනජීවි නිලධාරිහු දළ රළ පෙළක් සේ උස්ව නැඟෙමින් එම අපරාධකරුවන් සමග ගැටී ජාතිය සතු එම සම්පත රැක ගත්හ. එම නිලධාරීන්ට මුළු මහත් ජාතියේම ප්‍රමාණය ඉක්මවා ගිය ප්‍රණාමයත්, ප්‍රසාදයත් හිමි විය යුතුය. එහෙත් අප රටේ වනජීවි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ අධිකරණය මගින් අත්පත්කර ගත් රට සතු මහරු සම්පත අනවසර වගාකරුවන්ට මුදා හරින ලෙසය.

ජනතාවට ද වගා කිරීමට ඉඩම් අවශ්‍ය වේ. එහෙත් ඒ සඳහා ජාතික වනෝද්‍යාන තෝරා නොගත යුතුය. වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වනජීවි රාජ්‍ය ඇමැතිවරයාගේ මූණටම කී පරිදි එය ‘‘ජාතික අපරාධයකි.’’ එහෙත් රාජ්‍ය ඇමතිවරයා පවසන්නේ එම ජාතික අපරාධයට ඉඩ ලබා දෙන ලෙසය. වගාව සඳහා ජාතික වනෝද්‍යානයක්ම තෝරා ගැනීමේ යම් අරමුණු තිබේ. අවසර ඉල්ලා සිටින්නේ වගා කිරීමටය. ගවයන් මුදා හැරීමටය. එයට අවසර ලැබුණු පසු වනාන්තරය විනාශ කිරීම, සතුන් මැරීම, මත්පැන් පෙරීම ආදි සියලු අපරාධ සිදුවීමට පටන් ගනී. අහිංසක ගැමියන් ඉස්සරහට දමාගෙන ජාවාරම්කරුවන් ක්‍රියා කරන්නේ එසේය.

පාසල් නොගොස් උපාධිය ගත් බව කියන වනජීවි රාජ්‍ය අමාත්‍යවරයාට තව බොහෝ දේ ඉගෙන ගැනීමට තිබෙන සෙයකි. අවම වශයෙන් විල්පත්තු සංහාරයට අදාළව ලැබුණු නඩු තීන්දුව හෝ නැවත කියවා බලන ලෙස ඉල්ලා සිටීමට සිදු වන්නේ එහෙයිනි.

(***)



අදහස් (16)

කොන්ද නොනමා ඇත්ත කතාකළ වනජීවී නිලධාරීහු

Nuwan Monday, 30 November 2020 09:42 AM

නූගත් මිනිස්සු සබේට යැව්වාම මේවට වඩා මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්...?

:       0       66

චමින්දWednesday, 02 December 2020 10:15 AM

මෙහිදී එම ඇමතියා කියපු කිසිවක් මට නම් තේරුනේ නැහැ. මට කියන්න තියෙන්නේ යම් රජයක් යම් නීතියක් පනවා ඇත්නම් එය රැකීම අදාල නිලධාරීන්ගේ වගකීමයි. මෙම නිලධාරීන් කලේ එම නීතිය රැකීමයි. ඇමතිට මොලයක් තිබුණා නම් මිනිසුන්ගේ ඉල්ලීම ලැබුණාම කරන්න තිබුනේ එම නීතිය සංශෝධනය කරලා ජනතාවගේ ඉල්ලීම් ඉටුකරදීම මිස මෝඩකම ප්‍රදර්ශනය කිරීම නොවෙයි...

:       0       6

කපිල Monday, 30 November 2020 11:51 AM

ජනාධිපතිතුමා මේ ඇමතිවරයා හැසිරුණු ආකාරය මාධ්‍යවලින්වත් දුටුවද මන්දා? මේ වගේ ඇමතිවරු තව දුරටත් තියාගෙන හිටියොත් ජනාධිපතිතුමාටත් දෙයියන්ගේ පිහිටයි.

:       1       56

fairoosMonday, 30 November 2020 01:29 PM

ජනාධිපතිතුමා පත්තර බලලා නැතිව ඇති. ඔක්කොම එකවල්ලේ පොල්...

:       1       52

NuwanTuesday, 01 December 2020 04:43 AM

හා හා පැනික් වෙන්න එපා... මේවට එතුමා ගාව ටූල්ස් තියෙනවා.

:       0       13

anaTuesday, 01 December 2020 07:39 AM

කළමනාකරණයේදී කියවෙන බර වචනයි, විවිධ විශේෂඥයින්ගෙන් අහුලගන්න වචනයි මාධ්‍යයේ කියනවා හැර ඇති වැඩක් නැහැ....

:       0       4

Nisha Monday, 30 November 2020 12:58 PM

පරිසරය ගැන කතා කරලා අපිත් හිරේ හිටියා. පොලොන්නරුව විනාශ කරලා ඉවරයි. ගොඩක් රජයේ නිලධාරීන් තමයි වන විනාශ කරලා ඉඩම් අරන් තියෙන්නේ.

:       0       31

sampath Monday, 30 November 2020 02:24 PM

ඇමැතිවරුන් සඳහා වෙනම ඡන්දයක් තියන්න ඕනෑ. මොකද ප්‍රෙද්ශයකින් මිනිස්සු රවට්ටන් ඇවිත් ඇමැති කමක් ගත්තාම රටටම බලපාන නිසා එක්කෝ ඇමැතිවරු කළින් නම් කරන්න ඕනේ ජාතික ලැයිස්තුව වගේ... නැතිනම් ඇමැතිවරු තෝරන්න වෙනම ඡන්දයක් තියන්න ඕනේ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනාවා නම් මේ කරුණ ගැන වැඩි අවධානයක් ගන්න ඕනෑ.

:       0       4

අප්පුහාමිThursday, 03 December 2020 02:42 AM

කාලෝචිතම අදහසක් කියන්න පුළුවන්.ඇමැතිවරු හෝ වරියන් පත්කිරීමේදී මැතිවරයේදී ලැබූ ඡන්ද ගණන දිස්ත්‍රික්කයේ ලැබූ ඡන්ද නොව ලියාපදිංචි ඡන්දවලින් අවම වශයෙන් 15% ක් වත් ගත්ත අයෙක් පමණක් ඇමැතිවරු ලෙසට පත්කිරීම කළ යුතු බවට අලුතින් සකසනවා කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත්කිරීම සුදුසුයි.

:       0       0

9lakshaya Monday, 30 November 2020 06:28 PM

අපිට ඕනෑ මේ වගේ දක්ෂ, උගත්, බුද්ධිමත් ඇමැතිවරු. මේ නූගත් 8 පාස් නැති නිලධාරීන්ගෙන් රටට වැඩක් නැහැ.

:       2       0

Demuni Uduwara Monday, 30 November 2020 06:28 PM

ජනපති, අගමැති සහ අනෙක් සියලුම අයත් එකම තමයි.

:       0       5

සේනානායක Tuesday, 01 December 2020 04:09 AM

මේ වගේ කතු වැකියක් ලියන්න තරම් හොද කොන්දක් තිබුන මේ කතුවරයාට මගේ ප්‍රණාමය...

:       0       12

Raveendra Tuesday, 01 December 2020 05:36 AM

කතුවැකියේ සඳහන් කරුණු කාරණා පිළාබඳව අප සතුටු වන්නෙමු. ඇත්තෙන්ම සෑම විනාශයක් පිටුපසම සිටින්නේ දේශපාලුවන් වන අතර ඒ සඳහා සෑම අතින්ම දායක වන්නේ නිලධාරීන් යයි කියන මලපෙරේතයින් නොවේද? එනමුත් අවංකව තමා සේවය කරන රජයේ නිලධාරින් නැතුවාම නොවේ. එවන් වැදගත් නිලධාරීන්ට යහපතක්ම වේවා...!!!

:       0       8

ana Tuesday, 01 December 2020 07:35 AM

ගූගල් මැප් එකේ බැලුවා මේ ගමට දෙහිඅත්තකණ්ඩියේ සිට හොඳ පාරක් තියෙනවා...

:       0       5

sarath perth Tuesday, 01 December 2020 10:44 AM

ඇමති තොත්ත බබෙක් නොවී අලුගුත්තේරුවෙක් තමන්ගේ බලයට නිලධාරීන් යට කරගන්න හදන කෙනෙක්..

:       0       5

මෝ Tuesday, 01 December 2020 04:03 PM

ජනාධිපතිතුමනි, ජනාධිපතිවරණයේදී ඔබ අපිට කිව්වේ 20/20 මැච් එකක් ගසා රට දිනවන බවයි. ඔබතුමා දැන් ගහන්නේ ටෙස්ට් මැච් එකක්. බලන්නත් කම්මැලියි. පේන විදියට ඔබතුමා මැච් එක පරදින සයිස් එකක් තමයි පේන්නෙ. ඔන්න හේතු. අපි කියන්න ඕනෙ නෑ. මේ ගොබ්බ නූගත් මැති ඇමතිලා ඉන්න තුරු ඔබතුමාගේ ගමන බොරු. කොටින්ම අයියත් එක්ක බෑ සර්...

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site