X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


කෝටි දෙක හමාරක හාල් පැන්නුවේ කොහොමද?

රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනාකමකින් යුත් කිලෝ 50 සහල් මිටි 8,327 ක් අතුරුදන් කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ සතොස ඔරුගොඩවත්ත ගබඩාවේ ගබඩා පාලකවරුන් දෙදෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද‌ා ජයසූරිය මහත්මිය නියෝග කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්ද‌ා වාර්තා කළේය.

සොරකම සහ වංචාව රාජකාරියේම කොටසක් ලෙස ඇතැමකු හඳුනාගෙන ඇති සෙයකි. මහ පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නියැලුණු බවට චෝදනා ලැබ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේම නිලධාරීහු පිරිසක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටිති. මත්ද්‍රව්‍යවලට මෙන්ම පාතාලයට  සම්බන්ධව කටයුතු කළ බවට චෝදනා ලබන බන්ධනාගාර නිලධාරීහු ද හිරේ විලංගුවේ වැටෙති. සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙන්ම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඇතැමුන්ට ද මත්ද්‍රව්‍ය චෝදනා එල්ල විය. මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමක නියැලුණු පොලිස් කොස්තාපල්වරයකු හොර රහසේ පැනගොස් සැඟවී සිටිය දී පොලිස් අත්අඩංගුවට පත් වූයේ ඉන්දියාවේ දීය. රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනාකමකින් යුත් කිලෝ 50 සහල් මිටි  8,327 ක් අතුරුදන් කළ බවට චෝදනා එල්ල වී තිබෙන්නේ සතොස ගබඩා පාලකවරුන් දෙදෙනකුටමය.

 අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ රජයේ වියදමින් මෙරටට ආනයනය කරන කන්ටේනර් ඔරුගොඩවත්ත සතොස ගබඩාවට නොයවා ‘කළුකඩ’ වලට විකුණූ බව කියන මහා පරිමාණ සහල් වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරික්ෂණයක් අරඹා ඇති බවය.

ප්‍රති අපනයනය සඳහා රජයේ තීරුබදු ගාස්තුවලින් නිදහස්ව මෙරටට ආනයනය කළ විස්කි ඇතුළු විදේශ මත්පැන් ලීටර් 11,257 ක් සහිත කන්ටේනරයක තිබූ මත්පැන් බෝතල් ඉවත් කර ඒ වෙනුවට දමා තිබූ පානීය ජල බෝතල් 17,685 ක් සහිත පෙට්ටි 1,179 ක් රේගු නිවාරණ අංශය සොයාගත් බව සඳහන් පුවතක් ද අප පුවත්පත වාර්තා කළේය.

හාල්-ගල් කරන, විස්කි වතුර කරන සූත්‍රය කුමක්දැයි අපි නොදනිමු. එහෙත් මෙම ප්‍රවෘත්ති කියවන ඕනෑම අයකුට මෙම රාජ්‍ය ආයතන ‘හොර ගුහා’ බවට පත් වී ඇති බව තේරුම් ගැනීමට අසීරු නැත. හොරු ඇල්ලීමට සිටින පොලිසියත්, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතනවලට අද‌ාළව මෑත කාලයේ නැගුණු චෝදනාවලින් මෙම ආයතන තුළ හොරකම හා ජාවාරම් මහා පරිමාණයෙන් සිදුවන බවට ඉඟි ලැබේ. රාජ්‍ය ආයතන මෙයාකාරයෙන් දූෂිත වීම, හොර ගුහා බවට පත්වීම කිසි ලෙසකින් හෝ සුළුකොට තැකිය යුතු නැත. මෙමගින් රට සම්බන්ධයෙන් නැගෙන පොදු චිත්‍රය ‘චෞර රාජ්‍යයක්’ බවය. සාටෝපවත් වාගාඩම්බරයන්ගෙන් වර්ණනා කෙරෙන රටෙහි අභිමානයට මෙම තත්ත්වය කිසිලෙසකින් හෝ යහපත් නැත.

මෙම නිල දරුවෝ නොදරුවෝ නොවෙති. දැන උගත්කම්වලින් පිරිපුන් අය වෙති. තරග විභාග ආදියෙන් මෙන්ම සම්මුඛ පරීක්ෂණ ආදියෙන් සමත්ව නිලතලවලට පත්වූවෝ වෙති. ඒ අර්ථයෙන් ගත් කල්හි මෙම නිල දරුවෝ සම්භාවනීය පුරවැසියෝ වෙති. එවන් සම්භාවනීය පුරවැසියන් චෞර කප්පිත්තන් බවට පත්වූයේ කෙසේ ද? නියත අවධානය යොමුවිය යුත්තේ ඒ සම්බන්ධයෙනි.

සොරකම් කිරීමට ඉඩ පහසුකම් ඇති, ඒ සඳහා පොළඹවන සුළු පරිසරයක යමකු සොරකමට පෙළඹීම ස්වභාවිකය. එහෙයින් පළමුවෙන් කළ යුතු වන්නේ හොරකම් කිරීමට නොහැකි පරිසරයක් නිර්මාණය වීමය. රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනාකමකින් යුත් කිලෝ 50 සහල් මිටි 8,327 ක් අතුරුදන් කර ඇත. මෙම හාල් මිටි ‘ගිනිපෙට්ටි’ නොවේ. එසේ නම් මේවා අතුරුදන් කළේ කෙසේද? කන්ටේනරයක විස්කි බෝතල් පන්නා වතුර බෝතල් දමා යෑමට හැකි නම් එම පරිසරය තුළ ඇති ආරක්ෂාව කුමක්ද? මේවා
‘පික්පොකට්’ ගැසීම් නොවේ. කී දෙනකුගේ ඇස් වසා මෙම සොරකම් කළ යුතු ද යන්න තේරුම් ගැනීම අසීරු නැත.

‘හිරි ඔතප්’ යනුවෙන් දෙවදනක් තිබේ. එයින් කියැවෙන්නේ ලජ්ජාව සහ භය ය. නිරෝගිමත් මනසක් සහිත මිනිසත් බවින් පිරිපුන් මිනිසකු බිහිවන්නේ ලජ්ජා - භය අවශ්‍ය ප්‍රමාණයට වැඩිදියුණු කරගත් විටය. ලැජ්ජාව හා භය තුරන් වූ කල්හි කළ නොහැකි අපරාධයක් නැත. කළ නොහැකි සොරකමක් නැත. එහෙයින් මෙම නිලධාරීන්ගේ ලැජ්ජාව සහ භය තිබේදැයි වෙනම පරික්ෂණයක් කළ යුතුය. මන්දයත් ලජ්ජා - භය නොමැති පුද්ගලයන් බන්ධනාගාරගත කළ ද එහිදී ද හොරකම් හා ජාවාරම් කිරීමට ඉඩ ඇති හෙයිනි.


(***)



අදහස් (5)

කෝටි දෙක හමාරක හාල් පැන්නුවේ කොහොමද?

Ķule Tuesday, 06 October 2020 07:45 AM

උගත්, බුද්ධිමත් හොඳ පවුල් පරිසරයකින් පැවත එන එකා කරන හොරකමත්, නීතිවිරෝධීව කුඩු ගෙන්නන එකාත්, විකුණන කුඩ්ඩාත් එකම තලයේ මිනිසුන්ය.

:       0       14

Kmal Koyrala Tuesday, 06 October 2020 08:05 AM

කතුතුමනි, මහකකුලුවෝ ඇදේට යන ගමන් පොඩි කකුලුවන්ට කෙළින් යන්න කියන්න බැහැ. සියලු ජාවාරම්වලට 30% පුරුදු කරපු එකයි.. කවුරුත් බය නැත්තේ රජයේ ආයතනයකින් දූෂණයකින් තොර සේවයක් ලබාගන්නවා කියන්නේ නොමළ ගෙයකින් අබ ඇටයක් ඉල්ලනවා වගේ. මේවා කෙළවර රටේ හාල් ජනාධිපති ඉන්නවා. දැන් සම්බා නැත්තේ ඒකනේ.

:       0       16

rihan Tuesday, 06 October 2020 08:15 AM

ලොව දියුණුයි. මිනිසා තිරිසනාට වඩා අන්ත තත්වයට පත්වී ඇත. කොයි ආගමේ සිටියත් තමා දැහැමි විය යුතුයි.

:       0       11

බිංකුන්ඩා Tuesday, 06 October 2020 08:31 AM

විගණනය අධෛර්යමත් කරන, එය දුෂ්ට දෙයක් ලෙස දකින, රාජ්‍ය අංශයේ වංචා, දූෂණ අවම කිරීමට අත්‍යාවශ්‍ය ස්වාධීන කොමිෂන් සභා යනු රටට හානිකර දෙයක් ලෙස දකින, එක් පුද්ගලයකු අත බලය විශාල ලෙස එක්රැස්වීම දූෂිත පාලනයකට පාරකපන බව නොදකින පාලක පිරිසක් සහ එම දැක්ම සහ මතය අනුමත කරන බහුතර ජනතාවක් සිටින රටක් කොහොමද රාජ්‍ය අංශය අල්ලස්, දූෂණ සහ වංචාවන්ගෙන් තොර වීමක් ගැන සිහින දකින්නේ?

:       3       24

Nandalal DE SILVA - France Tuesday, 06 October 2020 10:46 AM

රටේ සහල් හිඟයක් පවතින කාලයට ජනතාව කුසගින්නේ නොතබා... ඔවුන් පෝෂණය කිරීම සඳහා මේ සහල් තොගය ආරක්ෂිත ස්ථානයක ගබඩා කරන්න ඇති මේ දේශප්‍රේමීන් විසින් ...!!! තව ටික දිනක් යනකොට ඔවුන් අත්අඩංගුවට ගැනීමේ තහනම් නියෝගයක් ඉල්ලා මහාධිකරණයට එන්නත් පුළුවන්... රටටම අබ සරණයි.!!! 

:       1       21

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site