X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ගායන ශිල්පිනියගේ ඝාතනයට සැමියා අත්අඩංගුවට

 

බිමල් ශ්‍යාමන් ජයසිංහ

ගායන ශිල්පිනියක වන ප්‍රියානි ජයසිංහ කතුරකින්  ඇන ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා පානදුර දුම්රිය ස්ථානය අසලදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පානදුර - කුඩාඅරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ඇය ඊයේ (8)  රාත්‍රීයේ දී සැමියා විසින් ඝාතනය කර ඇති බව මුලික පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.

 

 

 



අදහස් (17)

ගායන ශිල්පිනියගේ ඝාතනයට සැමියා අත්අඩංගුවට

Hafeel Monday, 09 July 2018 07:16 AM

දිනපතාම අපිට අහන්න ලැබෙන්නේ මිනිස් ඝාතන, ළමා අපචාර, දූෂණ, වංචා... මේවා අද සුළු සිද්ධි බවට පත්වෙලා. විශාල මුදල් ප්‍රමාණය පොලිස් දෙපාර්තමේන්තුවටත්, අධිකරණ අංශයටත්, නීතිපති දෙපාර්තමේන්තුවටත් වෙන්කරනවා. මේකත් පාලකයින්ගේ සාක්කුවෙන් වෙන්කරන මුදල් නොවේ. දුප්පත් ජනයාගේ බදු මුදල්... ප්‍රධාන පක්ෂ තුනම මේවා පාලනය කරන්න තවමත් අසමත්...

:       5       109

kalani Monday, 09 July 2018 08:05 AM

සැබවින්ම මේ අපරාධ රැල්ල මර්ධනය කළ නොහැකිද? පක්ෂ දේශපාලනය ගැන සිතන පාලකයිනි. අවදිවෙන්න. මේ අපරාධකාරයින්ගේ හෝරාවයි. අපේ දරුවන්ගේ මාවතේ අපරාධකාරයෝ, තක්කඩි හොරු සහ වංචාකාරයෝ කඳවුරු බදාගෙන සිටිති.

:       13       53

sanjeeva Monday, 09 July 2018 09:17 AM

අපි තව දන්දෙමු, මුළු රටටම ඇහෙන්න පිරිත් දාමු (හන්දියක් හන්දියක් ගානේ). හැම මාස් පෝයටම දන්සැල් පවත්වමු. බෝධීන් වහන්සේව කිරි සහ පැන්වලින් නාවමු. සෑයක් වැහෙන්න ආහාර, පලතුරු, අටපිරිකර පූජාවන් පවත්වමු. ව්‍යංජන 108 සහ හෙළ ඔසු වර්ග 108 සහිත බුද්ධ පූජා පවත්වමු. බෝධිය වටා රන් වැටවල් හදමු. පූජාභූමි තව තවත් වැඩි කරමු.

:       348       810

RoshanMonday, 09 July 2018 11:01 AM

දවසට පස් වතාවක් ආගම අදහන රටවල කොච්චර මිනී මරා ගන්නවද? අපරාද වලින් සීයට අනූවක් කරද්දි අපරාද කාරය බීල ඉන්නේ. යාපනයෙත් අපරාද වැඩිවෙන්න ප්‍රධාන හේතුව මත්වතුර... හැමදේටම ආගම ගාව ගන්න එක මානසික රෝගයක්...

:       206       42

විමලාවතී Monday, 09 July 2018 01:15 PM

රොෂාන් මහත්මයා නිවැරදියි. හැමදේටම ආගම ගාවා ගන්න එක මානසික රෝගයක්. බණ කිව්වට මිනිස්සු බණ පිළිපදින්නේ නැත්නම් හාමුදුරුවෝ මොනවා කරන්නද? ආගම පළි නෑ ඒකට.... ආණ්ඩුවේ වගකීම තමයි අපරාධ මැඩලීම සහ නීතිය තදින් ක්‍රියාත්මක කිරීම.

:       206       101

isurandi Monday, 09 July 2018 09:34 AM

ක්ෂණික කෝපය, ආශාව නිසා අද සමාජය කොච්චර දුරට පිරිහිලාද?

:       8       17

යහම්පත් නලීන් Monday, 09 July 2018 10:00 AM

රටක පාලකයන් යම් සේද, පාලනය ජනතාවද එසේමය... පාලකයන් මිනීමරුවන්, තක්කඩියන්, හොරුන්, වංචාකරුවන්, මැරයන්, කුඩු මුදලාලිලා, කසිප්පු කාරයන් වනවිට, රටේ ජනතාවද එසේම වෙනවා. පාලකයින් ජනතාවට ආදර්ශයක් වනසේ පාලනය කරනවා නම්, මෙසේ සිදුවන්නේ නැහැ.

:       8       185

senaMonday, 09 July 2018 12:35 PM

මේ කියන විදිහට අඟහරු ලෝකෙන් පාලකයෝ ගෙන්න වේවි. මොකද මේ ලෝකේ පුරාම මෙවැනි දේවල් වෙනවානේ

:       22       8

බණ්ඩාර -(කැකිරාව) Monday, 09 July 2018 10:18 AM

"ලිච්ඡවි පාලනය තමයි මේවාට මූල බීජය". අරාබි කරයේ තියෙන "ෂරියා නීතිය" ලංකාවේත් ස්ථාපිත කළොත් මිනීමැරුම්, වංචා -දුෂණ වලට සදහටම තිත තැබිය හැකියි.

:       102       89

kalani Monday, 09 July 2018 10:22 AM

සංජීව, අපේ ජිවිතයේ දාර්ශනික සහ සාමාන්‍ය ජීවිතය නම් කොටස් දෙකක් ඈත. එහෙත් මේ දෙක සම්බන්ධ කරන පාලමක් නැත. එදිනෙදා ගතකරන පව්කාර ජීවිතය සහ ඔබ සඳහන් කළ ලැයිස්තුවම අපේක්ෂිත උසස් ජීවිතයක් වෙත අප කැඳවාගෙන නොයයි. ආගම යනු ළමයෙකුගේ සෙල්ලම් බඩුවකි. සත්‍යය යටපත් කරමින් අවිද්‍යාව හඳුන්වා දෙන යතිවරුන්ගේ විශේෂ ආකෘති ඇතුළත අප කොටුකර තිබෙන සමාජ පහසුකම්ය. මේ කෘතීම භෞතික සංස්කෘතිය වැළඳගත් සමාජය උත්තර මානව සංකල්පය ප්‍රතික්ෂේප කරමින් සිටියි. ආදරය වේවා, රාගය වේවා, වෙනත් යමක් වේවා මිනිස් ජීවිතයකින් පලිගන්න කෝපයක් නේද...?

:       1       9

ranjani Monday, 09 July 2018 11:00 AM

රටේ පාලකයින් පඹයින් වුණාම කුමන කතාද?

:       0       30

rocky Monday, 09 July 2018 12:25 PM

රන්ජනී ළමයෝ, රටේ පාලකයන් තෝරා ගන්නේ ඡන්ද බලය තියන අයගේ ඡන්දෙන් නේද? ඒ අයත් හොරු, මේ අයත් හොරු, බැලු බැලු පැත්තේ හොරු. මේ අපරාධ රැල්ල මර්ධනය කරන්නේ කොහොමද..? පුරුෂයා බිරිඳව මරනවා, පුත්තු තාත්තව මරනවා, තාත්තා දුවට අඩන්තේට්ටම් කරනවා, හාමුදුරුවෝ සාමනේරයින්ට අඩන්තේට්ටම් කරනවා. මේවා නතර කරන්න හැම ගෙදරකම පොලිසියක් දාන්න වේවි! මේ රටේ ඉන්න අයට දැන් කිසිම චාරයක් නැහැ. අපි දැන් බුද්ධාගම කියලා අදහන්නෙත් අමුතුම විදිහට මොඩිෆයි කරපු ආගමක්. එ්කේ විදිහටවත් යහපතක් වෙන්න හැම ගෙදරකටම බෝධියකුයි, වෙහෙරකුයි තවත් ඕනෑ නම් හාමුදුරු කෙනෙකුයි ලබා දෙමු. හැම ඉඩමකම වෙහෙරක් සහ අසූඅටරියන් බුදු පිළිමයක් හදමු. අහන අයගේ කන් බිහිරි වෙන්න පුළුවන් තරම් හයියෙන් බණ සහ පිරිත් දේශනා දමමු. භාවනා පුහුණුකර සෝවාන් වැනි විභාග පවත්වා සහතික දෙමු.

:       0       21

saman perera Monday, 09 July 2018 01:18 PM

මේක පාලනයේ වැරැද්ද නෙවේ... මිනිසුන් පිරිහිලා ... ගුණ දම් ඈත් වෙලා.. මතට ලොල් වෙලා...

:       55       59

sanjeeva Tuesday, 10 July 2018 06:59 AM

නැහැ ඉතින් මම කිව්වේ අපිමනේ කියන්නේ ලෝකේ උතුම් රට ලංකාවයි කියලා. පිරිසිදු නිර්මල බුදු දහම, ථෙරවාදී බුද්ධාගම තියෙන්නේ සිරි ලංකාවේ කියලා.

:       0       0

කුසල් Tuesday, 10 July 2018 03:12 PM

රට හදන්න පුළුවන් මිනිස්සුන්ට මිසක් දේශපාලකයන්ට නෙවේ. මොකද ආගමත් දෙවියනුත් දේසපාළුවනුත් තනන්නේ මිනිසුන් වන නිසා.

:       0       0

pissa Wednesday, 11 July 2018 02:48 PM

සමාජය දියුණුවේ රහස. හැම දෙමාපියකටම තමන්ගේ දරුවන්ට කියන්න ගොඩක් හොද දේවල් තියනවා තමන්ගේ කාලේ තිබිච්ච. දියුණුවෙන තරමටම පරිහානියට පත්වෙලා. මම කියන දේ ඉස්මතු වෙලා අපි කියනවට වඩා. සල්ලි, බලය, තණ්හාව ඉස්මතු වෙලා.

:       0       0

pissa Wednesday, 11 July 2018 02:50 PM

ආගමක් පිළිනොපැද්දට කිසිම බාධාවක් කාගෙන්වත් නැහැ. රටේ පවතින නීතිය හරියට ක්‍රියාත්මක කරනවානම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site