( දිල්රුක්ෂි ග්‍රේරු )
ගුවන් යානා ඉන්ධන සඳහා ගෙවීමට ඇති ණය මුදල් කොටස් ලෙස ලංකා ඛනිජතෙල් නීතීගත සංස්ථාවට ගෙවීමට ශ්‍රී ලංකා ගුවන් සමාගම එකඟතාව පළ කර තිබේ.
ගුවන්යානා වෙනුවෙන් ගෙවීමට ඇති ඩොලර් මිලියන 87.5ක හෙවත් රුපියල් බිලියන 13.45ක ණය මුදලින් පළමුව අමෙරිකානු ඩොලර් මිලියන 05ක් හෙවත් රුපියල් මිලියන 800ක මුදලක් ඉදිරි සතිය තුළදී ගෙවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට එකඟ වී තිබේ.
එමෙන්ම ඉතිරි ණය මුදල පියවීම සඳහා පෞද්ගලික බැංකුවකින් ණය මුදලක් ලබා ගැනීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ඉදිරියේදී ලබා ගැනීමට කටයුතු කරන බවටද එකඟ වී ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය අතර පැවැති සාකච්ඡාවකින් පසු මෙම එකඟතාවට පැමිණ තිබේ.
රාජ්‍ය ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගමට ගුවන්යානා ඉන්ධන ඉදිරියටත් අඛණ්ඩව සැපයීමට මෙමගින් තීරණය කළ බවද ඛනිජතෙල් නීතීගත සංස්ථාව සඳහන් කළේය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගුවන් යානා ඉන්ධන සඳහා ගෙවිය යුතු ණය මුදල් කොටස් ලෙස ගෙවීමට එකඟතාවක්