චීන රජයේ දරදඬු 'කොවිඩ්' නීතිරීති එසේත් නැතිනම් සෞඛ්‍ය සීමාවලට එරෙහිව එරට නගර රැසක විරෝධතා ආරම්භ වී ඇත.
ඉකුත් සෙනසුරාදා චීන ජාතිකයන් සිය ගණනකින් ආරම්භ වූ විරෝධතා මේ වන විට දහස් ගණනක් දක්වා වර්ධනය වී ඇතැයි පැවසෙයි.
විරෝධතා පවත්වන ඇතැම් ස්ථාන වල මාර්ග බාධක පනවා ඇති බවත් විරෝධතාවලට සහභාගී වූ විරෝධතාකරුවන් කිහිපදෙනෙකු චීන පොලිසිය රැඳවුම් බාරයට ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.චීනයේ පැවැත්වෙන විරෝධතා හේතුවෙන් ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සියයට 3 කින් පමණ පහත වැටුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.
පසුගිය දා ෂිංජියැං පළාතේ මහල් නිවාස ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 10 දෙනකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම, එම විරෝධතා ආරම්භ වීමට හේතුවක් වූ බව පැවැසෙයි.
ෂැංග්හායි නගරය, බෙයිජීං නගරය ඇතුළු චීනයේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වෙන අතර චීන විශ්ව විද්‍යාල කිහිපයකද විරෝධතා පැවැත්වේ.එහිදී චීන කොමියුනිස්ට් පක්ෂ රජයට සහ ජනාධිපති ෂී ජින්පින්ට බලයෙන් ඉවත්වන ලෙස විරෝධතාකරුවන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.
විරෝධතා සඳහා විශ්ව විද්‍යාල සිසුන් සහ ආචාර්යවරුන් ද එක් වී සිටින බව පැවැසෙයි.
චීන රජයට සහ ජනාධිපතිවරයාට එරෙහිව මේ ආකාරයට විරෝධතා පැවැත්වීම ඉතා දුර්ලභ සිදුවීමක් බව විදෙස් මාධ්‍ය පැහැදිලි කර තිබේ.
'කොවිඩ් 19' වයිරය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. ඒ, 2019 වසර අවසානයේය. 2020 වසරේ මුල් මාස කීපයේ චීනය දරුණු ලෙස වයිරසයෙන් බැට කෑවේය. ඉන්පසු 'කොවිඩ් 19' ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත් විය.
ආරම්භයේ පටන් චීන සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව, චීන රජය දැඩි නීති පනවමින් වයිරස ව්‍යාප්තිය පාලනය කරයි. ආසාදිතයකු හමුවුණු සැණින්, පළාත් සහ නගර මුළුමනින්ම ලොක්ඩවුන් කර සියලු ආසාදිතයන් හඳුනා ගැනීම සහ ඔවුන් වෙන් කිරීම සිදු කරයි.
විරෝධතා පිටුපස බාහිර බලවේගයක් තිබෙන බව චීන රජය චෝදනා කර ඇත.
034
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චීන රජයේ ’කොවිඩ්’ නීතිවලට ජනතාවගෙන් විරෝධතා